About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Devilled Cashew - කජු ඩෙවල්

කජු ඩෙවල් එකක් හදමුද? කජු ඩෙවලුත් දානවද? දානවා නේන්නම්... කජු වල ගාන ගැනනම් ඔන්න මන් මොකුත්ම කියන්න…
Devilled Cashew - කජු ඩෙවල්
කජු ඩෙවල් එකක් හදමුද? කජු ඩෙවලුත් දානවද? දානවා නේන්නම්... කජු වල ගාන ගැනනම් ඔන්න මන් මොකුත්ම කියන්නෙ නෑ. ගනන් වැඩිවුනා කියලා නැ අපේ ඉවුම් පිහුම් ඇප් එකේ සමහර අය හොයන්නෙම මේ වගේ දේවල්නෙ. ඔන්න ඒ අයට තමා මේක. හා හා අනිත් අයත් ගමේ ගියපු වෙලාවක හරි කජු ටිකක් අහුලන් ඇවිල්ලා හදන්නකෝ කජු වලින් මොනවා හරි... ඔන්න ඔන්න ගම මතක් කර කර ඉන්නවා එහෙම නෙමෙයි. බලමුකෝ එහෙනම් අපේ මේ කජු ඩෙවල් එක හදන්නේ කොහොමද කියලා.. කෙළ ගිලිනව එහෙම නෙමෙයි!
 
අවශ්‍ය දේවල්:
  • කජු මද 350g
  • මදක් ලොකු කොටු හැඩයට කපා ගත් ලොකු ලූණු 75g
  • මදක් ලොකු කොටු හැඩයට කපා ගත් මාළු මිරිස් හෝ බෙල් පෙපර් (Bell Peppers) 75g
  • මදක් ලොකු කොටු හැඩයට කපා ගත් තක්කාලි 75g
  • දික් අතට කපා ගත් ලීකස් හෝ ලූණු කොළ 100g
  • චොප් කර ගත් හෝ අඹරා ගත් ඉඟුරු තේ හැදි 1
  • චොප් කර ගත් හෝ අඹරා ගත් සුදුලූණු තේ හැදි 1
  • තක්කාලි සෝස් මේස හැදි  5 ක් පමණ
  • සෝයා සෝස් තේ හැදි 1 ½ ක් පමණ
  • සීනි තේ හැදි ½ - 1 ක් පමණ
  • කෑලි මිරිස් 1 ½ - 2 ½ හෝ 1cm පමණ කෑලි කපා ගත් වියළි මිරිස් කරල් 5-7 ක් පමණ
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1ක් පමණ
  • ලුණු (රස අනුව)
  • එළවළු තෙල්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම තාච්චියක් ලිප තබා එයට තෙල් දමා ගෙන රත් කර ගන්න.
  • තෙල් හොඳින් රත් වූ විට එයට කජු ටික දමා ගෙන ගැඹුරු තෙලේ බැද ගෙන තෙල් බේරීමට පසෙකින් තබා ගන්න.
  • දැන් වෙනත් සුදුසු භාජනයක් ලිප තබා ගෙන එයට තෙල් මේස හැදි 1-2ක් පමණ දමා ගෙන තෙල් රත් වූ පසුව ඉඟුරු සහ සුදුලූණු එකතු කර යන්තමින් රන්වන් පාට වන තුරු තෙම්පරාදු කර ගන්න.
  • දැන් එයට ලොකු ලූණු, මාළු මිරිස් හෝ බෙල් පෙපර්, තක්කාලි සහ ලීකස් / ලූණු කොළ එක් කර විනාඩි 1 - 2ක් පමණ තෙම්පරාදු කර ගන්න.
  • එයටම තක්කාලි සෝස්, සෝයා සෝස්, සීනි සහ ගම්මිරිස් කුඩු දමා ගෙන සීනි හොඳින් දිය වන තුරු කලවම් කර ගන්න.
  • පසුව ගැඹුරු තෙලේ බැද ගත් කජු ටික ද එයට එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.
  • ඉන් පසුව රස අනුව ලුණු එකතු කර ගෙන හොඳින් කලවම් කර ගන්න.
  • අවසානයේ දී කෑලි මිරිස් හෝ වියළි මිරිස් කරල් කැබලි එකතු කර ගෙන විනාඩි 1 - 2ක් පමණ පිස ගෙන ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • මේකට දාන එළවළු ටික යන්තමින් තැම්බිලා තිබුනනම් ඇති.
මේ මොනවද අප්පා..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment