About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Winged Bean - දඹල මැල්ලුම

අපි හැමෝම වගේ දඹල කිරට උයාගන්න නම් දන්නවනේ.. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ දඹල මැල්ලුමක් හදාගන්න විදි…
Winged Bean - දඹල මැල්ලුම
අපි හැමෝම වගේ දඹල කිරට උයාගන්න නම් දන්නවනේ.. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ දඹල මැල්ලුමක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් මැල්ලුම හදන විදිහ.
 
අවශ්‍ය දේවල්:
  • ළපටි දඹල 250g
  • ගා ගත් පොල් ටිකක් (අඬු කෝප්ප ½ ක් පමණ)
  • කහ කුඩු ස්වල්පයක්
  • උම්බලකඩ කුඩු ටිකක්
  • ගම්මිරිස් කුඩු හෝ ගම්මිරිස් ඇට ස්වල්පයක් (රස අනුව)
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 6-7ක්
  • සුදුලූණු බික් 1
  • රම්පේ
  • කරපිංචා
  • ලුණු (රස අනුව)
  • දෙහි යුෂ ස්වල්පයක් (රස අනුව)
  • පොල්තෙල් ටිකක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම දඹල ටික හොඳට සෝද ගෙන හීනියට කපා ගෙන පසෙකින් තියා ගන්න.
  • පසුව සුදුලූණු, උම්බලකඩ, ගා ගත් පොල්, කහ කුඩු සහ ගම්මිරිස් කුඩු වංගෙඩියට දමා හොඳින් කොටා ගන්න. (නැත්නම් මිරිස් ගලේ අඹරා ගන්න.)
  • දැන් සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් ටික දා ගෙන සාමාන්‍ය ගින්දරේ රත් වෙන්න තබන්න.
  • තෙල් රත් වී ගෙන එන විට එයට රම්පේ හා කරපිංචා එකතු කරන්න.
  • කරපිංචා ටික යන්තමින් බැදී ගෙන එන කොට එයටම රතු ලූණු හා අමු මිරිස් එකතු කරන්න.
  • රතු ලූණු ටික මෘදු වී ගෙන එන විට ලිපේ ගින්දර අඩු කර එයට දඹල ටික දමා ගෙන කලවම් කර ටික වේලාවක් මද ගින්නේ පිස ගන්න.
  • ඉන් පසුව එයට කොටා ගත් / අඹරා ගත් පොල් මිශ්‍රණය එකතු කර ගන්න.
  • එයටම රස අනුව ලුණු එකතු කරන්න.
  • පසුව තෙත ගතිය හිදෙන තුරු පිස ගෙන ලිපෙන් බා ගන්න.
  • ලිපෙන් බා ගත් පසුව දෙහි යුෂ ස්වල්පයක් එකතු කර රස විදින්න.

වැදගත්:
  • මැටි වලදක් භාවිතා කරන්න හැකි නම් වඩාත් සුදුසුයි.
  • කැමති නම් දෙහි යුෂ නොදා ඉන්න පුළුවන්.
 
 ළපටි දඹල හින්දා, මැල්ලුමක් හදපුවහම හරිම රසයි.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment