අවශ්‍ය දේවල්:
- මඤ්ඤොක්කා 500g
- ලියා ගත් රතු ලූණු 6 - 7
- කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
- කරපිංචා
- රම්පේ
- කහ කුඩු ස්වල්පයක්
- අමු තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ
- මිරිස් කුඩු තේ හැදි ½ - ¾ ක් පමණ
- කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
- කබලේ බැද ගත් උළුහාල් ඇට ස්වල්පයක් (කැමති නම් පමණක්)
- ම්ටි කිරි අඬු කෝප්ප 1
- දිය කිරි අඬු කෝප්ප 2
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මඤ්ඤොක්කා ටික අරන් පොතු ඇරලා සුද්ද කරන් කෑලි වලට කපලා හොදට සෝදලා පිරිසිදු කර ගෙන භාජනයකට දා ගන්න.
- පස්සේ ඒකටම කහ කුඩුයි, තුනපහ කුඩුයි, මිරිස් කුඩුයි දාලා හොඳින් අත ගා ගන්න.
- ඊට පස්සේ රතු ලූණුයි, අමු මිරිසුයි, රම්පෙයි, කරපිංචයි, උළුහාලුයි, කුරුඳු පොතු කැබැල්ලයි එක්ක දිය කිරියි දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න. (මඤ්ඤොක්කා තැම්බෙන්න දිය කිරි මදි කියලා හිතෙනවා නම් අවශ්‍ය ගානට වතුර ටිකකුත් එකතු කරන්න.)
- මඤ්ඤොක්කා හොදට තැම්බෙනකන් සැරින් සැරේ හැදි ගාන ගමන් සාමාන්‍ය ගින්දරේ උයා ගන්න ඕනේ.
- ඊළඟට ලිපේ ගින්දර ටිකක් අඩු කරලා, මිටි කිරි ටික්කත් එකතු කරන් හොදට හැදි ගාන ගමන් හොද්ද නටා ගෙන එනකන් උයා ගන්න.
- නටා ගෙන එන කොට රස අනුව ලුණු එකතු කරන් හොද්ද අවශ්‍ය ගානට හිඳෙනකන් බස්ස ගන්න.
වැදගත්:
- තම තමන්ගේ රස අනුව එකතු කරන කහ කුඩු, අමු තුනපහ කුඩු සහ මිරිස් කුඩු ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන්, හැබැයි ගොඩාක් මිරිස් කුඩු නම් දාන්න එපා.
- ලිපෙන් බෑවට පස්සේ කැමති නම් කළු කුඩු ටිකක් උඩින් ඉහ ගන්න පුළුවන්.
මේ තියෙන්නෙ අපි හැමෝම දන්න මඤ්ඤොක්කා.