About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Marshmallow Popcorn Bars - මාශ්මෙලෝ පොප්කෝන් බාර්

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ බොහොම සරල ඒ වගේම රසම රස පොඩි කෑමක් හදාගන්න විදිහ. මාශ්මෙලෝ පොප්ක…
Marshmallow Popcorn Bars - මාශ්මෙලෝ පොප්කෝන් බාර්
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ බොහොම සරල ඒ වගේම රසම රස පොඩි කෑමක් හදාගන්න විදිහ. මාශ්මෙලෝ පොප්කෝන් බාර් කියලා තමයි මේකට කියන්නෙ. ටිකක් සිංහලෙන් කියනවනම් මාශ්මෙලෝ, ඊට පස්සෙ පොරි එහෙම දාලා හදපු රසම රස කෑලි වගයක් හදන්න තමයි යන්නෙ. බොහොම ලේසියෙන් වගේම ඉක්මනින්ම හදන්නත් පුලුවන්. පොඩ්ඩොනම් ඉල්ල ඉල්ල කයි අනිවාර්යෙන්ම. හා හා කතා ඇති ඇති. බලන්නකෝ එහෙනම් හදන විදිහ.

අවශ්‍ය දේවල්:
  • මාශ්මෙලෝ
  • බටර්
  • පොප්කෝන් (පොරි)

සාදාගන්නා ආකාරය:
  • බටර් ස්වල්පයක් බාජනයකට දමා ඩබල් බොයිල් ක්‍රමයට බොයිල් කරගන්න.
  • එයටම මාශ්මෙලෝ එක් කර මාශ්මෙලෝ උණුකරගන්න. (බටර් සහ මාශ්මෙලෝ බාජනයකට දමා මයික්‍රොවේව් කරගන්නත් පුළුවන්)
  • එයට පොප් කෝන් එක් කර හොඳින් කලවම් කර බටර් ගා ගත් තැටියක අඟල් 2ක් පමණ ඝණකමට තුනී කර නිවෙන්න හැර කෑලි කපා ගන්න.
  • දැන් ඉතිං රස කර කර කන්න තමයි තියෙන්නෙ.
 
 මාශ්මෙලොයි පොරියි තමයි මේ. ඔයාලා මේවනම් දන්නවනේ.

 අපි හදාගත්ත මිශ්‍රනය බටර් ගා ගත්ත තැටියක මෙන්න මේ වගේ දාලා තියෙන්න. දැන් ඉතිං නිවුනට පස්සෙ කෑලි කපන්න තමයි තියෙන්නෙ.

 ඔන්න වැඩේ හරි. කෑලිත් කැපුවා. යකඩො මේක ඇදෙන ඇදිල්ල නේද? ඔන්න හදන්න ඕන කරන බඩු ටික තියෙනවනම් අපේ ඉවුම් පිහුම් නෝනල ටික හදන්න ඕන මේක. බොහොම පොඩි දේවල් ටිකක්නෙ ඕන වෙන්නෙත්.





ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment