About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cherry Coconut Fudge - චෙරි කොකනට් ෆජ්

දැන් නත්තල් සමයත් ලගයිනෙ නේද? අපේ තිෂාරා මිතුරිය මේ පාර ඇවිල්ලා තියෙන්නෙ නත්තල් සමයට ගැලපෙන රසම රස …
Cherry Coconut Fudge - චෙරි කොකනට් ෆජ්
දැන් නත්තල් සමයත් ලගයිනෙ නේද? අපේ තිෂාරා මිතුරිය මේ පාර ඇවිල්ලා තියෙන්නෙ නත්තල් සමයට ගැලපෙන රසම රස කෑමකුත් අරගෙන. උඩ රූපෙ බලපුවහම ආයෙ අමුතුවෙන් රස ගැන කියන්න ඕනෙ නෑනෙ. මේ වගේ කෑමක් කඩෙන් ගන්න ගියොත් එහෙම සෑහෙන්න ගානක් යනවනෙ. අනික හදනකොට නාගෙන අනාගෙන කන පරිප්පුවෙ සතුට වෙන කොහෙන් ගන්නද නේද?

අවශ්‍ය දේවල්:
  • චෙරි 200g
  • මිල්ක්මේඩ් 395g
  • දුඹුරු සීනි 240g
  • ග්ලූකෝස් සිරප් තේ හැඳි 2
  • චොප් කරගත් බටර් 125g
  • චොප් කරගත් ඩාර්ක් චොක්ලට් 180g
  • ඩෙසිකේටඩ් කොකනට් 80g

සාදන ආකාරය:
  • කේක් පෑන් එකක බටර් චුට්ටක් ගාලා තෙල් කොල අලවලා ලෑස්ති කරලා තියගෙන වැඩ පටන් ගන්න.
  • චෙරි වලින් බාගයක් චොප් කරගන්න.
  • ඉතුරු චෙරි ටික දෙකට කපාගන්න.
  • මිල්ක්මේඩ්, සීනි, සිරප්, බටර් ටික පෑන් එකකට දාලා අඩු ගින්දරේ රත් කරගන්න.
  • සීනි දිය වෙලා කියලා දැනුනම ගින්දර චුට්ටක් වැඩි කරලා දිගටම හැදිගාමින් කලවම් කරන්න.
  • මිශ්‍රණය උකු වෙලා පෑන් එකෙන් ඈත් වෙන්න ගත්තම ලිප ඕෆ් කරන්න.
  • දැන් චොක්ලට්, චොප් කල චෙරි, පොල් ටික දාලා හොඳට කලවම් කරන්න චොක්ලට් දිය වෙනකන්.
  • මිශ්‍රණය ලෑස්ති කරගතතු පෑන් එකට දාලා, දෙකට කපාගත් චෙරි වල කපපු පැත්ත යටට තියන විදියට මිශ්‍රණය උඩින් තද කරලා තියාගන්න.
  • විනාඩි 30ක් තියලා, ඊටපස්සෙ පෑන් එක කවර් කරලා පැය 6ක් සෙට් වෙන්න ශීතකරණයේ තියාගන්න. 

වැදගත්:
  • මේකට මේ ගන්න ඔක්කොම දේවල් ඔයාලට සුපර්මාකට් එකකින් ගන්න පුලුවන්.

මේ තියෙන්නෙ ගත්ත දේවල් ටික:
 චෙරි

 මිල්ක්මේඩ් 

දුඹුරු සීනි

 ග්ලූකෝස් සිරප්

 බටර්

ඩාර්ක් චොක්ලට්

ඩෙසිකේටඩ් කොකනට්







මේ ආහර වට්ටෝරුව සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ආහර වට්ටෝරුව ලබාගත්තේ taste.com.au වෙබ් අඩවියෙන්. ලිපිය සිංහලට පරිවර්තනය කරෙ අපේ මිතුරිය තිෂාරා ජයතුංග විසින්. තිෂාරා මිතුරියට බොහොම ස්තූතියි කියන්නත් අපි අමතක කරන්න හොද නෑ. ඇයට බොහොම ස්තූතියි නේද! ආයෙමත් තිෂාරාව හමුවෙමුකෝ තිෂාරාගේ ඊලග ලිපියෙන් එහෙනම්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment