About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango Curry - අඹ මාළුව

මීට කලිනුත් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ "අඹ මාළු" හදන විදිහ කියලා දීලා තියෙනවනෙ. ඔන්න අද …
Mango Curry - අඹ මාළුව
මීට කලිනුත් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ "අඹ මාළු" හදන විදිහ කියලා දීලා තියෙනවනෙ. ඔන්න අද අඹ මාළුවක් හදන්න තවත් ක්‍රමයක්. සීනි, උම්බලකඩ එහෙම දාලා තමයි හදන්නෙ.
 
අවශ්‍ය දේවල්:
  • පැහී ගෙන එන අමු අඹ ගෙඩි 4-5ක් පමණ (500g)
  • ලියා ගත් රතු ලූණු ගෙඩි 6-8ක් පමණ
  • රම්පේ
  • කරපිංචා
  • කපා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • මිරිස් කුඩු තේ හැදි 2ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න)
  • කහ කුඩු තේ හැදි ¼ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න)
  • බැදපු තුනපහ කුඩු තේ හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (යන්තමින්)
  • බැද ගත් උළුහාල් ඇට ස්වල්පයක් (යන්තමින්)
  • අබ ඇට ස්වල්පයක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • ලුණු (රස අනුව)
  • සීනි මේස හැදි 1-2ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න)
  • උම්බලකඩ කෑලි ටිකක්
  • පොල්තෙල් ස්වල්පයක්
  • මීටි කිරි අඬු කෝප්ප 1 ¼ ක් පමණ
  • දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • අඹ ටික හොඳින් සෝදා පිරිසිදු කර ලෙල්ල පිටින්ම දික් තීරු ලෙස කපා ගෙන බදුනකට දමා ගන්න.
  • එයටම කහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු හා ගම්මිරිස් කුඩු දමා අත ගා ගෙන පසෙකින් තබා ගන්න.
  • දැන් මැටි වලඳක් හෝ සුදුසු භාජනයක් ලිප තබා ගෙන එයට තෙල් ටික දමා ලිප තබා ගන්න.
  • තෙල් ටික රත් වී ගෙන එන විට එයට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කැබැල්ල සහ රතු ලූණු එකතු කර ටිකක් බැදෙන්න හරින්න.
  • ඒවා යන්තමින් රන්වන් පාට වී ගෙන එන විට එයටම අබ ටික එකතු කර පියනකින් වසා ගෙන අබ පුපුරවා ගන්න.
  • අබ පිපිරුනු පසුව එයට පහේ අත ගා ගත් අඹ ටික එකතු කර හොඳින් කලවම් කර විනාඩියක් පමණ පියනෙන් වසා තබන්න.
  • දැන් එයට උම්බලකඩ, අමුමිරිස්, උළුහාල් ඇට හා දිය කිරි ටික එකතු කර විටින් විට හැදි ගාමින් පිස ගන්න.
  • පසුව දිය කිරි නටා ගෙන එන විට එයට රස අනුව ලුණු එකතු කර ගන්න.
  • අඹ හොඳින් තැම්බී කිරි හිඳී ගෙන එන විට එයටම මිටි කිරි ටික ද මිශ්‍ර කර උතුරන තෙක් හැදි ගාමින් අඩු ගින්දරේ පිස ගන්න.
  • ඉන් පසුව රස අනුව සීනි ටික ද එකතු කර ගන්න.
  • අවසානයේ දී කිරි හිඳෙන තුරු හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයට හොද්ද උකු වන තෙක් පිස ගෙන ලිපෙන් බා ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment