අවශ්‍ය දේවල්:
- බටර් කෝප්ප 1/3ක්
- සීනි කෝප්ප 2/3ක්
- බිත්තර 02ක්
- වැනිලා තේ හැඳි 01ක්
- පිටි කෝප්ප 1 3/4ක්
- කොකෝ පවුඩර් කෝප්ප 1/3ක්
- බේකින් පවුඩර් තේ හැඳි 02ක්
- චොක්ලට් චිප්ස් කෝප්ප 1/2ක්
- කපාගත් කජු කෝප්ප 1/4ක්
- වතුර මේස හැඳි 01ක්
සාදාගන්නා ආකාරය:
- මුලින්ම බෝල් එකට බටර් සහ සීනි දමා හොඳින් ගසා ගන්න (බීටර් එකකින් වගේ). ගොඩක් වෙලා ගසාගන්න නම් එපා. සීනි ටික හොදට කලවම් වෙනකන් ගසාගන්න. ඒ ඇති.
- දැන් ඒකටම බිත්තර එකින් එක එකතු කරමින් හොඳින් ගසා ගන්න. ඊට වැනිලා එකතු කරගන්න.
- දැන් වෙනම භාජනයක් ගෙන පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර් එකට දමා හොදින් කලවම් කරගන්න.
- දැන් පිටි මිශ්‍රණය කලින් අපි සාදාගත් බටර්-සීනි-බිත්තර මිශ්‍රනයට දමා හොදින් අනාගන්න (දැන්ම අතින් අනන්න එපා)
- පසුව මෙයට චොක්ලට් චිප්ස් සහ කජු එකතු කරගන්න.
- දැන් මිශ්‍රණය ටිකක් ඝණකම් හින්දා ඔයාලට අතින් ඕනෙනම් ටිකක් හොදට අනාගන්න පුලුවන්.
- දැන් මේක අපි බේක් කරගන්න යන්නෙ. බේක් කරගන්න ගන්න තැටිය අරගෙන ඒකෙ බටර් ටිකක් ගාලා තැටිය සුදානම් කරගන්න ඕනෙ දැන්.
- අපි හදාගත්ත මිශ්‍රණය දැන් මෙය සම කොටස් දෙකකට බෙදාගෙන කලින් සූදානම් කරගත්ත තැටියෙ තීරු දෙකක් විදිහට දාගන්න. තීරු දෙක අතර අගල් 4ක පරතරයක් තබා අතුරා ගන්න.
- දැන් භාජනයකට බිත්තර කහ මදයක් සහ වතුර ස්වල්පයක් දමා දිය කරගෙන බේකින් තැටියේ හදාගත්ත බ්‍රව්නි බිස්කොටි තීරු උඩින් ගාගන්න.
- දැන් කලින් රත්කරගත්ත අවන් එකකට දාලා බේක් කරගන්න ඕනෙ විනාඩි 20ක් 25ක් අතර කාලයක්. බේක් උනහම උඩින් ටිකක් පැලිලා වගේ තියෙයි. ඊට පස්සෙ විනාඩි 30ක් පමණ නිවෙන්නට හරින්න.
- දැන් හදාගත්ත තීරු අගලක පෙති වලට කපා පැත්තකට හරවා නැවත තැටියක අතුරා විනාඩි 10-15ක් අතර කාලයකට බේක් කරගන්න. ඔච්චරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
පොටො ටිකත් බලන්නකෝ..
බටර් සහ සීනි එකට දාලා මේ වගේ වෙනකන් ගසා ගත්තනම් ඇති.
මේ තියෙන්නෙ හදාගත්ත තීරු දෙක බේක් කරන්න කලින්.
බිත්තර කහ මදයයි, වතුරයි දාල මෙහෙම මිශ්‍රණයක් හදාගන්න.
ඊට පස්සෙ ඒ මිශ්‍රණය තීරු උඩින් මේ වගේ ගාන්න ඕනෙ.
පළවෙනි පාර බේක් කරාට පස්සෙ මේ වගේ තීරු කපාගන්න ඕනෙ. ඊට පස්සෙ ආයෙ බේක් කරන්න ඕනෙ.
ඉතින් ඔය විදිහට හදාගත්ත අපේ රසම රස බ්‍රව්නි බිස්කොටි තමයි මේ..
ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්.