අවශ්‍ය දේවල්:
බ්ලෙන්ඩර් කර ගන්න මිශ්‍රණයට අවශ්‍ය දේවල්:
- ලොකු තක්කාලි ගෙඩි 1
- රට ලූණු ගෙඩි 1
- සුදුලූණු බික් 3 - 4ක්
- අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
- අමු මිරිස් කරල 3 - 4ක්
- කොත්තමල්ලි කොළ මිටක් පමණ
- කරපිංචා
- පොඩි ලෙමන් පොතු කෑල්ලක් (කැමති නම් පමණක්)
- ලුණු (රස අනුව)
බිරියානි එකට අවශ්‍ය දේවල්:
- තෙල් මේස හැදි 3 - 4ක්
- බිරියානි පවුඩර් (Biriyani Powder) මේස හැදි 1 ½ - 2ක් පමණ
- හීනියට කපා ගත්ත බටන් හතු (Button Mushroom) 200g
- බාස්මතී සහල් 200g
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම බ්ලෙන්ඩර් කර ගන්න මිශ්‍රණයට අවශ්‍ය දේවල් ටික අරන් හොදට සෝදලා බ්ලෙන්ඩර එකට දා ගෙන බ්ලෙන්ඩර් කරන් පේස්ට් එකක් හදා ගන්න. (වතුර එකතු කරන්න එපා.)
- පස්සේ හාල් ටික හොදට හොදලා වතුර ටික පෙරලා පැත්තකින් තියන්න.
- දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙනකන් තියන්න.
- තෙල් රත් වුණාට පස්සේ බ්ලෙන්ඩර් කර ගත්ත මිශ්‍රණය දා ගෙන පියනකින් එහෙම වහලා ටිකක් උකු වෙනකන් උයා ගන්න.
- ඊට පස්සේ ඒකටම කපා ගත්ත හතු ටිකයි, බිරියානි පවුඩර් ටිකයි දා ගෙන හොදට කලවම් කරන්න.
- පස්සේ ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා විනාඩි 5ක් විතර හැදි ගාන ගමන් උයන්න. (අඩිය අල්ලන්න පුළුවන් නිසා සැළකිල්ලෙන් ඉන්න.)
- හතු ටික තැම්බිලා දුඹුරු පාට වී ගෙන එනකොට ඒකටම හෝදපු හාල් ටික දාලා හොදට කලවම් කරන්න.
- දැන් වතුර 400ml ක් වගේ දාලා පියනකින් එහෙම වහ ගෙන වතුර නටන කන් වැඩි ගින්දරේ උයා ගන්න.
- ඊළඟට ගින්දර අඩු කරන් බත ඉදෙනකන් උයන්න ඕනේ.
- බත හොදට ඉදුනට පස්සේ පියන ඇරලා අඩු ගින්දරේ වතුර ගතිය වේලිලා යනකන් උයා ගෙන උණුවෙන්ම රස බලන්න.
වැදගත්:
- මේ ප්‍රමාණ වලින් අරන් එක් කෙනෙක්ට වගේ අවශ්‍ය ගානට බිරියානි හදා ගන්න පුළුවන්.
- බත් බෙරි වෙන්න උයා ගන්න එපා. බත හරි ගානට ඉදුනට පස්සේ දියර ගතිය නැතුව ටිකක් වේලෙනකන් අඩු ගින්දරේ බත් තියා ගන්න.
- රයිතා (Raita) වගේ දෙයක් මේ බතත් එක්ක කෑමට ගන්න පුළුවන්.
පොටෝ ටිකත් බලන්නකෝ..
මේවට තමයි බටන් හතු (Button Mushroom) කියන්නේ. සුපිරි වෙළද සැල් වල පැකට් වගේම ටින් කරපුවත් ගන්න තියෙනවා.
මේ තියෙන්නෙ අපිට ඕන කරන දේවල් වලින් ටිකක්.
හතු ටික මේ වගේ තමයි කපන්න ඕනෙ.
මේ හතු ටික හදා ගන්න ගමන්, පස්සේ හල් කලවම් කරන් වතුර එහෙම දාලා බත ඉදෙනකන් උයා ගන්න ඕනේ.
ඉතින් ඔය විදිහට හදාගත්ත අපේ රසම රස බිරියානී එක තමයි මේ.
ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ amisvegetarian.com වෙබ් අඩවියෙන්.