About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jalebi - පැණි වළලු

ඔන්න අපේ තිෂාරා මිතුරිය ආයෙත් ඔයාලට රසම රස කෑමක් හදන විදිහ කියලා දෙන්න හදන්නෙ. මතකයි නේද කලින් අර අ…
Jalebi - පැණි වළලු
ඔන්න අපේ තිෂාරා මිතුරිය ආයෙත් ඔයාලට රසම රස කෑමක් හදන විදිහ කියලා දෙන්න හදන්නෙ. මතකයි නේද කලින් අර අඹ අයිස් ක්‍රීම් හදන විදිහ කියලා දුන්න මිතුරිය. ඔන්න එහෙනම් තිෂාරාගේ වචන වලින්ම මෙතන ඉදන් බලන්නකෝ මේක හදන විදිහ...

"මේ කියලා දෙන්න යන්නේ ඉන්දියාවේ හරිම ප්‍රසිද්ධ රසකැවිල්ලක් ගැන.. කඩේකට ගියත් මේ විදියට පැනි වළලු අපිට හොයාගන්න අමාරුයි, ඉන්දියාවේ නම් සුලභයි ඉතින්, ගෙදරම හදාගෙන රස බලමු එහෙනම් අපි..."

අවශ්‍ය දේවල්:
  • පාන් පිටි 240g
  • කඩල පිටි මේස හැඳි 2
  • කහ චුට්ටක්
  • බේකින් පවුඩර් තේ හැඳි කාලක්
  • වතුර 250ml
  • බැද ගැනීමට ගිතෙල් හෝ තෙල්
  • පාන් පිටි තේ හැඳි 2 (මේක වෙනම තියාගන්න)
  • සීනි 150g
  • වතුර 125ml
  • කුංකුම රේණු කිහිපයක් (මේවා සුපර්මාකට් වල, කේක් බඩු කඩවල ගන්න තියෙනවා. බය වෙන්න එපා නම දැකලා එහෙම කට්ටියම. කුංකුම රේණු නැත්නම් කහ වර්ණක ටිකක් දාන්න.)
  • දෙහි යුශ තේ හැඳි කාලක්

සාදාගන්නා ආකාරය:
මුලින්ම බැටර් එක හදාගමු, (බැටර් එක කියන්නෙ පිටි මිශ්‍රනයට කියලා හිතාගන්නකෝ)
  • පිටි ටිකට කඩල පිටි, කහ, ලුණු චුට්ටක් දාලා කලවම් කරගන්න.
  • වතුර ටික ටික එකතු කරන ගමන් කලවම් කරගන්න. ෆොටෝ වල තියන ගානට බැටර් එක හදාගන්න. (චුට්ටක් පල්ලෙහා පොටෝ ටික බලන්නකෝ)
  • මේ විදියට හදාගත්ත බැටර් එක වහලා උණුසුම් තැනක පිපෙන්න තියන්න ඕනි. සාමාන්‍ය උණුසුම් තැනක පැය 12 - 15 ක් තියන්න. ශීත කාලගුණයක නම් පැය 20 - 24ක් තියන්න. පිපුණු බැටර් එකේ මතුපිට චූටි බෝල දකින්න ලැබෙයි. (පල්ලෙහා පොටෝ එකක තියෙනවා)
    බැටර් එකේ ඝනකම අඩු වෙලා වගේ දැනෙනවා නම් අර වෙනම තියාගත්ත පිටි හැඳි 2 දාලා කලවම් කරගන්න.
    දැන් අපි පැණි වළලු බැටර් එක හදාගෙන ඉවරයි. ගිතෙල් එකට බැටර් එක දාගන්න පුලුවන් විදියෙ පිරිසිදු සෝස් බෝතලයකට හරි පයිපින් බෑග් එකකට හරි දාගන්න. (අපි දැන් හදාගත්ත මිශ්‍රනය තෙල් වලට රවුමට දදානෙ අපි පැණි වලලු හදාගන්නෙ. අන්න ඒ හින්දා අපේ මිතුරිය මේ කියන්නෙ දැන් අපි හදාගත්ත මිශ්‍රනය සෝස් බෝතලයකට හරි, නැත්නම් පොඩි සිදුරක් හදපු පොලිතින් බෑග් එකකට වගේ දාගන්න කියලා. එතකොට ලේසියිනෙ තෙල් වලට අපිට ඕන හැඩේකට පිටි මිශ්‍රනය දාගන්න)

දැන් අපි පැණි එක හදාහමු,
  • සීනි ටික පෑන් එකට දාගන්න, කුංකුම රේණුත් දාගන්න. කුංකුම රේණු වලින් පැණි එකට හොඳ පාටක් වගේම පැණි වළලු වලට හොඳ සුවඳකුත් එනවා. කුංකුම රේණු නැත්නම් කහ වර්ණක ටිකක් දාන්න.
  • වතුර ටිකත් දාලා මද ගින්දරේ හැදි ගාන ගමන් පැණි එක හදාගන්න.
  • පල්ලෙහා ෆොටෝ එකේ තියන ගානට පැණි එක හැදුනම ලිප ඕෆ් කරලා දෙහි යුශ තේ හැඳි කාලක් දාලා කලවම් කරන්න.
  • පැණි එක ලිප උඩම තියෙන්න දෙන්න. පැණි වළලු ටික බැදගෙන පැණි එකට දාන වෙලව වෙද්දි පැණි එක තරමක් රස්නෙන් තියෙන්න ඕනි, ඒ නිසයි.

පැණි වළලු ටික බැදගමු...
  • බදින්න අපිට තෙල් හරි ගිතෙල් හරි ගන්න පුලුවන්. නැත්නම් දෙකම බාගෙ බාගෙ දාල බදින්න ගන්න. ඉන්දියාවේ හදන පැණි වළලු වලට නම් ගන්නෙ ගිතෙල් තමයි. හොද ගිතෙල් ටිකක් ගත්ත නම් වෙනස්ම රසයක් එනව පැණි වළලු වලට. ගිතෙල් රසට අකමැති නම් තෙල් වලින් බැදගන්න.
  • ගිතෙල් එක රත් වුනාම බැටර් එක රවුමට දාගන්න. ගිතෙල් රස්නෙන් තියන නිසා පරිස්සමින් මේ වැඩේ කරන්න. මුලින්ම හරිම හැඩය ගන්න අමාරු වෙයි, ඒත් දෙකක් තුනක් හදද්දි අත හුරු වෙනවා. ඊට පස්සෙ කැමති හැඩයකට හදාගන්නකෝ.
  • පැණි වළලු ටික ගානට බැදුනම ඉක්මනට අරන් පැණි එකට දාන්න. පැණි එකේ විනාඩි 2ක් 3ක් තියලා වැඩි පැණි ටික බේරලා අරන් තෙල් කොලයක් හරි ෆොයිල් එකක් උඩින් තියාගන්න.
  • රසම රස පැණි වළලු හදාලා ඉවරයි අපි දැන්.. උණු උණුවෙම හරි නිවලා හරි රස බලන්න.. ආයෙත් දවසක හදන්න හිතෙයි..

මතක තියාගන්න,
  • තෙල් ටික රස්නෙන් තියන නිසා පරිස්සමින් බැටර් එක තෙල් එකට දාගන්න.
  • බැටර් එකේ ඝනකම ෆොටෝ වල තියන විදියට හරියටම හදාගන්න. බැටර් එක උකු වැඩි උනොත් පැණි වළලු වල ක්‍රිස්පි ගතිය නැති වෙනවා, දියාරු වැඩි උනොත් තෙල් එක පුරාම බැටර් එක ගිහින් හදන්න බැරි වෙනවා.
  • මේ දේවල් මතක තියාගෙන පැණි වළලු හදන්න.

පල්ලෙ පොටෝ ටික බලන්නකෝ:
 මුලින්ම වතුර ටික ටික එකතු කර කර මේ විදිහට මිශ්‍රනය හදාගන්න.

මේ වගේ

ඔන්න දැන් බැටර් එක හරි. දැන් මේක පිපෙන්න තියන්න ඕනෙ.

පිපුණු බැටර් එකේ උඩ මේ වගේ චූටි බෝල දකින්න හම්බෙයි ඔයාලට.

බැටර් එකේ ඝනකම අඩු වෙලා වගේ දැනෙනවා නම් අර වෙනම තියාගත්ත පිටි හැඳි 2 දාලා කලවම් කරගන්න.

මේ වගේ.
දැන් බැටර් එක හදාගෙන ඉවරයි. ඊලගට පැණි ටික.

සීනි, කුංකුම රේණු ටික පෑන් එකට දාගන්න.

වතුර ටිකත් දාලා මද ගින්දරේ හැදි ගාන ගමන් පැණි එක හදාගන්න.

 ඔන්න දැන් හරි.

 මේක තමයි පදම

 දැන් දෙහි ටික දන්න. පැණි එක නිවිලම යන්න දෙන්න එපා. ඔන්න දැන් තියෙන්නෙ බැටර් එකෙන් වලලු හදාගෙන පැණි වල දාගන්න.

දැන් එහෙනම් වලලු හදමු. ගිතෙල් එක රත් වුනාම බැටර් එක රවුමට දාගන්න මේ වගේ.

ටිකක් වෙලා යයි අත හුරු වෙන්න.

ඔන්න දැන් හරියාගෙන එන්නෙ.

 පැණි වළලු ටික ගානට බැදුනම ඉක්මනට අරන් පැණි එකට දාන්න.

මේ වගේ..

පැණි එකේ විනාඩි 2ක් 3ක් තියලා වැඩි පැණි ටික බේරලා අරන් තෙල් කොලයක් හරි ෆොයිල් එකක් උඩින් තියාගන්න.

 ඔන්න දැන් අපි හදපු රසම රස පැණි වලලු හදලා ඉවරායි... (තනියම කනවා එහෙම නෙමෙයි ඕන්.. ඔන්න මේ ලිපිය ලියපු නංගිට පැණි වලලු ගොඩාරියක් දෙන්න වෙයි හරිද. අපේ මිතුරියගෙ පවුලට අලුතෙන් චූටි සාමාකිකයෙක් එන්නයි යන්නෙ කියනවනෙ මේ දවස්වල. ඇයි මේ මට. මටත් එකක් ඕනෙ. පැණි වලලු ඊමේල් කරන්න පුලුවන්.)






මේ ආහර වට්ටෝරුව සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ආහර වට්ටෝරුව ලබාගත්තේ vegrecipesofindia.com වෙබ් අඩවියෙන්. ලිපිය සිංහලට පරිවර්තනය කරෙ අපේ මිතුරිය තිෂාරා ජයතුංග විසින්. ඉතිං තිෂාරා මිතුරියට බොහොම ස්තූතියි එයාගේ රහසුත් එක්කම මේ ලිපිය සිංහලට පරිවර්තනය කරලා අපිට කියලා දුන්නට. ආයෙමත් තිෂාරාව හමුවෙමුකෝ තිෂාරාගේ ඊලග ලිපියෙන් එහෙනම්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment