About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mele Achcharu - මැලේ අච්චාරු (Malay Pickle)

අපේ ෆාතිමා රිස්නා මිතුරිය, එයාලගෙ විදියට ගෙදර හදන රසම රස මැලේ අච්චාරුවක් හදන විදිය අපිට ලියලා එවලා …
Mele Achcharu - මැලේ අච්චාරු (Malay Pickle)
අපේ ෆාතිමා රිස්නා මිතුරිය, එයාලගෙ විදියට ගෙදර හදන රසම රස මැලේ අච්චාරුවක් හදන විදිය අපිට ලියලා එවලා තිබුණා. මේ ඒ ලිපිය. මැලේ අය හදන මැලේ අච්චාරුවට එළවළු එහෙම දාන්නේ නැහැ කියලා එයා අපිට කිව්වා. මේ එයාගේ අම්මා හදන විදිහ..

අවශ්‍ය දේවල්:
  • පොඩි ලූණු (රතු ලූණු) 500g
  • ලොකු ලූණු (රට ලූණු) ගෙඩි 5ක්
  • මාළු මිරිස් 100g
  • අමු මිරිස් කරල් 6-7ක්
  • ලුණු දෙහි ගෙඩි 4ක් (ගෙඩි 4 කඩලා ගන්න)
  • අබ 50g
  • මිරිස් කුඩු පුරවලා හැදි 2ක්
  • ඉඟුරු, සුදුලූණු පුරවලා හැදි 1ක්
  • රටඉඳි 500g
  • විනාකිරි කාලක් ( ¼ )
  • ලුණු කැට හෝ ලුණු කුඩු හැදි 1ක්
  • සීනි 250g

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම අබ, ඉඟුරු, සුදුලූණු, රටඉඳි, වෙන වෙනම බ්ලෙන්ඩර් කර ගන්න ඕනෙ විනාකිරි ටිකක් දාලා. (වතුර වගේ ගන්න එපා)
  • අමු මිරිස් කරල් වගේම මාළු මිරිස් ටිකත් කපා ගන්න. (ගොඩක් දිගට පලන්න එපා)
  • ලොකු ලූණු ගෙඩි ටික හතරට පලා ගන්න. (පොඩි ලූණු කපා ගන්න එපා)
  • මුලින්ම භාජනයකට විනාකිරි ටික දා ගන්න.
  • මිරිස් කුඩු, අබ, ඉඟුරු, සුදුලූණු, රටඉඳි, සීනි, ලුණු දාලා හොඳට මික්ස් කරන්න.(උකුවට ගන්න ඕනේ)
  • ලුණු ඇතිද කියලා බලන්න. (මදි නම් ටිකක් දා ගන්න)
  • දැන් පොඩි ලූණු, ලොකු ලූණු, මාළු මිරිස්, අමු මිරිස්, ලුණු දෙහි දමා ආයෙත් හොඳට මික්ස් කරන්න.
  • රෙදි කෑල්ලකින් භාජනය හොඳින් වහලා පටියකින් ගැට ගහන්න.
  • සතියක් වගේ තියා ගන්න පුළුවන්.

වැදගත්:
  • අබ ටික බ්ලෙන්ඩර් කරන කොට කාත් එක්ක වත් කතා කරන්න එපා. කතා කරොත් තිත්ත ගතියක් ඇති වෙනවා. (මේකනම් කෙමක් වෙන්න ඕනෙ. හැබැයි මේවගේ විද්‍යානුකූල හේතුත් තියෙනවා. හරියට කතා නොකර කරවිල කපනවා වගේ. එතකොටනම් වෙන්නෙ තතා නොකර කරවිල කපනකොට අපි ඉක්මනට කරවිල ටික කපනවනෙ. කපලා වැඩේ ටක්ගලා අපි ඉවර කරනවනෙ. එතකොට කපපු කරවිල කෑලිවලට වාතයේ ගැටෙන්න ගොඩක් වෙලාව ලැබෙන්නෙ නැති නිසා තිත්ත රස අඩු වෙනවා. කරවිල තිත්ත නැතුව උයන්නෙ කොහොමද කියලා අපි ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දීලා තියෙනවා. "අපි දැනගත යුතු දේවල්" යටතේ ඒ ලිපිය ඔයාලට බලන්න පුලුවන් ඕන්.)
  • ලොකු ලූණු කලවම් කරන කොට පරිස්සමෙන් කරන්න, නැත්තං ගැල වෙයි හතරට පලලා තියෙන නිසා.

මෙන්න මගෙනුත් පොඩි දේවල් ටිකක්:
  • ගොඩක් හොඳයි මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් නම් මැටි වලදක්, එ වගේම පොල් කටු හැන්දකුත්. මොකද කියනවා නම් විනාකිරි වගේම ලුණු දෙහිත් ආම්ලිකයි, ඉතින් ඇලුමිනියම් වගේ දේවල් වලින් හදපු භාජන එක්ක ප්‍රතික්‍රියා කරලා අපේ ඇඟට හොද නැති විස දේවල් හැදෙන්න පුළුවන්කම වැඩියි.
  • විනාකිරි කාලක් කියන්නේ බෝතල් කාලක් වෙන්න ඕනේ, ඒ කියන්නේ 250ml.
 මෙහෙමයි මිරිස් පලාගන්න ඕනෙ. ගොඩක් දිගට පලන්න එපා





ලිපිය අපිට එව්වේ අපේ ෆාතිමා රිස්නා මිතුරිය. එයා අපිට මීට කලින් පිලෝස් හදන විදිහත් කියලා දුන්නනේ. ඉතිං අපි හැමෝම ෆාතිමා මිතුරියට ස්තූතිවන්ත වෙන්න ඕනෙ නේද එයාලගේ ක්‍රමේට අපිට මේ මැලේ අච්චාරුව හදන විදිහ කියලා දුන්නට? ඔන්න එහෙනම් අපේ ෆාතිමා රිස්නා මිතුරියට ගොඩක්ම ගොඩක්ම ස්තූතියි! එයා ඔයාලට කියලා දෙන්න කියලා මේ ලිපිය එවලා ගොඩක් කල්. එයා එවපු තව ලිපි ගොඩාරියක් තියෙනවා. ඒවත් ඉක්මනටම දාන්නම්කෝ..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment