About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Radish Curry - රාබු කරිය

ගොඩක් අය රාබු කන්න අකමැතියිනෙ, මං විශ්වාස කරන විදිහට ගොඩක් වෙලාවට අපි කන්න අකමැති කෑම අපිට එපාම වෙල…
Radish Curry - රාබු කරිය
ගොඩක් අය රාබු කන්න අකමැතියිනෙ, මං විශ්වාස කරන විදිහට ගොඩක් වෙලාවට අපි කන්න අකමැති කෑම අපිට එපාම වෙලා තියෙන්නෙ අපි ඒවා හරියට හදාගන්න දන්නෙ නැති හින්දා. බලන්නකෝ මේ විදිහට රාබු හදලා කොහොමද කියලා. මේ ලිපිය අපිට ලියන්නෙ අපේ සුපුරුදු මිතුරිය උත්පලා විසින්. ඕන් එහෙනම් උත්පලාගේ වචන වලින්ම බලමුකෝ කොහොමද මේක හදන්නෙ කියලා... රාබු උයන ක්‍රම ගොඩක් තිබෙනවා, මේ එයින් එක් ක්‍රමයක්. අපේ අම්ම හදන්නේ මෙහෙමයි. මමනම් හරිම ආසයි. මේ විදිහට කොහිල අලත් හදා ගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්:
  • රාබු අල 3 ක් (සාමාන්‍ය ප්‍රමාණයේ)
  • රටලුනු ගෙඩි 1/2
  • අමු මිරිස් කරල් 2
  • සුදුලුනු බික් 2
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • කහකුඩු තේ හැඳි 1
  • අමු තුනපහ කුඩු තේ හැඳි 1
  • අබ තේ හැඳි 2
  • පොල් කිරි (මිටිකිරි -දියකිරි කලවමට)කෝප්ප 1
  • කරපිංචා කොල මිටක්
  • ලුනුකුඩු රස අනුව
  • ගොරකා අන්ඩක්

සාදාගන්නා ආකාරය:
  • රාබු සිහින්ව දිගට කපා ගන්න. ලුනු ටිකක් අතගා සෝදා මිරිකා ගන්න.
  • එය බදුනකට දමා, අබ හැර සියල්ල දමා මද ගින්නේ උයා ගන්න.
  • හොදින් හිදුනු පසු ලිපෙන් බාගන්න.
  • වෙනම පොඩි සාස්පානක් ලිපට තියා අබ ටික එයට දම, පුපුරන විට බදුනකට දමා හැන්දකින් කුඩු කරගන්න. නොමැතිනම් පොඩි වන්ගෙඩියකට දමා කොටාගන්න. පසුව කලින් පිසගත් රාබු මාලුවට දමා හොදින් කලවම් කරගන්න.




ලිපිය අපිට එව්වේ උත්පලා පියදාස කියලා රෝමයේ ඉන්න අපේ සුපුරුදු මිතුරිය. ඉතිං අපි හැමොම, උත්පලා මේ වගේ එයා කෑම හදන විදිහ අපිට කියලා දුන්නට ස්තූති වන්ත විය යුතුයි. ආයෙමත් උත්පලාව හමුවෙමුකෝ උත්පලාගේ ඊලග ලිපියෙන් එහෙනම්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment