About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bathala - බතල කළු පොල් මාළුව

ඉවුම් පිහුම් ඇප් එකේ අපි කලුපොල් මාලු, සුදුපොල් මාලු කිහිපයක්ම හැදුවනේ. දැන් කියලා දෙන්න යන්නෙ රසම …
Bathala - බතල කළු පොල් මාළුව
ඉවුම් පිහුම් ඇප් එකේ අපි කලුපොල් මාලු, සුදුපොල් මාලු කිහිපයක්ම හැදුවනේ. දැන් කියලා දෙන්න යන්නෙ රසම රස බතල කළු පොල් මාළුවක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නෙ කොහොමද කියලා. මේකට අපි ගන්න දේවල් ඔයාලගේ කැමැත්ත අනුව කැමති කැමති ප්‍රමාණ වලින් ගන්න පුලුවන්.
 
අවශ්‍ය දේවල්:
  • බතල 500g
  • ගා ගත් පොල් මේස හැදි 2-3ක් පමණ
  • හාල් මේස හැදි 1-2ක් පමණ
  • මිරිස් කුඩු තේ හැදි 2ක් පමණ
  • ගම්මිරිස් ඇට තේ හැදි  ½ ක් පමණ
  • තුනපහ කුඩු තේ හැදි 1 ½ ක් පමණ
  • කහ කුඩු තේ හැදි  ¼ ක් පමණ
  • රම්පේ
  • කරපිංචා
  • ගොරකා කෑල්ලක්
  • උළුහාල් ස්වල්පයක්
  • කුරුඳු කැබැල්ලක්
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 6-7ක්
  • සිහින්ව ලියා ගත් සුදු ලූණු බික් 3-4ක්
  • සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • මිටි කිරි අඬු කොප්ප 2ක් පමණ
  • දිය කිරි අඬු කොප්ප 2 ½ - 3ක් පමණ
  • තෙල් ස්වල්පයක්
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම සුදුසු භාජනයක් ලිප තබා එයට හාල් ටික දමා ගෙන කබලේ බැද ගන්න පටන් ගන්න.
  • හාල් යන්තමින් බැදී ගෙන එන විට එයට පොල් ටික දමා ගෙන පොල් යන්තමින් දුඹුරු පැහැ වී ගෙන එන විට එයට ගම්මිරිස් ඇට, තුනපහ හා මිරිස් කුඩු දමා හැදි ගාමින් තද දුඹුරු පැහැ වන තුරු හොඳින් කබලේ බැද ගෙන ලිපෙන් බා ගන්න.
  • දැන් කබලේ බැද ගෙන සාදා ගත් හාල්, පොල් මිශ්‍රණය ගෙන හොඳින් ගලේ අඹරා ගන්න, නැතහොත් බ්ලෙන්ඩර් කර ගන්න.
  • පසුව බතල වල පොතු හැර හොඳින් සෝදා පිරිසිදු කර කෑලි වලට කපා ගෙන එයට කබලේ බැද අඹරා ගෙන සාදා ගත් හාල් පොල් මිශ්‍රණය හා කහ කුඩු දමා ගෙන බතල වල මිශ්‍රණය දැවටෙන සේ හොඳින් අත ගා ගන්න.
  • දැන් සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දා ගන්න.
  • තෙල් රත් වූ විට එයට පිළිවෙලින් රම්පේ, කරපිංචා, කුරුඳු කැබැල්ල, රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස් සහ උළුහාල් දමා ගෙන තම්පරාදු කර ගන්න.
  • එයට හාල් පොල් මිශ්‍රණය අත ගා ගත් බතල ටික දමා ගෙන හොඳින් කලවම් කරන්න.
  • ඉන් පසුව දිය කිරි සමඟ ගොරකා කැබැල්ල දමා ගෙන බතල හොඳින් තැම්බී කිරි හිදෙන තෙක් සාමාන්‍ය ගින්දරේ පිස ගන්න. (බතල ටික තැම්බෙන්න දිය කිරි මදි යයි සිතේ නම් එයට බතල තැම්බීමට අවශ්‍ය පරිදි වතුර ටිකකුත් දමා ගන්න.)
  • කිරි හිදී ගෙන එන විට එයට මිටි කිරි සහ රස අනුව ලුණු එකතු කර මිටි කිරි නටවා ගෙන අවශ්‍ය ප්‍රමාණයට හොද්ද උකු වූ පසුව ලිපෙන් බා ගන්න. (කැමති නම් හොද්ද හිදෙන තුරු බස්සවා ගන්න.)
  • වැඩේ ඉවරයි! දැන් ඉතිං කන්න තමයි තියෙන්නෙ.


wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment