About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bitter Gourd - කරවිල පුරවලා උයන්නේ මෙහෙමයි

 කරවිල පුරවලා උයන්න පුලුවන් කියලා දන්නවද? මං හිතන්නේ මේ ක්‍රමේ අපිට ඇවිල්ලා තියෙන්නෙ දකුණු ඉන්දියාව…
Bitter Gourd - කරවිල පුරවලා උයන්නේ මෙහෙමයි
 කරවිල පුරවලා උයන්න පුලුවන් කියලා දන්නවද? මං හිතන්නේ මේ ක්‍රමේ අපිට ඇවිල්ලා තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන්. එයාලා මෙහෙම කරවිල පුරවලා උයනවා. බලන්නකෝ එහෙනම් කොහොමද කරවිල ඇතුලට පිරවුමක් දාලා උයාගන්නේ කොහොමද කියලා..
 
අවශ්‍ය දේවල්:
  • කරවිල
  • ලුණු
  • කරෝල හෝ උම්බලකඩ හෝ කටු ඉවත් කර තම්බා ගත් මාළු
  • ගම්මිරිස් කුඩු
  • රම්පා, කරපිංචා
  • සුදුළුනු
  • අමු මිරිස්
  • තක්කාලි
 
සාදාගන්නා ආකාරය:
ඉස්සර වෙලාම,
  • සෝදා ගත් කරවිල අඟල් එකහමාරක් පමණ වෙන සේ කුට්ටි කපා ගෙන ඇතුලත ඇට හා මදය ඉවත් කරන්න.

කරවිල ඇතුලට පුරවන මිශ්‍රණය සාදාගන්නා ආකාරය:
  • භාජනයකට සිහින්ව කපාගත් ළුණු, සුදුළුනු, කරපිංචා, රම්පා සහ සෝදා බැද ගත් කරෝල පොඩි කර එකතු කරන්න. එසේ නැතිනම් උම්බලකඩ සිහින්ව ලියා හෝ තම්බා ගත් මාළු කටු ඉවත් කර පොඩි කර එකතු කරන්න.
  • පසුව ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු, තුනපහ, කහ කුඩු, ලුනු අවශ්‍ය පමනින් දමා සියල්ල හොඳින් අනාගන්න.
 
ඊට පස්සෙ,
  • එම සාදා ගත් මිශ්‍රණය කරවිල ඇතුලට පුරවන්න.
  • පුරවා ගත් කරවිල කුට්ටි පිළිවෙලට භාජනයක අහුරා එයට කපා ගත් තක්කාලි කහ, තුනපහ, උළුහාල් ස්වල්පයක්, මිරිස්, ගොරකා කැල්ලක් හා කුරුඳු පොත්තක් එකතු කරමින් දියකිරි දමා මද ගින්නේ පිස ගන්න.
  • පසුව මිටි කිරි ස්වල්පයක්ද එකතු කරමින් හින්දා ගෙන ආහාරයට ගන්න.
 හදාගත්ත මිශ්‍රණය මේ වගේ පුරවන්න.

 කෑම මේසෙට යවන්න කලින් පොඩ්ඩක් සරසා ගන්නත් අමතක කරන්න එපා.. එතකොට කරවිල නොකන අයත් කයි.






ලිපිය ලබාගත්තේ gayananethmi.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment