About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Egg & Paneer - බිත්තර සහ පනීර් ව්‍යාංජනය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් ඒ වගේම ඉක්මනින් හදා ගන්නත් පුළුවන් රස ඉන…
Egg & Paneer - බිත්තර සහ පනීර් ව්‍යාංජනය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් ඒ වගේම ඉක්මනින් හදා ගන්නත් පුළුවන් රස ඉන්දියානු කෑමක් ගැන, කාර්යබහුල අයට පහසුවෙන් වැඩි වේලාවක් යන්නේ නැතුව හදන්න පුළුවන් වගේම මෙය පාන් රොටි වගේ දේවල් වලට කදිම සැන්ඩ්විච් හදන්න වුනත් පිරවුමක් විදියට යොදා ගන්න පුළුවන් ආකාරයේ අපූරු ව්‍යාංජනයක්.

අවශ්‍ය දේවල්:
  • එළවලු තෙල් තේ හැදි 2
  • චොප් කර ගත් කුඩා ලූණු ගෙඩි 1
  • චොප් කර ගත් ලොකු තක්කාලි ගෙඩි 1
  • හීනියට ලියා ගත් අමු මිරිස් කරල් 2
  • ඉඟුරු පේස්ට් තේ හැදි 1
  • ලෙමන් යුෂ තේ හැදි 1
  • යන්තමින් ගසා ගත් බිත්තර 6
  • ලුණු (රස අනුව)
  • කුඩු කර ගත් පනීර් චීස් (Paneer Cheese) කප් 1 (225g)
  • චොප් කර ගත් කොත්තමල්ලි කොළ තේ හැදි 1

සාදා ගන්නා ආකාරය:
  • නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් ටික දා ගෙන රත් වීමට තබන්න.
  • තෙල් රත් වුන පසු එයට ලූණු, තක්කාලි සහ අමු මිරිස් දාමා සාමාන්‍ය වැඩි ගින්දරේ හැදිගාමින් විනාඩි 5ක් විතර තක්කාලි වල දියර ගතිය අඩු වන තුරු පිස ගන්න.
  • පසුව එයටම ඉඟුරු, ලෙමන් යුෂ සහ රස අනුව ලුණු දමා ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.
  • ඉන් පසු එයටම බිත්තර එක්තු කර ගින්දර අඩු කර හොඳින් හැදි ගාමින් විනාඩි 2ක් පමණ බිත්තර ඝන වන තුරු පිස ගන්න.
  • අවසානයේ එයටම පනීර් චීස් එකතු කර මිශ්‍ර කර මද වේලාවකින් ලිපේන් ඉවත් කර කොත්තමල්ලි කොළ ඉස ගෙන පිළිගන් වන්න.

වැදගත්:
  • අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකක් එකතු කර ගත හැකිය.
 මේ තියෙන්නෙ කුඩු කරගත්ත පනීර්
 පාන් රොටි වගේ ඕනම දෙයක් කන්න නියමයි මේක.






ලිපිය ලියන්න කරුණු ලබාගත්තා vkhanna.com වෙබ් අඩවියෙනුත්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment