About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pasta Salad - පාස්තා සැලඩ්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පාස්තා, ඒවගේම ඉස්සො එහෙම දාලා ඉක්මනින්ම හදාගන්න පුලුවන් සැලඩ් එකක් හදන …
Pasta Salad - පාස්තා සැලඩ්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පාස්තා, ඒවගේම ඉස්සො එහෙම දාලා ඉක්මනින්ම හදාගන්න පුලුවන් සැලඩ් එකක් හදන විදිහ. මේක හදන්න ගොඩක් වෙලාවක් යන්නෙ නැති හින්දා ඔන්න ජොබ් එකක් කරන, පොඩ්ඩෝ ඉන්න, අම්මලාට තමයි මේක ගොඩක්ම වටින්නෙ. පාස්තා ටිකයි, ඉස්සෝ ටිකයි තම්බගන්න තමයි ඔයාලට චූටි වෙලාවල් යන්නෙ.
අවශ්‍ය දේවල්:
  • තම්බා ගත් පාස්තා 500g (කැමති හැඩයකින්)
  • තම්බා ගත් ඉස්සෝ 250g
  • කපා ගත් තක්කාලි 75g
  • කොටුවට කපා ගත් රට ලූණු 50g
  • සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • කුඩා කොටු හැඩයට කපා ගත් බෙල් පෙපර් 50g
  • කපා ගත් ලූණු කොළ 25g
  • මයෝනීස් (Mayonnaise) මේස හැදි 3 ½ ක් පමණ
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු කුඩු (රස අනුව)
  • දෙහි යුෂ ස්වල්පයක් (රස අනුව)
  • චොප් කර ගත් කොත්තමල්ලි කොල ටිකක් (කැමති නම් පමණක් එකතු කර ගන්න.)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම තම්බා ගත් ඉස්සන් ගේ පොතු ඉවත් කර භාජනයකට දමා ගන්න. (කුඩා ඉස්සන් නම් එලෙසම තබන්න, විශාල ඉස්සන් නම් කෑලි වලට කපා ගන්න.)
  • පසුව එයටම පාස්තා, තක්කාලි, රට ලූණු, අමු මිරිස්, බෙල් පෙපර් සහ ලූණු කොළ දමා ගෙන කලවම් කර ගන්න.
  • දැන් එයට මයෝනීස් ටික එකතු කරන්න.
  • ඉන් පසුව රස අනුව ගම්මිරිස් කුඩු, ලුණු සහ දෙහි යුෂ දමා ගෙන පොඩි නොවන සේ මිශ්‍ර කර ගෙන චොප් කර ගත් කොත්තමල්ලි කොළ ටික උඩින් ඉස ගන්න.

වැදගත්:
  • මෙය කැමති නම් සියළුම දේවල් උණුවෙන්ම තිබිය දී සාදා ගෙන උණුසුම් සලාදයක් (Hot salad) ලෙස ද නැත්නම් පැය භාගයක් (විනාඩි 30ක්) පමණ ශීතකරණයේ තබා ගෙන ශීත කල සලාදයක් (Cool salad) විදියට ද සාදා ගත හැකියි.
  • මයෝනීස් සුපර්මාකට් වල ගන්න තියෙනවා. ඒ වගේම මෙයට භාවිතා කරන මයෝනීස් (Mayonnaise) ප්‍රමාණය ඔබේ රස හා කැමැත්ත අනුව අඩු වැඩි කර ගන්න පුළුවන්.
  • ඔබට කැමති නම් මෙයට තම්බා ගත් ග්‍රීන් පීස්, සිහින්ව ලියා ගත් කැරට්, තම්බා ගත් ගෝවා මල්, තම්බා ගත් බ්‍රොකලි, කෑලි කපා ගත් චීස් කැබලි ආදී දේවල් ද එකතු කර ගන්න පුළුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment