About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kiribath Pittu - කිරිබත් පිට්ටු

ඔන්න අපේ සුපුරුදු මිතුරිය උත්පලා, ආයෙමත් ඔයාලට රසම රස ආහාර වට්ටෝරුවක් හදන විදිහ කියලා දෙන්න ඇවිල්ලා…
Kiribath Pittu - කිරිබත් පිට්ටු
ඔන්න අපේ සුපුරුදු මිතුරිය උත්පලා, ආයෙමත් ඔයාලට රසම රස ආහාර වට්ටෝරුවක් හදන විදිහ කියලා දෙන්න ඇවිල්ලා. එයා කියලා දෙන්න යන්නෙ "කිරිබත් පිට්ටු" හදන විදිහ. මේක ගොඩක් දුරට ඉඹුල් කිරිබත් වලට සමානයි.  චූටි චූටි වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඔන්න එයාගේ වචන වලිනම එහෙනම් බලන්නකෝ හදන විදිහ... "මේ නමින් හැඳින්වූවත් මේ කිරිබත් උනාට පිට්ටු නම් නෙවෙයි, හැබැයි හරිම රසයි වගේම පෙනුමත් හොද නිසා කවුරුත් කන්න ආසයි. අපේ ලොකු අම්ම අපි පොඩි කාලෙ හදා දෙනවා..." 

අවශ්‍ය දේවල්:
කිරිබතට අවශ්‍ය දේවල්:
  • සුදු කැකුලු හාල් කිලෝවක්
  • හොද පොල් ගෙඩියක කිරි
  • කහ කුඩු තේ හැඳි 1
  • ලුනුකුඩු

පිරවුමට අවශ්‍ය දේවල්:
  • කුඩා ඉස්සන් 500g
  • ලොකු ලූනු ගෙඩි 4
  • රම්පා, කරපිංචා
  • එනසාල්, කරාබුනෙටි, කුරුදු පොතු
  • කැබලි මිරිස් මේස හැඳි 2
  • සුදුලුනු බික් 4
  • තෙල් මේස හැඳි 4
  • අමුමිරිස් කරල් 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කහ දමා කිරිබත් උයා ගන්න. පසුව නිවීමට තියන්න.
  • ඒ අතරතුර ඉස්සන් සෝදා, කපාගත් අමුමිරිස්, කුඩාවට කපාගත් ලුනු ,සුදුලුනු, කැබලි මිරිස්, සුවද ද්‍රව්‍ය (එනසාල්, කරාබුනෙටි, කුරුදු පොතු), රම්ප, කරපිංචා දමා ඉස්සන් තෙල් දමා ගන්න. පසුව එයද නිවීමට තියන්න.
  • පසුව හිස් පිරිසිදු යෝගට් කෝප්පයක් හෝ ඔබට අවශ්‍ය විදිහේ කුඩා කෝප්පයක් ගන්න. එයට උයාගත් කිරිබත් ටිකක් දමා තද කරන්න (මැදින් හිලක් සිටින ලෙස).
  • මැද හිඩැසට ඉස්සන් බැදුමෙන් ටිකක් පුරවන්න, නැවත කිරිබත් දමා වසා, කෝම්පිට්ටු හදන විදිහට මුනින් හරවා ගන්න.
  • මේ විදිහට ඔබට උවමනා ප්‍රමාණයට සදා ගන්න.

වැදගත්:
  • ඔබට උවමනා ලෙස මැද පිරවුම සදා ගන්න.(උම්බලකඩ, වියලි ඉස්සන්, සැමන්-අල, එලවලු පමණක්)
  • කිරිබතට කහකුඩු දැම්මම ලස්සනයි. නැත්නම් සුදු පාටට උනත් හොඳයි.





ලිපිය අපිට එව්වේ අපේ උත්පලා පියදාස කියන සුපුරුදු මිතුරිය. උත්පලාත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන කෙනෙක්. ලෝබ නැතුව තමන් දන්න දේ අනික් අයට කියලා දුන්න ඔයාට ඇත්තටම හැමදාම වගේම අදත් බොහොම ස්තූතියි. ආයෙමත් අපේ මිතුරියව හමුවෙමුකෝ ඇයගේ ඊලග ලිපියෙන් එහෙනම්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment