About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mixed Mushroom Curry - මිශ්‍ර බිම්මල් ව්‍යාංජනය

අපි මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ එක එක විදිහට බිම්මල් හදාගන්න විදිහ කියලා දීලා තියෙනවනේ.. දැන් …
Mixed Mushroom Curry - මිශ්‍ර බිම්මල් ව්‍යාංජනය
අපි මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ එක එක විදිහට බිම්මල් හදාගන්න විදිහ කියලා දීලා තියෙනවනේ.. දැන් එලවළු වර්ග කීපයක් සහ තව එක එක දේවල් ටිකක් දාලා කලවම්, නැත්නම් මිශ්‍ර බිම්මල් ව්‍යාංජනයක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ.
 
අවශ්‍ය දේවල්:
  • කැමති වර්ගයකින් හතු (බිම්මල්) 200g
  • ටිකක් කුඩා කැබලි වලට කපා ගත් අර්තාපල් 50g
  • ටිකක් ඝනකමට රවුමට කපා ගත් කැරට් 50g
  • කුඩා කෑලි වලට කපා ගත් මාළු මිරිස් 30g
  • රවුමට කපා ගත් ලොකු ලූණු ගෙඩි ½ ක් පමණ
  • සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • සිහින්ව ලියා ගත් සුදුලූණු බික් 2-3ක්
  • විනාකිරි මේස හැදි ½ ක් පමණ
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1ක් පමණ
  • අමු තුනපහ කුඩු මේස හැදි ¾ ක් පමණ
  • කහ කුඩු ස්වල්පයක්
  • දිය කිරි අඬු කෝප්ප 1 ½ ක් පමණ
  • මිටි කිරි අඬු කෝප්ප 1ක් පමණ
  • තෙල් මේස හැදි 2ක් පමණ
  • රම්පේ
  • කරපිංචා
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම හතු ටික කැබලි වලට කපා ගෙන හෝ ඉරා ගෙන ලුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න.
  • දැන් සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් ටික දමා ගෙන තෙල් රත් වූ විට එයට රම්පේ, කරපිංචා, ලොකු ලූණු සහ සුදුලූණු දමා යන්තමින් බැදෙන්න හරින්න.
  • පසුව එයටම කැරට් සහ අර්තාපල් එකතු කර කලවම් කර ගන්න.
  • ඉන් පසුව එයට කහ කුඩු, අමු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ විනාකිරි එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  • ඊළඟට දිය කිරි එකතු කර ලුණු ද අවශ්‍ය තරමට එකතු කර නටන තෙක් පිස ගන්න.
  • දැන් එයට හතු (බිම්මල්) ටික එකතු කර දිය කිරෙන් තැම්බෙන්න හරින්න.
  • කිරි හිදී ගෙන එන විට අමු මිරිස්, මාළු මිරිස් ටික හා මිටි කිරි එකතු කර කිරි උතුරා හිදෙන තෙක් පිස ගන්න.

වැදගත්:
  • විනාකිරි, ගම්මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, කහ කුඩු සහ ලුණු ඔබගේ රස අනුව අඩු වැඩි කර ගන්න පුළුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment