About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kekiri Curry - කැකිරි ව්‍යංජනය

කැකිරි කියන්නෙ වකුගඩු රෝගයට ඉතාමත් ගුණදායක කෑමක් කියලා අපි හැමෝම දන්නවනෙ. කැකිරි වලින් ව්‍යංජනයක් හ…
Kekiri Curry - කැකිරි ව්‍යංජනය
කැකිරි කියන්නෙ වකුගඩු රෝගයට ඉතාමත් ගුණදායක කෑමක් කියලා අපි හැමෝම දන්නවනෙ. කැකිරි වලින් ව්‍යංජනයක් හදාගන්න විදිහ තමයි ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ. බලන්නකෝ එහෙනම් හදන්නෙ කොහොමද කියලා.
 
අවශ්‍ය දේවල්:
  • කැකිරි 500g
  • ගා ගත් පොල් ගෙඩියක පොල්
  • මිරිස් කුඩු මේස හැඳි 2 1/2
  • කහ කුඩු තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • තුනපහ කුඩු තේ හැඳි 1
  • කුරුඳු පොතු කැබලි 2
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු
  • කරපිංචා ඉති 2
  • රම්පෙ කොළ කැබලි 2
  • ගොරක බික් 2
  • රතුළූණු ගෙඩි 5
  • සුදුළූණු ගෙඩි 5

සාදාගන්නා ආකාරය:
  • කැකිරි ඇට ඉවත් කර කුඩා කැබලිවලට කපා මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, කුරුඳු පොතු, ලුනු, කරපිංචා, රම්පෙ, ගොරකා, රතුළූණු කුඩාවට ලියා සුදුළූණු කුඩාවට ලියා සියල්ල හොඳින් මිශ්‍ර කර අනා පැය 1/2 පමණ වසා තබන්න.
  • පසුව ගා ගත් පොල් මිරිකා දියකිරි සහ මිටිකිරි සියල්ල කැකිරි මිශ්‍රණයට දමා මඳ ගින්නේ හොඳින් තම්බාගන්න.
  • තෙල් පෑදී තැම්බුණු පසු ලිපෙන් බා ගන්න.
 අපි හැමෝම දන්න කැකිරි..






ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ sithmalyaya.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment