About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Deep Fried Okra Salad - ගැඹුරු තෙලේ බැද ගත් බණ්ඩක්කා සලාදය

හදමුද ළපටි බණ්ඩක්කා වලින් රසම රස සලාදයක්. බලන්නකෝ හදන්නේ කොහොමද කියලා එහෙනම්. හරිම රසයි ළපටි බණ්ඩක්…
Deep Fried Okra Salad - ගැඹුරු තෙලේ බැද ගත් බණ්ඩක්කා සලාදය
හදමුද ළපටි බණ්ඩක්කා වලින් රසම රස සලාදයක්. බලන්නකෝ හදන්නේ කොහොමද කියලා එහෙනම්. හරිම රසයි ළපටි බණ්ඩක්කා වලින් හදන නිසා.

අවශ්‍ය දේවල්:
  • ළපටි බණ්ඩක්කා 150g - 200g ක් පමණ
  • තීරු වලට කපා ගත් තක්කාලි ගෙඩි 1
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • හීනියට ලියා ගත් රට ලූණු ගෙඩි 1
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • දෙහි යුෂ (රස අනුව)
  • තෙල් (බැද ගැනීමට)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බණ්ඩක්කා වල නැටි කපලා හොදට හෝද ගෙන වතුර බේරෙන්න තියන්න.
  • පස්සේ බණ්ඩක්කා කරල් දික් අතට තීරු විදියට 4ට පලා ගෙන ලුණු කුඩු ටිකකුයි, කහ කුඩු ටිකකුයි දාලා හොදට අත ගා ගන්න.
  • ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා තෙල් දා ගෙන රත් වෙන්න තියා ගන්න.
  • තෙල් රත් වුණාට පස්සේ බණ්ඩක්කා ටික ගැඹුරු තෙලේ තද කොළ පාටට, හොදට හැපෙන ගානට බැද ගෙන තෙල් බේරෙන්න පැත්තකින් තියා ගන්න.
  • දැන් භාජනයක් අරන් ඒකට ලූණුයි, අමු මිරිසුයි, තක්කාලියි දාන්න.
  • ඊළඟට ඒකටම රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි, දෙහි යුෂයි දාලා තක්කලි පොඩි වෙන්නේ නැති වෙන්න හොදට කලවම් කර ගෙන විනාඩි 3 - 5ක් විතර එහෙම්මම තියෙන්න අරින්න.
  • අන්තිමට පිළිගන්න යොදා ගන්න භාජනයට බණ්ඩක්කා ටිකත් එක්ක තක්කලි-ලූණු මිශ්‍රණය දාලා කලවම් කර ගෙන රස බලන්න. (තක්කලි-ලූණු මිශ්‍රණයේ දියර දා ගන්න එපා, නැත්තම් බණ්ඩක්කා ටික පොඟන්න පුළුවන් ඉක්මණින්ම.)

වැදගත්:
  • කැමති නම් ගැඹුරු තෙලේ බැද ගත්ත උම්බලකඩ කෑලි වුණත් මේකට එකතු කරන්න පුළුවන්.
  • අවශ්‍ය නම් බණ්ඩක්කා ගැඹුරු තෙලේ බැද ගන්නේ නැතුව අවන් එකේ බේක් කර ගෙන ගන්න පුළුවන්. (මේ සඳහා 190°C / 375°F උෂ්ණත්වයට කලින් රත් කර ගත්ත අවන් එකක විනාඩි 6 - 8ක් වගේ බේක් කර ගන්න ඕනේ.)

පොටෝ ටිකත් බලන්නකෝ:
 මේ තියෙන්නෙ ළපටි බණ්ඩක්කා

බණ්ඩක්කා ටික මේ වගේ කපා ගන්න ඕනෙ.

මේ තියෙන්නේ ගැඹුරු තෙලේ බැද ගත්තු බණ්ඩක්කා ටික තෙල් බේරෙන්න තියලා.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ රසම රස බණ්ඩක්කා සලාදෙ.








ලිපිය ලියන්න කරුණු ටිකක් ලබාගත්තා chilliesandlime.blogspot.com වෙබ් අඩවියෙනුත්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment