About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Breadfruit curry - දෙල් මාළුව මිරිසට

ගොඩක් වෙලාවට අපි දෙල් මාළුව හදන්නේ කිරට නෙ, දැන් කියලා දෙන්න හදන්නෙ දෙල් මාළුව මිරිසට හදාගන්න විදිහ…
Breadfruit curry - දෙල් මාළුව මිරිසට
ගොඩක් වෙලාවට අපි දෙල් මාළුව හදන්නේ කිරට නෙ, දැන් කියලා දෙන්න හදන්නෙ දෙල් මාළුව මිරිසට හදාගන්න විදිහ. මේ ටිකේනම් දෙල් හොයාගන්න අමාරුයි සමහර අයට. සමහර අයටනම් තියෙනවා කියලා ආරන්චියි. දෙල් කන්න රුසියෝ එහෙම ඉන්නවනම් කෙළ ගිලින්නෙ එහෙම නෑ. ඒකනෙමේ, මේ ඉවුම් පිහුම් ඇප් එකේ ඉන්න අය තම්බපු දෙල් පොලුත් එක්ක එහෙම කන්න අකමැතියි කියලා ආරචියක් ආවා.. ඒක ඇත්තද? හ හා.. කෙළ ගිලින් නෑ.. 


අවශ්‍ය දේවල්:
  • කුඩා දෙල් ගෙඩි 1
  • ලියා ගත් රතු ලූණු
  • ලියා ගත් අමු මිරිස් කරල්
  • කරපිංචා
  • රම්පේ
  • කහ කුඩු ස්වල්පයක්
  • බැදපු තුනපහ කුඩු
  • බැදපු මිරිස් කුඩු
  • ලුණු (රස අනුව)

තෙම්පරාදුව සඳහා අවශ්‍ය දේවල්:
  • පොල් තෙල් ටිකක්
  • චොප් කර ගත් සුදු ලූණු
  • චොප් කර ගත් රතු ලූණු
  • කරපිංචා
  • රම්පේ

සාදා ගන්නා ආකාරය:
  • දෙල් ගෙඩිය ගෙන සෝදා පිරිසිදු කර තරමක කෑලි කපා ගෙන මදක් සිසිල් ජලය සහිත භාජනයකට දෙල් කැබලි ටික දමා ගන්න. (දෙල් කැබලි වල කහට පිපීම වළක්වා ගැනීමට)
  • ටික වේලාවකට පසුව දෙල් කැබලි ජලයෙන් ඉවත් කර ඉක්මනින් වතුර බේරා ගෙන එයට කහ කුඩු, බැදපු තුනපහ කුඩු සහ බැදපු මිරිස් කුඩු දමා ගෙන හොඳින් අත ගා ගන්න.
  • පසුව එයටම රතු ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා සහ අවශ්‍ය තරමට වතුර එකතු කර ලිපෙන් තබා ගන්න.
  • රස අනුව ලුණු එකතු කරන්න.
  • දෙල් හොඳින් තැම්බෙන තෙක් විටින් විට හැදි ගාමින් සාමාන්‍ය ගින්දරේ පිස ගන්න.
  • කරිය උකු වී නටන තෙක් පිස ගෙන ලිපෙන් බා ගන්න.
  • පසුව තවත් භාජනයකට පොල් තෙල් දමා ගෙන ලිප තබා තෙල් රත් වූ විට එයටම රම්පේ, කරපිංචා, චොප් කර ගත් රතු ලූණු සහ චොප් කර ගත් සුදු ලූණු එකතු කර රන්වන් පාටට බැද ගෙන එයට දෙල් මාළුව එකතු කර තෙම්පරාදු කර ගෙන ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • තම තමන්ගේ රස අනුව ඔබ එකතු කරන කහ කුඩු, බැදපු තුනපහ කුඩු සහ බැදපු මිරිස් කුඩු ප්‍රමාණය අඩු වැඩි කළ හැකිය. නමුත් මෙහි දී මදක් වැඩිපුර බැදපු මිරිස් කුඩු එකතු කර ගත යුතුය.





ලිපිය ලිව්වේ ටී.පී ධම්මිකා මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment