අපේ ඉවුම් පිහුම් ඇප් එකට අලුතෙන් මිතුරියක් ඇවිල්ලානේ. අපේ අලුත් මිතුරියගෙ නම තමයි ඉන්දුනී. ඇයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන මිතුරියක්. ඉතින් අපේ මිතුරිය ඔයාලට කියලා දෙන්න කියලා අපිට රසම රස චිකන් සැලඩ් එකක් හදාගන්න විදිහ එවලා තිබුණා. මේ ඒ ලිපිය.
- සලාද කොළ කෝප්ප 1ක්
- ලොකු ළූණු ගෙඩි 2 ක්
- මිදි කෝප්ප ½ ක්
- සැල්දිරි කෝප්ප 1ක්
- චිකන් බ්‍රෙස්ට් 1 ක්
- ලුණු සහ ගම්මිරිස් රස පදමට
- ඔලිව් තෙල් මේස හැඳි 3 ක්
- විනාකිරි මේස හැඳි 1 ක්
- මී පැණි මේස හැඳි 2 ක්
- සුදුළූණු පේස්ට් මේස හැඳි 1 ක්
- අබ පේස්ට් මේස හැඳි 1 ක්
- අඩු මේද සහිත යෝගට් මේස හැඳි 2 ක්
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම චිකන් බ්‍රෙස්ට් එක දෙකට කපා ලුණු, ගම්මිරිස් සහ වතුර දමා අඩු ගින්දරේ තම්බා ගන්න.
- ඉන්පසු වෙනම භාජනයක ඔලිව් තෙල්, විනාකිරි, සුදු ලුණු සහ අබ පේස්ට් දමා කලවම් කර ගන්න. ඉන්පසු එයටම අඩු මේදය සහිත යෝගට් දමා නැවත කලවම් කර පසෙකින් තබා ගන්න.
- චිකන් තම්බුණු පසු ලිපෙන් බා ගෙන කටු ඉවත් කර කැබලි වලට කපා ගන්න.
- දැන් භාජනයකට ඔලිව් තෙල් දමා චිකන් කෑලි ටික යන්තම් බැද ගන්න.
- දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් තියෙන්නෙ සැලඩ් එක අහුරගෙන පිළිගන්වන ටික. දැන් ඒකට වෙනම ලස්සන භාජනයක් ගත්තනම් හරි.
- ඊට පස්සෙ ඒ බාජනයේ සලාද කොළ, සැල්දරි, ළූණු සහ මිදි දමා සමානව අතුරා ගන්න. ඔයාලා කැමති විදිහට ඒ ටික අතුරා ගන්න. (සලාද කොළ යටින්ම, ඊට පස්සෙ සැල්දරි, ඒ වගේ..)
- ඊට පස්සෙ දැන් පිසගත් චිකන් ටික ඒ ටික උඩින් දා ගන්න.
- අන්තිමට අර ඔයාලා කලින් හදාගත්ත ඔලිව් තෙල්-විනාකිරි-යෝගට් මිශ්‍රණය මේ ඔක්කොම උඩින් දාගෙන ගම්මිරිස් ටිකකුත් ඉස ගෙන පිළිගන්වන්න තමයි තියෙන්නෙ.
මේ තියෙන්නෙ ගත්ත දේවල් වලින් ටිකක්. තව ලුණුයි ගම්මිරිසුයි ගන්න ඕනෙ.
මේ තියෙන්නෙ ඔය දේවල් දාලා හදාගත්ත අපේ රසම රස සැලඩ් එක හදුවට පස්සෙ.
ලිපිය ලිව්වේ ඉන්දුනී විජේදාස මිතුරිය. ඇය මේ ආහාර වට්ටෝරුව බලාගෙන තියෙන්නෙ freshfood.lk වෙබ් අඩවියෙන්. අපේ මිතුරියට බොහොම ස්තූතියි මේ චිකන් සැලඩ් එක අපිට හදන විදිහ කියලා දුන්නට නේද?