About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cream Caramel Sauce - ක්‍රීම් කැරමල් සෝස්

ඔන්න ඔයාලට දැන් කියලා දෙන්න හදන්නෙ "ක්‍රීම් කැරමල් සෝස්" හදන විදිහ. මේ සෝස් එක ගන්නේ අතුර…
Cream Caramel Sauce - ක්‍රීම් කැරමල් සෝස්
ඔන්න ඔයාලට දැන් කියලා දෙන්න හදන්නෙ "ක්‍රීම් කැරමල් සෝස්" හදන විදිහ. මේ සෝස් එක ගන්නේ අතුරුපස වර්ග වලට, එතකොට අයිස් ක්‍රීම් එක්ක, පළතුරු එක්ක, කේක් එක්ක එහෙමත් පාවිච්චි කරනවා. පැණි රස සෝස් එකක්.. අපේ "ඉවුම් පිහුම්" ඇප් එකේ සමහර අයනම් කාලත් ඇති. බලන්නකෝ එහෙනම් කාපු නොකාපු ඔක්කොම මේ සෝස් එක හදන විදිහ එහෙනම්.

අවශ්‍ය දේවල්:
  • හෙවි ක්‍රීම් (Heavy Cream) කප් 2
  • සීනි කප් 1
  • වතුර කප් ¼
  • ලුණු රහිත බටර් (Unsalted Butter) මේස හැදි 4
  • ලුණු තේ හැදි ½ ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ටිකක් ලොකු භාජනයක් අරන් සීනි වලට වතුර ටික දා ගෙන කලවම් කරලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න ඕනේ.
  • දැන් විනාඩි 12 - 14ක් විතර සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා බුබුළු දාලා නටලා රන්වන් දුඹුරු පාට කැරමල් මිශ්‍රණයක් ලැබෙනකන්ම රත් කර ගන්න ඕනේ. (කිසිම වෙලාවක හැදි ගාන්න එපා.)
  • ඊට පස්සේ කැරමල් මිශ්‍රණය ලිපෙන් බා ගෙන ඒකට ටිකෙන් ටික හෙවි ක්‍රීම් දා ගන්න ගමන් ලී හැන්දකින් හොදට කලවම් කරන්න. (කැරමල් දිය නොවී කැටි ගැහෙන්න පුළුවන්, ඒ ගැන වද වෙන්න එපා.)
  • හෙවි ක්‍රීම් ඔක්කොම දාලා කලවම් කර ගත්තට පස්සේ ආපහු සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න.
  • දැන් කැරමල් කැටි සම්පූර්ණයෙන්ම දිය වෙනකන් විනාඩි 1 - 2ක් විතර දිගටම නොනවත්වාම හැදි ගාන ගමන් රත් කර ගෙන ඒකටම බටර් ටිකයි ලුණු ටිකයි දා ගෙන හොදට කලවම් කර ගන්න ඕනේ.
  • විනාඩි 4 - 5ක් විතර හොදට හැදි ගාන ගමන් දිගටම රත් කරන් යන කොට සෝස් එක ටිකක් මටසිලිටු දිලිසෙන ස්වභාවයකට පත් වෙලා බුබුළු දා ගෙන එන්න ගන්නවා. (නොනවත්වාම හැදි ගාන්න ඕනේ. ඔන්න දැන් ටිකෙන් ටික තද පාටට හැරෙන ගමන් සුවඳ එහෙම එන්න ගනීවි.)
  • තවත් විනාඩියක් විතර යනකොට හොදටම උතුරන ගානට බුබුළු දාන්න පටන් ගනීවි, එතකොට ලිපෙන් බාලා විනාඩි කීපයක් හැදි ගාලා ආපහු ලිපේ තියා ගන්න. (දිගටම හැදි ගන්න ඕනේ හැමවෙලේම. ඒ වගේම උතුරන්න දෙන්න එපා.)
  • දැන් ආයෙත් ලිපේ තියලා උතුරන් එනකන් දිගටම හැදි ගාන ගමන් රත් කරලා උතුරන්න කලින් ලිපෙන් බාලා කලින් වගේ විනාඩි කීපයක් හැදි ගා ගන්න ඕනේ. (දිගටම නොනවත්වාම හැදි ගා ගන්න.)
  • අන්තිමට ආයෙත් ලිපේ තියලා සෝස් මිශ්‍රණය ටිකක් ඝනකම් වෙනකන් දිගටම හැදි ගාන ගමන් රත් කරලා ලිපෙන් බා ගන්න. (දිගටම නොනවත්වාම හැදි ගා ගන්න. අවශ්‍ය ගානට උකු වෙනකන් ලිපේ තියා ගන්න එපා, ඊට වඩා දියාරු ගතියට ගන්න, මොකද සෝස් එක ලිපෙන් බාලා නිවෙන්න තිබ්බහම නිවෙන්න නිවෙන්න ටික ටික උකු වෙනවා.)
  • අන්තිමට හදා ගත්ත ක්‍රීම් කැරමල් සෝස් එක සම්පූර්ණයෙන්ම නිවුනට පස්සේ පිරිසිදු භාජනයකට දාලා වහලා ශීතකරණයේ තියා ගන්න.

වැදගත්:
  • හෙවි ක්‍රීම් දා ගන්න කලින් ලිපේ තියෙන මිශ්‍රණය කිසිම වෙලාවක හැදි ගන්න එපා, හැබැයි හෙවි ක්‍රීම් එතකු කළාට පස්සේ දිගටම නොනවත්වාම හැදි ගාන්න ඕනේ.
  • අනිවාර්යයෙන්ම හැදි ගාන්න ලී හැන්දක් පාවිච්චි කරන්න. (ලෝහ හරි ප්ලාස්ටික් හරි හැදි ගන්න එපා.)
  • හෙවි ක්‍රීම් වෙනුවට ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) වුණත් ගන්න පුළුවන්.
  • ඒ වගේම ලුණු රහිත බටර් නැත්තම් සාමාන්‍ය ලුණු තියෙන බටර් (Salted Butter) පාවිච්චි කරන්න, හැබැයි ලුණු දාන කොට සැළකිල්ලෙන් ඉන්න ඕන.
  • කැරමල් සෝස් එක නිවෙන්න නිවෙන්න ඝනකම වැඩි වෙලා උකු වෙනවා.
  • මේ ප්‍රමාණ වලින් කැරමල් සෝස් කප් 2ක් විතර හදා ගන්න පුළුවන්.
  • මේ විදියට හදා ගත්තු ක්‍රීම් කැරමල් සෝස් සතියක් විතර ශීතකරණයේ තියන් කල් තියා ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නේ ලිපේ තියා ගන්න කලින් සීනියි වතුරයි භාජනේට දාලා කලවම් කරන්.

මේ විදියට හැදි නොගා විනාඩි 12 - 14ක් විතර සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා බුබුළු දාලා නටලා රන්වන් දුඹුරු පාට කැරමල් මිශ්‍රණයක් ලැබෙනකන්ම රත් කර ගන්න ඕනේ.

මේ ලිපෙන් බා ගෙන හෙවි ක්‍රීම් දාලා කලවම් කරන ගමන්.

 හෙවි ක්‍රීම් දා ගෙන ආයෙත් ලිපෙ තියා ගෙන කැරමල් කැටි දිය වෙනකන් හැදි ගන්න ඕනේ මෙහෙම.

 ඔන්න ඊට පස්සෙ බටරුයි ලුණු දා ගත්තා.

 ඊට පස්සෙ විනාඩි 4 - 5ක් විතර හොදට හැදි ගාන ගමන් දිගටම රත් කරන් යන කොට සෝස් එක ටිකක් මටසිලිටු දිලිසෙන ස්වභාවයකට පත් වෙලා බුබුළු දා ගෙන එන්න ගන්නවා.

 ඔන්න දැන් ටිකෙන් ටික තද පාටට හැරෙන ගමන් සුවඳ එහෙම එන්න අරන් තියෙන්නේ..

 මෙහෙම උතුරන ගානට බුබුළු දාන්න පටන් ගත්තාම ලිපෙන් බාලා විනාඩි කීපයක් හැදි ගාලා ආපහු ලිපේ තියා ගන්න ඕනේ. මේ විදියට තුන් පාරක් උතුරනකන් ලිපෙන් තියන් බාලා හැදි ගාන්න ඕන.

 ඔන්න හදලා ඉවරයි අපේ සෝස් එක.

 සම්පූර්ණයෙන්ම නිවුනට පස්සේ පිරිසිදි භාජනේකට දාලා වහ ගෙන ෆ්‍රිජ් එකට දාන්න.

 ඉතින් ඔහොම හදාගත්ත අපේ රසම රස ක්‍රීම් කැරමල් සෝස් එක තමයි මේ තියෙන්නෙ.









මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ sugarywinzy.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment