About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tomato Rice - තක්කාලි බත

මීට කලිනුත් අපි ඉවුම් පිහුම් ඇප් එකේ තක්කාලි බත් හදාගන්න විදිහ කියලා දීලා තියෙනවනෙ. දැන් කියලා දෙන්…
Tomato Rice - තක්කාලි බත
මීට කලිනුත් අපි ඉවුම් පිහුම් ඇප් එකේ තක්කාලි බත් හදාගන්න විදිහ කියලා දීලා තියෙනවනෙ. දැන් කියලා දෙන්න යන්න ක්‍රමයෙදි, අපි කලින් තක්කාලි බත් හදනකොට දැම්මට වඩා දේවල් ටිකක් වැඩිපුර දානවා. මේකට මහා ලොකු අමුතු අමුතු දේවල් ඕන වෙන්නෙත් නෑ අපිට. තක්කාලි පියුරී තමයි සමහර අයටනම් ටිකක් අමුතුවට වගේ ඇත්තෙ නේද? තක්කාලි පියුරී සුපර් මාකට් වල ගන්න තියෙනවා. සෝස් වගේමයි. හරි හරි.. කතා ඇති. ඔන්න බලන්නකෝ එහෙනම් මේක හදන විදිහ.
අවශ්‍ය දේවල්:
  • කපා ගත් තක්කාලි ගෙඩි 4
  • තක්කාලි පියුරී (Tomato Purée) මේස හැදි 2
  • තක්කාලි සෝස් (Tomato Sauce) මේස හැදි 1 ½
  • සූදුරු සම්බා සහල් 1kg
  • සිහින්ව ලියා ගත් රට ලූණු 100g
  • මිරිස් කුඩු තේ හැදි 1ක් පමණ
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි ½
  • ලුණු (රස අනුව)
  • බටර් මේස හැදි 2-3ක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරාබු නැටි 1-2 ක්
  • තලා ගත් එනසාල් (කරදමුංගු) 2-3ක්
  • කරපිංචා
  • රම්පේ
  • අබ ඇට ස්වල්පයක්
  • බත ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට මස් තැම්බූ වතුර (Chicken stock)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම හාල් හොඳින් සෝදා පිරිසිදු කර ගන්න වතුර පෙරා ගන්න.
  • පසුව භාජනයක් ලිප තබා එයට බටර් ටික දා ගෙන රත් වෙන කොට අබ ටික දමා ගන්න.
  • අබ පිපිරුණු පසුව එයට කුරුඳු පොතු කැබැල්ල, කරාබු නැටි, තලා ගත් එනසාල් (කරදමුංගු), කරපිංචා හා රම්පෙ දමා ගන්න.
  • එය ටිකක් බැදුනු විට රට ලූණු ටික දමා ගෙන බැදෙන්න හරින්න.
  • එය රන්වන් පාටට බැදුනු පසුව එයට කපා ගත් තක්කාලි, තක්කාලි පියුරී සහ තක්කාලි සෝස් ටික දමා ගෙන තෙම්පරාදු කරගන්න.
  • දැන් එයටම කහ කුඩු, මිරිස් කුඩු ටික, ගම්මිරිස් කුඩු සහ රස අනුව ලුණු එකතු කරන්න.
  • පසුව එයටම වතුර පෙරා ගත් හාල් ටික එකතු කර ගෙන පියනකින් වසා විනාඩි 6-8ක් පමණ පිස ගන්න.
  • පසුව බත් තැම්බීමට අවශ්‍ය පදමට මස් තැම්බූ වතුර දමා බත පිස ගන්න.

වැදගත්:
  • තක්කාලි පියුරී (Tomato Purée) සුපර් මාකට් වල ගන්න තියෙනවා.
  • කැමති නම් චොප් කර ගත් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් ඉස ගන්න පුළුවන්.
  • මස් තැම්බූ වතුර (Chicken Stock) වෙනුවට එළවළු තැම්බූ වතුර (Vegetable Stock) වුවත් එක් කර ගන්න පුළුවන්.
 ලස්සනයි වගේම තක්කාලි බත් වල අමුතුම රසයක් තියෙනවා. පිලිගන්වනකොට පොඩ්ඩක් සරසා ගන්නත් අමතක කරන්න එපා..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment