About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Yellow Rice - කහ බත්

ඔන්න තවත් ෆාතිමා නමින් මිතුරියක් ඇවිල්ලා ඔයාලට රසම රස කෑමක් හදන විදිහ කියලා දෙන්න. අපේ අලුත් මිතුරි…
Yellow Rice - කහ බත්
ඔන්න තවත් ෆාතිමා නමින් මිතුරියක් ඇවිල්ලා ඔයාලට රසම රස කෑමක් හදන විදිහ කියලා දෙන්න. අපේ අලුත් මිතුරියගේ නම තමා ෆාතිමා සුලේයා. මතකයි නේද අපේ අනිත් ෆාතිමා මිතුරියවත්? අර අපිට රසම රස පිලොස්  හදාගන්න විදිහ කියලා දුන්නෙ. මට මේ දෙන්නව පැටලුනානෙ අවංකවම. ඉතිං අපේ මේ අලුත් ෆාතිමා මිතුරියව අපි හැමෝම සාදරයෙන් පිලිගන්නවා ඕන්. අපේ අලුත් මිතුරිය ඔයාලට කියලා දෙන්න යන්නෙ රසම රස, අපි හැමෝම කන්න ආස, කහ බතක් හදාගන්න විදිහ. ඔන්න බලන්නකෝ එහෙනම් එයාගෙම වචන වලින් මේක හදන්නේ කොහොමද කියලා...
අවශ්‍ය දේවල්:
  • හාල් 350g
  • ගිතෙල් මේස හැඳි 2ක්
  • සිහින්ව ලියාගත් මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක්
  • එන්සාල් /කරඳමුංගු ඇට 3ක්
  • කරාබුනැටි 3ක්
  • ගම්මිරිස් ඇට ස්වල්පයක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • සේර කොළ කැබැල්ලක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • මස් තැම්බූ වතුර (චිකන් ස්ටොක්) කෝප්ප 2ක්
  • පොල් මිටි කිරි කෝප්ප 1/2
  • ලුණු තේ හැඳි 2ක්

සාදාගන්නා ආකාරය:
  • හාල් සෝදා වතුර බේරෙන්න තබාගන්න.
  • ලොකු පෑන් එකක ගිතෙල් රත් වෙන්න තබන්න.
  • එයට ලූනු දමා විනිවිද පෙනෙන තෙක් බැදගන්න.
  • හාල් ඇතුළු සියලුම දේවල් ඊට එක්කර හොඳින් හැඳිගාමින් විනාඩි 2-3ක් බැදගන්න.
  • රයිස් කුකර් එකකට හෝ බත් උයන භාජනයකට මෙම මිශ්‍රණය දමාගන්න.
  • එයට චිකන් ස්ටොක් සහ පොල් මිටි කිරි එක්කර තෙතමනය හිඳෙන තුරු පිසගන්න.
  • බත ඉදුනු පසු එක්කල කුළුබඩු උඩට මතුවන අතර ඒවා ඉවත් කර බත් එක ගෑරුප්පුවකින් යන්තම් හැඳිගාගන්න.





ලිපිය ලිව්වේ ෆාතිමා සුලේයා මිතුරිය. ෆාතිමාත් ඔයාලා වගේම ඇප් එක බලන කෙනෙක්. ඉතිං ෆාතිමා අපිට මේ වගේ රසම රස කහ බතක් හදන්න කියලා දුන්නට අපි හැමෝම ෆාතිමාට ස්තූතිවන්න වෙන්න ඕන නේද? ඔන්න එහෙනම් ෆාතිමාට ස්තූතියි!.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment