About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Breadfruit Curry - දෙල් මාළුව කිරට

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස දෙල් මාළුවක් කිරට හදාගන්න විදිහ. ඔන්න දෙල් ගෙඩියක් හොයාගත්තනම් ව…
Breadfruit Curry - දෙල් මාළුව කිරට
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස දෙල් මාළුවක් කිරට හදාගන්න විදිහ. ඔන්න දෙල් ගෙඩියක් හොයාගත්තනම් වැඩේ හරි. ඕන් කෙළ ගිලිනවා එහෙම නෙමේ... 


අවශ්‍ය දේවල්:
  • කුඩා දෙල් ගෙඩි 1 (450g පමණ)
  • ලියා ගත් රතු ලූණු 4-5
  • ලියා ගත් අමු මිරිස් කරල් 2
  • කරපිංචා
  • රම්පේ
  • කහ කුඩු තේ හැදි  ¼ ක් පමණ
  • අමු තුනපහ කුඩු තේ හැදි  ½ ක් පමණ
  • මිරිස් කුඩු තේ හැදි  ¾ ක් පමණ
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • උළුහාල් ඇට ස්වල්පයක්
  • මිටි කිරි කෝප්ප 1
  • දිය කිරි කෝප්ප 1 ½
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • දෙල් ගෙඩිය ගෙන සෝදා පිරිසිදු කර තරමක කෑලි කපා ගෙන මදක් සිසිල් ජලය සහිත භාජනයකට දෙල් කැබලි ටික දමා ගන්න. (දෙල් කැබලි වල කහට පිපීම වළක්වා ගැනීමට)
  • ටික වේලාවකට පසුව දෙල් කැබලි ජලයෙන් ඉවත් කර ඉක්මනින් වතුර බේරා ගෙන එයට කහ කුඩු, තුනපහ කුඩු, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු දමා ගෙන හොඳින් අත ගා ගන්න.
  • පසුව එයටම රතු ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, උළුහාල් සහ කුරුඳු පොතු කැබැල්ල සමඟ දිය කිරි සහ අවශ්‍ය නම් වතුර ද එකතු කර ලිපෙන් තබා ගන්න.
  • රස අනුව ලුණු එකතු කරන්න.
  • දෙල් තැම්බෙන තෙක් විටින් විට හැදි ගාමින් සාමාන්‍ය ගින්දරේ පිස ගන්න.
  • පසුව එයට මිටි කිරි එකතු කර හොඳින් හැදි ගාමින් නටන තෙක් පිස ගෙන ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • තම තමන්ගේ රස අනුව ඔබ එකතු කරන කහ කුඩු, අමු තුනපහ කුඩු සහ මිරිස් කුඩු ප්‍රමාණය අඩු වැඩි කළ හැකිය.
  • අවශ්‍ය නම් දෙල් මාළුව ලිපෙන් බා ගත් පසුව වෙනත් භාජනයකට තෙල් මේස හැදි 1 1/2ක් පමණ දමා අබ ඇට ස්වල්පයක්, කෑලි වලට කඩා ගත් වියළි මිරිස් කරල් 2ක් පමණ සහ සිහින්ව ලියා ගත් රතු ලූණු ටිකක් දමා අබ පුපුරා, රතු ලූණු රන්වන් පැහැයට බැද ගෙන උණුවෙන්ම් දෙල් මාළුවට තෙම්පරාදුවක් සේ එක් කළ හැකිය.




ලිපිය ලිව්වේ ටී.පී. තඹවිට මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment