About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cashew Burfi - කජු බෆී

සුදු පාටට පිටි ටිකක් එහෙම ගාලා තිබුනනම් පෙනුමෙන් අලුවා කෑලිම තමා. මේවා අලුවා වලට වඩානම් සෑහෙන්න රසය…
Cashew Burfi - කජු බෆී
සුදු පාටට පිටි ටිකක් එහෙම ගාලා තිබුනනම් පෙනුමෙන් අලුවා කෑලිම තමා. මේවා අලුවා වලට වඩානම් සෑහෙන්න රසයි ඕන්. හේතුව මේවා හදන්නෙ තනිකරම කජු වලිනුයි, සීනි පැණි වලිනුයි හින්දා. කජු තියෙනවනම් රහ ගැන මොන කතාද නේද? මේකෙ නම තමයි කජු බෆී. කජු කට්ලි කියලත් කියනවා. මේක ඉන්දියානු රස කැවිල්ලක්, විශේෂයෙන්ම එයාලා මේක දීපවාලි වලටනෙ හදනවා කියන්නෙ. බලන්නකෝ හදන්නෙ කොහොමද කියලා එහෙනම්.

අවශ්‍ය දේවල්:
  • වියළි කජු මද 225g පමණ
  • සීනි 100g
  • වතුර 60ml පමණ (අඬු කෝප්ප ¼ පමණ)
  • බටර් හෝ ගිතෙල් ස්වල්පයක් (අවශ්‍ය විය හැකියි)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම කජු ටික බ්ලෙන්ඩර් එකට දාමා යන්තමින් කෑලි සිටින්න බ්ලෙන්ඩර් කර ගන්න.
  • (ඕනේවට වඩා බ්ලෙන්ඩර් කර ගන්න එපා, නැත්තම් කජු වලින් තෙල් ගතියක් එන්න පුළුවන්.)
  • පසුව සුදුසු භාජනයක් ලිප තබා සීනි එක්ක වතුර දා ගෙන අඩු ගින්දරේ හොඳින් හැදි ගාමින් උණු කරන්න ගන්න.
  • සීනි සම්පූර්ණයෙන්ම දිය වී බුබුළු දමා නටා ගෙනවිත් උකු වෙන්න ගත් විට බ්ලෙන්ඩර් කර ගත්තු කජු ටික එයට එකතු කරන්න.
  • දිගටම නොනවත්වා හොඳින් හැදි ගා ගෙන කජු හා සීනි මිශ්‍රණය විනාඩි 5-8ක් පමණ අඩු ගින්දරේ පිස ගන්න.
  • කජු හා සීනි මිශ්‍රණය උකු වී එක ගුලියට ආ විට දිගටම හැන්දෙන් පෙරල ගන්න.
  • මිශ්‍රණය ක්ලේ (Clay) වල මෙන් මෘදු පහසුවෙන් ඇදෙන හා නැමෙන සුළු තත්වයට ආ විට ලිප නිවා ගෙන මිශ්‍රණය මදක් නිවෙන්නට හරින්න.
  • මිශ්‍රණය අතින් ඇල්ලිය හැකි මට්ටම විනාඩි 10 පමණ වෙලා නිවුනු පසුව එය ටික වේලාවක් තවත් මෘදු වන තුරු අතින් හොඳින් අනා ගන්න. මිශ්‍රණය වියළි ගතියක් දැනෙනවා නම් එයට බටර් හෝ ගිතෙල් ස්වල්පයක් දමා අතින් හොඳින් අනන්න ගන්න.
  • දැන් තෙල් කඩදාසියක් දමා ගත් තැටියකට කජු මිශ්‍රණය දමා ගෙන එය උඩින් ද තෙල් කඩදාසියක් තබා රෝලින් පින් (Rolling pin) එකකින් රෝල් කර මිශ්‍රණය අඟල් ¼ පමණ ඝනකම සිටින සේ තුනී කර ගෙන කෑලි කපා ගන්න.

වැදගත්:
  • මෙයට යොදා ගන්න කජු, අනිවාර්යයෙන්ම අමු කජු වෙන්න ඕනේ. බේක් කරපු හරි බැදපු හරි කජු ගන්න එපා. ෆ්‍රිජ් එකේ තියා ගත්ත කජු ගන්නවා නම් කාමර උෂ්ණත්වයට පත් වෙන්න පැය 3ක් විතර වත් ශීතකරණයෙන් පිටත තියන්න.
  • කජු බ්ලෙන්ඩර් කරන කොට සැලකිළිමත් වෙන්න. ක්‍රීම් එකක් වෙනකම් බ්ලෙන්ඩර් කරන්න එපා, එතකොට කජු වලින් තෙල් පෑදෙන්න ගන්නවා.
  • පල්ලෙ පොටෝ වල තියෙනවා වගේ සීනි මිශ්‍රණයෙන් ස්වල්පයක් ඇඟිලි තුඩු වලින් අල්ලා ඇඟිලි දිග හැරීමේදී නූලක් මෙන් ඇදෙනවා නම් සහ වතුර සහිත භාජනයකට සීනි මිශ්‍රණයෙන් ස්වල්පයක් දැමූ විට පැණි වතුරේ දිය නොවී පතුලට යනවා නම් සීනි මිශ්‍රණයේ පදම හරි. (හැබැයි සීනි පැණිය උණුසුම් නිසා පරිස්සම් වෙන්න.)
  • ඒ වගේම අන්තිම කජු මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් ක්ලේ වලින් වගේ පහසුවෙන් හැඩ හදන්න පුළුවන් නම් ඒ මිශ්‍රණයෙත් පදම හරි.

 පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:

 කජු ටික මෙන්න මේ ගානට කුඩු කරගන්න ඕන.
 
 ඊට පස්සෙ සීනි ටික දියකර ගන්න ඕන. අන්තිම පොටෝ එකේ තියෙන පදමට තමයි හදාගන්න ඕන.

 දැන් දෙකම කලවම් කරලා ක්ලේ වගේ වෙනකන් පෙරලමින් හැදිගා ගන්න ඕන. 

දැන් මේ වගේ තුනී කරගන්න ඕන.

දැන් ඉතිං කෑලි කපන්න තමයි තියෙන්නෙ.

ඔන්න වැඩේ හරි. දැන් ඉතිං කන්න තමයි තියෙන්නෙ.







මේ ලිපිය සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ sharmispassions.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment