About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Broccoli Mallum - බ්‍රොකොලි මැල්ලුම

බ්‍රොකොලි වලින් රසම රස මැල්ලුමක් හදමුද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හදන විදිහ. බලන්නකෝ එහෙනම්.. අවශ්…
Broccoli Mallum - බ්‍රොකොලි මැල්ලුම
බ්‍රොකොලි වලින් රසම රස මැල්ලුමක් හදමුද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හදන විදිහ. බලන්නකෝ එහෙනම්..

අවශ්‍ය දේවල්:
  • බ්‍රොකලි 500g
  • චොප් කර ගත් සාමාන්‍ය ප්‍රමාණයේ රට ලූණු ගෙඩි 1
  • ගා ගත් පොල් කප් ½ ක් පමණ
  • කහ කුඩු තේ හැදි ½
  • කෑලි මිරිස් තේ හැදි ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • අඟලක පමණ කුරුඳු පොත්තක්
  • කරපිංචා
  • කපා ගත් අමු මිරිස් කරල් 2ක් පමණ
  • අබ ඇට ස්වල්පයක්
  • සූදුරු ඇට ස්වල්පයක්
  • ලුණු (රස අනුව)
  • ඔලිව් තෙල් හෝ පොල්තෙල් මේස හැදි 2 - 3ක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බ්‍රොකලි ටික හොදට හෝද ගෙන කෑලි වලට කපලා දඬුත් එක්කම ෆුඩ් ප්‍රොසෙසර් (Food Processor) එකකට හරි බ්ලෙන්ඩර් (Blender) එකකට හරි දාලා පොඩි කෑලි හිටින විදියට කුඩු කර ගෙන ටිකකට පැත්තකින් තියා ගන්න.
  • දැන් නොන්ස්ටික් පෑන් එකක් හරි සුදුසු වෙනත් භාජනයක් හරි අරන් තෙල් ටික දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • තෙල් රත් වුණාට පස්සේ සූදුරු ඇට ටිකයි, අබ ඇට ටිකයි, කුරුඳු පොත්තයි, කරපිංචා ටිකයි දා ගෙන අබ පිපිරෙනකන් බැදෙන්න අරින්න.
  • පස්සේ ලූණු ටිකත් එක්ක අමු මිරිස් දාලා විනාඩි 3 - 5ක් විතර තෙම්පරාදු කර ගන්න.
  • ඊට පස්සේ ගින්දර අඩු කරලා ඒකටම ග්‍රේට් කර ගත්තු බ්‍රොකලි ටික දාලා තවත් විනාඩි 2 - 3ක් තෙම්පරාදු වෙන්න දෙන්න. (අඩිය අල්ලන්න පුළුවන් නිසා ඒ ගැන සැළකිල්ලෙන් ඉන්න.)
  • අන්තිමට ගා ගත් පොල්, කහ කුඩු, කෑලි මිරිස් සහ රස අනුව ලුණු දා ගෙන හොදට කලවම් කරලා බ්‍රොකලි අවශ්‍ය ගානට තැම්බෙනකම් අඩු ගින්දරේ උයා ගෙන ලිපෙන් බා ගන්න. (අවශ්‍ය නම් බ්‍රොකලි තැම්බෙන්න ඕන ගානට වතුර ටිකකුත් එකතු කරන්න පුළුවන්.)

වැදගත්:
  • ෆුඩ් ප්‍රොසෙසර් එකක් හරි බ්ලෙන්ඩර් එකක් හරි නැත්තම් බ්‍රොකලි ටික දඬුත් එක්ක ග්‍රේට් කර ගන්න.
  • කැමති නම් ගම්මිරිස් කුඩු පොඩ්ඩක් රස අනුව දා ගන්න.
  • ඒ වගේම උම්බලකඩ කෑලි හෝ කුඩු එකතු කර ගන්න පුළුවන්. (තවත් රසවත් වේවී.)
  • ගා ගත් පොල් වෙනුවට ඩෙසිකේටඩ් පොල් (Desiccated Coconut) වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
  • රට ලූණු වෙනුවට රතු ලූණු වුණත් පාවිච්චි කරන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නේ බ්‍රොකොලි

 එතකොට මේ තියෙන්නේ අපිට ඕන කරන අනිත් දේවල් ටික.

 මේ විදියට බ්‍රොකොලි දඬුත් එක්කම ෆුඩ් ප්‍රොසෙසර් එකට දාලා පොඩි කෑලි හිටින විදියට කුඩු කර ගන්න ඕනෙ.

 තෙල් ටික රත් වුණාට පස්සේ සූදුරු ඇට ටිකයි, අබ ඇට ටිකයි, කුරුඳු පොත්තයි, කරපිංචා ටිකයි දා ගෙන අබ පිපිරෙනකන් බැදෙන්න දෙන්න.

 පස්සේ ලූණු ටිකත් එක්ක අමු මිරිස් දාලා විනාඩි 3 - 5ක් විතර තෙම්පරාදු කර ගන්න.

 ඊට පස්සේ ගින්දර අඩු කරලා ඒකටම ග්‍රේට් කර ගත්තු බ්‍රොකලි ටික දාලා තවත් විනාඩි 2 - 3ක් තෙම්පරාදු වෙන්න දෙන්න ඕනෙ.

 අන්තිමට මේ වගේ ගා ගත් පොල්, කහ කුඩු, කෑලි මිරිස් සහ රස අනුව ලුණු දා ගෙන හොදට කලවම් කරලා බ්‍රොකලි අවශ්‍ය ගානට තැම්බෙනකම් අඩු ගින්දරේ උයා ගෙන ලිපෙන් බා ගන්න.

 ඉතින් ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ රසම රස බ්‍රොකොලි මැල්ලුම තමයි මේ..









ලිපිය ලියන්න කරුණු ටිකක් kitchensimmer.com වෙබ් අඩවියෙනුත් ලබාගත්තා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment