About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Peanut Chutney - රටකජු චට්නී

හදමුද රටකජු චට්නී එකක්? මේක රොටි, තෝසේ, ඉද්ලි වගේ එක්ක කෑමට නම් නියමයි. අවශ්‍ය දේවල්: අමු රට කජු 250…
Peanut Chutney - රටකජු චට්නී
හදමුද රටකජු චට්නී එකක්? මේක රොටි, තෝසේ, ඉද්ලි වගේ එක්ක කෑමට නම් නියමයි.

අවශ්‍ය දේවල්:
  • අමු රට කජු 250g
  • කඩල පරිප්පු 100g
  • උඳු ඇට 50g
  • උළුහාල් තේ හැදි ¼
  • තල ඇට මේස හැදි 1/2ක් පමණ
  • අමු මිරිස් කරල් 5-7
  • කෑලි වලට කඩා ගත් වියළි මිරිස් කරල් 2-3
  • සුදුලූණු බික් 2-3
  • අඟල් ½ක පමණ ඉඟුරු කැබැල්ලක්
  • කරපිංචා කොළ 8ක් පමණ
  • ගා ගත් පොල් 35g
  • අබ තේ හැදි ¼
  • චොප් කර ගත් රතු ලූණු ගෙඩි 3-5
  • මිරිස් කුඩු තේ හැදි 2
  • දිය කර ගත් සියඹලා මේස හැදි 2
  • ලුණු (රස අනුව)
  • තෙල්

සාදා ගන්නා ආකාරය:
  • රටකජු, කඩල පරිප්පු සහ උඳු ඇට ටික සෝදා වතුර බේරෙන්න පසෙකින් ටික වේලාවක් තබා ගන්න.
  • දැන් සුදුසු භාජනයක් ගෙන ලිප තබා ගෙන එයට තෙල් මේස හැදි 3-4ක් දමා ගෙන තෙල් රත් වී ගෙන එන විට එයට රටකජු, කඩල පරිප්පු සහ උඳු ඇට දමා අඩු ගින්දරේ බැද ගන්න.
  • ඒවා යන්තමින් රන්වන් පාට වී ගෙන එන විට එයටම උළුහාල් ඇට, කරපිංචා කොළ 4ක් සහ තල ඇට ටික දමා ගෙන බැද ගන්න.
  • රට කජු හොඳින් රන්වන් පාටට බැදුනු විට මෙම මිශ්‍රණය ලිපෙන් බා ගෙන නිවෙන්න හරින්න.
  • බැද ගත් රට කජු මිශ්‍රණය සම්පූර්ණයෙන්ම නිවුනු පසුව එයට, අමු මිරිස් කරල්, සුදුලූණු, ඉඟුරු සහ පොල් ටික එකතු කර යන්තමින් කෑලි සිටින සේ හොඳින් ගලේ අඹරා ගන්න, නැතහොත් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කරන විට වතුර එකතු කරන්න.
  • දැන් නැවතත් භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ගන්න.
  • තෙල් රත් වූ විට එයට අබ ටික දා ගන්න.
  • අබ පුපුරන්නට පෙර එයට ඉතිරි කරපිංචා කොළ, චොප් කර ගත් රතුලූණු සහ කෑලි වලට කඩා ගත් වියළි මිරිස් එකතු කර ලූණු ටික රන්වන් පාටට හැරෙන තුරු බැද ගන්න.
  • ලූණු රන්වන් පාටට හැරුනු විට ගින්දර අඩු කර එයට මිරිස් කුඩු, අඹරා ගත් / බ්ලෙන්ඩර් කර ගත් රට කජු මිශ්‍රණය හා සියඹලා ටික දමා ගෙන හොඳින් කලවම් කර ගන්න.
  • ඉන් පසුව ඔබට චට්නිය අවශ්‍ය පදමට වතුර හා රස අනුව ලුණු එක් කරන්න.
  • පසුව තවත් විනාඩි 2-3ක් පමණ චට්නිය රත් කර ගෙන ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • ඔබ කැමති නම් මෙයට සීනි ස්වප්ලයක් ද (තේ හැදි ½ කට අඩුවෙන්) එකතු කර ගන්න පුළුවන්.
  • අමු මිරිස් කරල් වෙනුවට කොච්චි වුවද පාවිච්චි කළ හැකියි.
  • මෙයට ඔබ යොදන අමු මිරිස් කරල්, වියළි මිරිස් කරල්, මිරිස් කුඩු, සියඹලා සහ අබ ප්‍රමාණය ඔබගේ රස අනුව අඩු වැඩි කර ගන්න.

 කලිනුත් කිව්වා වගේ රොටි, තෝසේ, ඉද්ලි වගේ කෑම එක්ක මේක නියමයි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment