About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kalu Pol Pumpkin Curry - වට්ටක්කා කළුපොල් මාලුව

මීට කලින් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකෙන් "වට්ටක්කා සුදු පොල් මාලුව" හදන විදිහ කියලා දුන්නන…
Kalu Pol Pumpkin Curry - වට්ටක්කා කළුපොල් මාලුව
මීට කලින් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකෙන් "වට්ටක්කා සුදු පොල් මාලුව" හදන විදිහ කියලා දුන්නනේ. ඔන්න ඔයාලට කියලා දෙන්න යන්නෙ "වට්ටක්කා කළුපොල් මාලුව" හදන විදිහ දැන්. සුදුපොල් මාලුව වගේම තමා මේකත් හරිම රසයි. මෙන්න මෙහෙමයි හදන්නෙ කළුපොල් මාලුව, 


අවශ්‍ය දේවල්:
  • වට්ටක්කා 500g
  • මිරිස් කුඩු තේ හැඳි 1ක්
  • කහ කුඩු තේ හැඳි 1/4ක්
  • සුදු ලූණූ බික් 5ක්
  • බී ලූණූ ගෙඩියයි
  • අමු මිරිස් කැරලි 3ක්
  • අඟල් 2ක කුරුඳු කැබලි 2ක්
  • කරපිංචා කිනිති 2ක්
  • අමු තුනපහ මේස හැඳි 1ක්
  • අබ කුඩු තේ හැඳි 2ක්
  • අබ ඇට තේ හැඳි 1ක්
  • ගාගත් පොල් මේස හැඳි 2ක්
  • හාල් මේස හැඳි 2ක්
  • පොල් කිරි 250ml
  • තෙම්පරාදු කිරීම සඳහා තෙල් සහ ලුණු රස පදමට

සාදාගන්නා ආකාරය:
  • භාජනයක් රත් කර එයට සහල් දමා එය රන්වන් පැහැ වනතුරු බැඳ වෙනත් භාජනයකට දමා වෙන් කොට තබා ගන්න.
  • දැන් පොල්ද ඒ ආකාරයටම බැඳ ගන්න.
  • පසුව පොල් සහ සහල් එකට දමා අඹරා ගන්න.
  • දැන් තෙම්පරාදුව සඳහා තෙල් ටිකක් එකතු කර ගනිමු. මුලින්ම අබ ඇට, ලූණූ, අමු මිරිස්, කරපිංචා, රම්පා, කුරුඳු සහ සුදු ලූණූ දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.
  • දැන් එයට වට්ටක්කා කැබලි ටික එකතු කරගන්න.
  • පසුව එයට වතුර, ලුණු, අමු තුනපහ, කහ සහ මිරිස් කුඩු එකතු කර පියනෙන් වසා හොඳින් තම්බා ගන්න.
  • දැන් කලින් බැද කුඩු කරගත් සහල් සහ පොල් මිශ්‍රණය කිරි වලට එකතු කර කිරි ටික වට්ටක්කා මිශ්‍රණයට එකතු කරගන්න. මෙය තවත් විනාඩි 5ක් පමණ උතුරවා ගන්න.
  • එච්චරයි. දැන් වට්ටක්කා ව්‍යංජනය රස බැලීම සඳහා සූදානම්.




ලිපිය ලබාගත්තේ freshfood.lk වෙබ් අඩවියෙනි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment