About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Iguru Dosi - ඉඟුරු දෝසි

"ඉඟුරු දෝසි" ගැන අහලා තිබුනට ඉඟුරු දෝසි හදන්නේ කොහොමද කියලා දැනන් හිටියෙ නෑ නේද? ඔන්න දැන…
Iguru Dosi - ඉඟුරු දෝසි
"ඉඟුරු දෝසි" ගැන අහලා තිබුනට ඉඟුරු දෝසි හදන්නේ කොහොමද කියලා දැනන් හිටියෙ නෑ නේද? ඔන්න දැන් ඉඟුරු දෝසි හදන විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. පුහුල් දෝසි එක්ක එහෙම මේක පටලවා ගන්න එපා. "පුහුල් දෝසි" ඕන අය අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ "කැවිලි වර්ග" කියන කොටස යටතේ පොඩ්ඩක් බලන්නකෝ. අපි කලින් කියලා දුන්නා පුහුල් දෝසි හදන්නේ කොහොමද කියලා.
 
අවශ්‍ය දේවල්:
  • අමු ඉඟුරු 200g
  • සූකිරි 200g
  • සීනි 300g
  • වතුර 600ml පමණ
  • බටර් මේස හැදි 1

සාදා ගන්නා ආකාරය:
  • අමු ඉඟුරු සෝදා පොතු හැර කෑලි සිටින සේ කොටා ගන්න.
  • සුදුසු භාජනයක් ලිප තබා එයට ඉඟුරු, වතුර සහ සීනි දමා තම්බා ගන්න.
  • එය හොඳින් තැම්බී උතුරන විට එයටම කුඩු කර ගත් සූකිරි ද එකතු කරන්න.
  • සූකිරි දිය වන තුරු හොඳින් හැදි ගා ගන්න.
  • මිශ්‍රණය බුබුළු දමමින් උකු වී භාජනයේ බිත්ති වටේට සීනි බැදෙන්න ගත් විට එයට බටර් එකතු කර ලිපෙන් බා ගෙන බටර් ගා ගත් තැටියකට දමා තුනී කරන්න.
  • පසුව ටිකක් නිවුනු පසුව කෑලි කපා ගන්න.

වැදගත්:
  • මෙම ඉඟුරු දෝසි මිශ්‍රණය බා ගන්නා පදම වන විට ගලා ගෙන යන, තරමක දියාරු නමුත් උකු මිශ්‍රණයක් ලෙස සෑදේ.
  • වඩාත් ඉඟුරු රසට අකමැති නම් ඉඟුරු යන්තමින් කොටා ඇල් ජලයේ විනාඩි 15ක් පමණ තබා ගෙන දිය බේරා ගන්න.
 මේ තියෙන්නෙ කඩේ ගන්න තියෙන පැකට් එකක්






ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ slrecipeaids.blogspot.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment