About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mashed Banana Fritters - පිලොස් (ෆ්‍රිටස්)

ඔන්න තවත් අලුතෙන් යාලුවෙක් ඇවිල්ලා ඔයාලට රසම රස කෑමක් හදන විදිහ කියලා දෙන්න. අපේ අලුත් මිතුරියගෙ නම…
Mashed Banana Fritters - පිලොස් (ෆ්‍රිටස්)
ඔන්න තවත් අලුතෙන් යාලුවෙක් ඇවිල්ලා ඔයාලට රසම රස කෑමක් හදන විදිහ කියලා දෙන්න. අපේ අලුත් මිතුරියගෙ නම තමයි ෆාතිමා. ෆාතිමාත් ඔයාලා වගේම ඇප් එක බලන කෙනෙක්. එයා කියලා දෙන්න යන්නෙ පිලෝස් කියන රස කැවිලි වර්ගය හදගන්න විදිහ. ඔන්න දැන් ඉදලා එයාගෙ වචනවලින්, 

නිතරම වගේ අපේ ගෙදර මේ දේ හදනවා. එත් මට පින්තුරයක් ගන්න බැරිවුණා ඒ නිසා අයියාට පුලුවන්නම් හදලා පින්තුරයක් ගන්න. තේ බොන වෙලාවට නම් හොඳයි.

අවශ්‍ය දේවල්:
  • පාන් පිටි (මේස හැදි 3-4 ක්)
  • ඉදුණු කෙසෙල් ගෙඩි ටිකක් වැඩිපුර (එහෙම දැම්මොත් ගොඩක්‍ රසයි නැත්නම් හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩි 2 ක් පමණ දාන්න)
  • අප්ප සෝඩා ටිකක් (තේ හැදි ½ ක් පමණ):  (බේකින් සෝඩා හෝ බේකින්ග් පවුඩර්)
  • වතුර ටිකක්
  • සීනි ටිකක් (තේ හැන්දක් පමණ)
  • ලූණු ටිකක්
  • බැඳ ගන්න තෙල්

පැණි එක සඳහා අවශ්‍ය දේවල්:
  • හකුරු
  • වතුර
  • සීනි

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පාන් පිටි ටිකට කෙසෙල් ගෙඩි ටික දාලා හොඳට පොඩි කරන්න ඕනෙ.
  • පස්සෙ ඒකටම සීනි, අප්ප සෝඩා, ලුණු දමා ගෙන වතුර ටික ටික එකතු කරමින් ටිකක් ඝනකමින් වැඩි උකු මිශ්‍රනයක් (බැටර් එකක්) සාදා ඕනෙ.
  • දැන් තෙල් තාච්චිය ලිප තබා තෙල් රත් වූ පසු හැන්දක් මඟින් මිශ්‍රනයෙන් ටික ටික තෙලට දමා ගෙන රන්වන් පාට වන තෙක් බැද ගෙන තෙල් බේරීමට පසෙකින් තබා ගන්න.
  • ඉන් පසුව හකුරු, සීනි සහ වතුර තම තමන්ට අවශ්‍ය ප්‍රමාණ වලින් ගෙන භාජනයකට දමා ලිප තබා උණු කර ගන්න.
  • සීනි සහ හකුරු හොඳින් දිය වී උතුරා පැණි උකු වීටම ගත් විට ලිපෙන් බා ගෙන නිවෙන්න හරින්න.
  • දැන් ඉතින් කන වෙලාවට පිලොස් එකට උඩින් පැණි දාලා කන්න තියෙන්නෙ. ගුලාබ් ජමුන් වගෙ පිලොස් එක පැණි එකට දාලා තියන්නෙ නැහැ.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ: 
පාන් පිටි, කෙසෙල් ගෙඩි ටික එකට දාලා හොඳට පොඩි කරන්න ඕනෙ. පස්සෙ ඒකටම සීනි, අප්ප සෝඩා, ලුණු දාලා හදාගත්ත මිශ්‍රනය තමයි මේ.

දැන් තියෙන්නෙ හදාගත්ත මිශ්‍රනයෙන් ටිකක් මේ වගේ හැන්දකින් තෙල් වලට දාලා මේ වගේ රන්වන් පාට වෙනකන් බැදගන්න ඕන. පැණි ටිකත් උනු කරගන්න අමතක කරන්න එපා.

දැන් කන වෙලාවට පැණි ටිකක් දාගෙන කන්න තමයි තියෙන්නෙ.

ම්ම්ම්ම්... රස ගැන කියන්නම ඕනෙද?







ලිපිය ලිව්වේ ෆාතිමා රිස්නා මිතුරිය. මේක එයා අපිට එවලා ගොඩක් දවස්. ලිපිය දාන්න ටිකක් පරක්කු උනාට සමාවෙන්න ඕනෙ ඕන්. ඉතිං ෆාතිමා අපිට මේ වගේ රසම රස කෑමක් හදන්න කියලා දුන්නට අපි හැමෝම ෆාතිමාට ස්තූතිවන්න වෙන්න ඕන නේද? ඔන්න එහෙනම් ෆාතිමාට ස්තූතියි!. ෆාතිමා එවපු තව ගොඩක් ලිපි තියෙනවා. ඒවත් ඉස්සරහට දාන්නම්කෝ..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment