About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato Pudding - අල පුඩිං (අරතාපල් පුඩිං)

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අල වලින් පුඩිමක් හදාගන්න විදිහ. මොකක් කිව්වා? අල වලින් පුඩිං! ඔව් ඔව් ඇ…
Potato Pudding - අල පුඩිං  (අරතාපල් පුඩිං)
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අල වලින් පුඩිමක් හදාගන්න විදිහ. මොකක් කිව්වා? අල වලින් පුඩිං! ඔව් ඔව් ඇත්තටම තමයි කිව්වෙ. ටිකක් අමුතුයි වගේ උනාට ඇත්තටම අල වලින් පුඩිං හදනවා. ඔන්න හදලා නැති අයටනම් මේක අළුත්ම අත්දැකීමක් වෙයි. ගෙදරට අමුත්තෝ එන වෙලාවක හදලා පිළිගන්වලා පුළුවන් නම් මේ මොනවද කියන්න බලන්න කියන්නකෝ, ගොඩක් දුරට කවුරුවත් අඳුර ගන්න එකක් නම් නැහැ මේ හැමදාම කන අල අලින් හදපු පුඩිමක් කියලා.

අවශ්‍ය දේවල්:
  • තම්බා පොඩි කර ගත් අර්තාපල් 450g
  • කිරි 236ml (ෆ්‍රෙෂ් මිල්ක් - fresh milk, පිටි කිරි හෝ උකු පොල් කිරි)
  • මුද්දරස්පලම් (වියළි මිදි) 50 - 75g ක් පමණ
  • කුඩු කර ගත් කිතුල් හකුරු 450g
  • බිත්තර 4
  • වැනිලා (Vanilla) තේ හැදි 1 ½
  • කුරුඳු කුඩු තේ හැදි ¼
  • තලා ගත් කරදමුංගු (එනසාල්) ඇට 2-3ක්
  • සාදික්කා කුඩු (Nutmeg) තේ හැදි ¼

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බිත්තර 4 කඩා ගෙන භාජනයකට දමා යන්තමින් ගසා ගන්න.
  • එයටම කුඩු කර ගත් හකුරු ටික හා කිරි එකතු කර හකුරු දිය වන තුරු හොඳින් මිශ්‍ර කර ගෙන පෙරා ගන්න.
  • දැන් එයට වැනිලා, සාදික්කා කුඩු, කුරුඳු කුඩු සහ තලා ගත් කරදමුංගු (එනසාල්) ඇට එකතු කරන්න.
  • පසුව එයට පොඩි කර ගත් අල සහ මුද්දරස්පලම් (වියළි මිදි) දමා ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.
  • පසුව බට තවරා ගත් තැටියක් හෝ සුදුසු භාජනයකට දමා විනාඩි 20 - 40 ක් පමණ වාෂ්පෙන් තම්බා ගන්න.
  • ඉන් පසුව නිවෙන්නට හැර පැය 2 - 3ක් ශීතකරණයේ තබා ගෙන කැමති විදියකට සරසා පිළිගන් වන්න.

වැදගත්:
  • බිත්තර, හකුරු හා කිරි මිශ්‍රණය අනිවාර්යයෙන්ම පෙරා ගන්න, නැතනම් පිලී රහක් වගේ එන්න පුළුවන්.
  • ඉරටු කැබැල්ලක් හෝ ටූත් පික් (Toothpick) එකක් වැනි යමකින් පුඩිං එකේ මැද හරියට ඇන ගෙන හොදට තැම්බිලා ද කියලා බලා ගන්න පුළුවන්. පුඩිං එක තැම්බිල මදි නම් ඉරටුවේ / ටූත් පික් එකේ පුඩිං ගෑවිලා තියෙනවා පෙනේවී. එහෙනම් ඉතින් තව ටිකක් වෙලා ස්ටීම් (Steam) කර ගන්න / වාෂ්පෙන් තම්බ ගන්න ඕනේ.
  • වාෂ්පෙන් තම්බ ගන්න යන වෙලාව ඔබ පුඩින් මිශ්‍රණය දා ගන්න තැටියේ / භාජනයේ හැඩය හා ප්‍රමාණය අනුව වෙනස් වෙනවා, ඒ නිසා ඉරටු කෑල්ලක් හරි ටූත් පික් එකක් හරි පාවිච්චි කරලා තැම්බිලද නැද්ද කියලා බලා ගන්න එක හොදයි.
  • තම තමන් යොදා ගන්න හකුරු වල ප්‍රමිතිය අනුව පුඩිමේ පැහැය හා රසය වෙනස් විය හැකියි.
  • අරතාපල් වෙනුවට බතල වුණත් දාලා හදා ගන්න පුළුවන්.

    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment