About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Stuffed Banana Pepper Pickle - පුරවාගත් මාළුමිරිස්‌ අච්චාරු

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් ආකාරයේ අච්චරුවක් හදාගන්න විදිහ. මේක හදන්නේ මාළුමිරිස් කරල් …
Stuffed Banana Pepper Pickle - පුරවාගත් මාළුමිරිස්‌ අච්චාරු
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් ආකාරයේ අච්චරුවක් හදාගන්න විදිහ. මේක හදන්නේ මාළුමිරිස් කරල් වලින්. ඒ වගේම මාළුමිරිස් කරල් ඇතුලට මිශ්‍රනයක් පුරවනවා මේක හදනකොට. ඔන්න බලන්නකෝ මේක හදන්නේ කොහොමද කියලා එහෙනම්..

අවශ්‍ය දේවල්:
මේ ටික ඕන ඉස්සරවෙලාම,
  • එකම තරමේ මාළුමිරිස්‌ කරල් 12
  • විනාකිරි බෝ. 1/4 පමණ
  • ලුණු
  • හොඳින් පැසුණු ගස්‌ලබු ග්‍රෑම් 150 ගෙඩියක්
  • අබ තේ හැඳි 1/2
  • ඉඟුරු කැබැල්ලක්‌
  • සුදු ළුණු බික්‌ 1ක්‌
  • මිරිස්‌ කුඩු තේ හැඳි 1 1/2

අබ මිශ්‍රණය සඳහා අවශ්‍ය දේවල්:
  • අබ මේස හැඳි 2 1/2
  • ඉඟුරු කැබැල්ලක්‌
  • සුදු ළුණු බික්‌ 3ක්‌
  • මිරිස්‌ කුඩු තේ හැඳි 1 1/2
  • කහ ස්‌වල්පයක්‌
  • ගම්මිරිස්‌ තේ හැඳි 1/2
  • විනාකිරි බෝ. 1/2
  • සීනි තේ හැඳි 2ක්‌

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සීනි හැර අබ මිශ්‍රණය සඳහා යොදාගන්නා සියල්ල විනාකිරි ටිකකින් අඹරා අබ මිශ්‍රණය සාදා ගන්න. දැන් එම මිශ්‍රණය පැත්තකින් තබන්න.
  • දැන් මාළුමිරිස්‌ කරල් ටික පුරවාගන්නේ කොහොමද කියලා බලමු. මාළුමිරිස්‌ කරල් සෝදා පැත්තකින් පැල්මක්‌ දමා (වෙන් නොවන ලෙස නටුව එක්කම හෝ නටුව නැතුව) ඇට ටික ප්‍රවේසමෙන් ඉවත් කරගන්න.
  • දැන් විනාකිරි සහ ලුණු ටිකක්‌ ළිප තබා නටන විට මාළුමිරිස්‌ කරල් දමා යන්තම් තම්බා (තප්පර 40 පමන) පසෙකින් දිය බේරෙන්නට තබන්න.
  • පොතු, ඇට, කිරි ඉවත් කරගත් ගස්‌ලබු හොඳින් සෝදා ග්‍රේරටරයකින් සිහින්ව ගා ගන්න.
  • එයට ලුණු සහ විනාකිරි ස්‌වල්පයක්‌ පමනක් දමා විනාඩියක කාලයක් තම්බා පසෙකින් තබන්න.
  • දැන් අබ, ඉඟුරු, සුදුළුනු, මිරිස්‌ කුඩු සමඟ අඹරාගෙන තම්බා ගත් ගස්‌ලබුවලට කලවම් කර ලුණු ද එකතු කරන්න.
  • මෙසේ සාදා ගත් මිශ්‍රණය මාළුමිරිස්‌වලට පුරවා ගන්න.
  • මැටි භාජනයක්‌ ගෙන එයට විනාකිරි ටික දමා "මුලින් අඹරා තබා ගත් අබ මිශ්‍රණය"ද සීනිද දමා කලවම් කර ගන්න.
  • ඉන් පසු පුරවා සකස්‌ කරගත් මාළුමිරිස්‌ කරල් මෙහි දමා අනා අතින් තදකර දිනක්‌ පමණ වසා තබා ආහාරයට ගන්න.






ලිපිය ලබාගත්තේ gayananethmi.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment