About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cabbage Salad - ගෝවා සලාදය

ඔන්න කෙට්ටු වෙන්න කැමැත්තෙන් ඉන්න අයටම කියාපු කෑමක්.. එහෙම කියන්නේ ගෝවා වල තියෙන කැලරි ප්‍රමාණය ගොඩ…
Cabbage Salad - ගෝවා සලාදය
ඔන්න කෙට්ටු වෙන්න කැමැත්තෙන් ඉන්න අයටම කියාපු කෑමක්.. එහෙම කියන්නේ ගෝවා වල තියෙන කැලරි ප්‍රමාණය ගොඩාක් අඩු නිසා වගේම ගෝවා කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් බහුල එළවළුවක් නිසා.. ඕනෙම දෙයක් අමුවෙන් කනවා නම් උයන කොට විනාශ වෙන විටමින් ටික එහෙම බේර ගන්න පුළුවන් නේ.. ඉතින් මේ කියන්නේ එහෙම කන්න හොඳම විදිය, ගෝවා සලාදයක් ගැන... හැබැයි ඉතින් ඕනෙම දෙයක හොද වගේම නරකත් තියෙනවා නේ, ඉතින් ගෝවා වල නරක තමයි ගෝවා වලින් අයඩීන් අවශෝෂණය වලක්වන එක.. ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්තියේ ක්‍රියාකාරීත්වය අඩු අයටම නම් ගෝවා කන්න හොද නැහැ...

අවශ්‍ය දේවල්:
  • ගෝවා 500g පමණ
  • තක්කාලි ගෙඩි 2 - 3ක් පමණ
  • අමු මිරිස් කරල් 3 - 4ක් පමණ
  • රට ලූණු ගෙඩි ½ ක් පමණ
  • සුදු ලූණු බික් 1 ක් පමණ
  • දෙහි යුෂ (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ඔලිව් තෙල් මේස හැන්දක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • ගෝවා, තක්කාලි, අමු මිරිස් කරල්, රට ලූණු සහ සුදු ලූණු හොඳින් සෝදා පිරිසිදු කර ගෙන සිහින්ව ලියා ගෙන භාජනයකට දමා ගන්න.
  • දැන් එයට රස අනුව ලුණු, ගම්මිරිස් හා ලුණු එකතු කරන්න.
  • එයටම ඔලිව් තෙල් ටික ද එකතු කර තක්කාලි කැබලි සහ ගෝවා පොඩි නොවන සේ හොඳින් මිශ්‍ර කර ගන්න.

වැදගත්:
  • කැමති නම් මයෝනිස් ටිකකුත් එකතු කර ගන්න පුළුවන් මේ සලාදයට.
 මේ තියෙන්නෙ අපි හැමෝම දන්න ගෝවා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment