About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Breadfruit Curry - ඉන්දියානු ක්‍රමයට දෙල් කරිය

හැමදාම ලංකාවෙ විදිහට හදන දෙල් ඔන්න දැන් චුට්ටක් වෙනස් විදිහට ඉන්දියානු ක්‍රමයට හදන්න කියලා දෙන්න යන…
Breadfruit Curry - ඉන්දියානු ක්‍රමයට දෙල් කරිය
හැමදාම ලංකාවෙ විදිහට හදන දෙල් ඔන්න දැන් චුට්ටක් වෙනස් විදිහට ඉන්දියානු ක්‍රමයට හදන්න කියලා දෙන්න යන්නෙ.

අවශ්‍ය දේවල්:
දෙල් තම්බා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:
  • දෙල් ගෙඩි 1
  • ලුණු රස අනුව
  • කරපිංචා ටිකක්
  • කහ කුඩු තේ හැදි 1/4ක් පමණ

පේස්ට් එක සඳහා අවශ්‍ය දේවල්:
  • ගාත් පොල් කෝප්ප 1 ක්  පමණ
  • ලියා ගත් රතු ලූණු 2-3ක්
  • ලියා ගත් සුදු ලූණු 1-2ක් පමණ
  • මාදුරු ස්වල්පයක්
  • කොත්තමල්ලි කුඩු තේ හැදි  4ක් පමණ
  • මිරිස් කුඩු තේ හැදි 1ක් 1 ½ ක් පමණ
  • කහ කුඩු තෙ හැදි ½ ක් පමණ
  • කරපිංචා ඉති 2ක කරපිංචා කොළ

සාදා ගන්නා ආකාරය:
  • දෙල් ගෙඩිය සෝදා පිරිසිදු කර ගෙන කුඩා කැබලි කපා ගෙන භාජනයකට දමා ගන්න.
  • එයට වතුර, කහ කුඩු තේ හැදි ¼, කරපිංචා සහ රස අනුව ලුණු දමා ලිප තබා ගෙන පියනකින් වසා සාමාන්‍ය ගින්දරේ දෙල් කැබලි තැම්බෙන තුරු පිස ගෙන ලිපෙන් ඉවත් කරන්න.
  • ඒ අතරතුර තවත් භාජනයක් ලිප තබා එයට පේස්ට් එක සඳහා අවශ්‍ය ගා ගත් පොල්, ලියා ගත් රතු ලූණු, ලියා ගත් සුදු ලූණු, මාදුරු සහ කරපිංචා කොළ එකතු කර අඩු ගින්දරේ මදක් දුඹුරු පැහැ වන තුරු කබලේ බැද ගෙන එයටම කොත්තමල්ලි කුඩු, කහ කුඩු සහ මිරිස් කුඩු එකතු කර තද දුඹුරු පැහැ වන තුරු හොඳින් හැදි ගාමින් කබලේ බැද ගෙන ලිපෙන් බා පසෙකින් තබා නිවෙන්නට හරින්න.
  • දැන් කබලේ බැද නිවෙන්නට තැබූ මිශ්‍රණය ගෙන එයට වතුර ස්වල්ප්යක් ද එකතු කර බ්ලෙන්ඩර් කර පේස්ට් එක සදා ගන්න.
  • පසුව සාදා ගත් පේස්ට් එක තම්බා ගත් දෙල් කැබලි වලට කලවම් කර නැවත ලිප තබා දෙල් හොද්ද හොඳින් නටන තෙක් පිස ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • පේස්ට් එක දැම්මට පස්සෙ හොද්දට වතුර ගතිය මදි වගේනම් වතුර ටිකකුත් දාන්න.

    පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
     මෙන්න තියෙනවා භාන්ඩෙ. අදුරනවනේ?...
     
     කහ, කරපිංචා, ලුණු දාලා දෙල කෑලි ටික හොදට තම්බගන්න ඕන.

     ඒ ගමන්ම තව තවත් භාජනයක් ලිපේ තියලා ඒකට පේස්ට් එකට ඕන දේවල් ටික දාලා ටිකක් දුඹුරු පාට වෙනකන් මේ වගේ බැදගන්න ඕන. ඊට පස්සෙ ටිකක් නිවෙන්න තියන්න. නිවෙන්න තියලා බ්ලෙන්ඩර් එකට ඒ ටික දාලා වතුර ටිකකුත් දාලා පේස්ට් එකක් හදාගන්න ඕන.

     මේ තියෙන්නෙ හදාගත්ත පේස්ට් එක තම්බගත්ත දෙල් කෑලි වලට උඩින් දාලා. දැන් ඉතින් මේක හොදට කලවම් කරලා, ලිපේ තියෙන්න ඕන.

     ඔන්න අපේ ඉන්දියානු ක්‍රමේට හදපු රසම රස දෙල් මාලුව හරී..






    මේ ලිපිය සිංහලට පරිවර්තනයක්. කරුණු ලබාගත්තේ mareenasrecipecollections.com වෙබ් අඩවියෙන්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment