මීට කලින් නෙළුම් අල කිරිබත් හදලා තියෙනවද? ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ නෙළුම් අල කිරිබත් හදන විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..
- නෙළුම් අල 2 ක් හෝ 3 ක්
- කැකුළු හාල් 500g
- පොල්කිරි හා ලුණු අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය:
- මුලින්ම නෙළුම් අලවල කුරුට්ට සූරා හොදින් සොදා පිරිසුදු කර, කුඩාවට පෙති කපා ඇතුලත වැලි ඇත්නම් හොදින් සොදා පිරිසුදු කරගන්න.
- ඉන්පසුව නෙළුම් අල කැබලි භාජනයට දමා වතුර සහ ලුණු ස්වල්පයක් එකතුකර හොදින් තම්බා ගන්න.
- නෙළුම් අල හොදින් තැම්බී එනවිට එයට ගරාගත් සහල් එකතු කර අවශ්‍ය තරමට වතුර තබන්න.
- දැන් සහල් හොදින් තැම්බුනු විට පොල්කිරි ටික දමා හොදට පොඩිකරගන්න. දැන් මෙය අතුරා කැබලිවලට කපාගන්න.
මේ තියෙන්නෙ අපි හැමෝම දන්න නෙළුම් අල
ලිපිය ලබාගත්තේ sithmalyaya.com වෙබ් අඩවියෙන්.