About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kangkung Stir Fry - කංකුන් තෙල් දාලා

මීට කලිනුත් අපි ඉවුම් පිහුම් ඇප් එකෙ කංකුන් තෙල් දාලා හදන විදිහ කියලා දීලා තියෙනවනේ... මේ තව ක්‍රමය…
Kangkung Stir Fry - කංකුන් තෙල් දාලා
මීට කලිනුත් අපි ඉවුම් පිහුම් ඇප් එකෙ කංකුන් තෙල් දාලා හදන විදිහ කියලා දීලා තියෙනවනේ... මේ තව ක්‍රමයක්. මේකේදී අපි උම්බලකඩ, සෝයා සෝස් එහෙමත් චුට්ටක් දානවා මේක හදනකොට. ඒ හින්දම අපි නිතරම කංකුන් තෙල් දාලා කනකොට දැනෙන රසට වඩා නම් මේක රසවත්. ගෙදර උම්බලකඩ, සෝයා සෝස් එහෙම තියෙනවානම් ඔන්න මේ ක්‍රමේට හදලා බලන්නම ඕනෙ හරිද?... එකම විදිහට හැමදාම කන්න ඕනයැ.

අවශ්‍ය දේවල්:
  • කංකුන්
  • අඹරා ගත් සුදුලූණු බික් 4-5ක් පමණ
  • සිහින්ව ලියා ගත් රට ලූණු ගෙඩි 1
  • ලියා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • කුඩා කැබලි කපා ගත් තක්කාලි ගෙඩි 1
  • උම්බලකඩ කෑලි මේස හැදි 1-2ක් පමණ
  • තෙල් මේස හැදි 2-3ක් පමණ (ඔබට අවශ්‍ය ප්‍රමාණයට)
  • ලුණු (රස අනුව)
  • කෑලි මිරිස් මේස හැදි ½ - 1ක් පමණ
  • සෝයා සෝස් තේ හැදි 1 ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • කංකුන් වල මෝරපු දඬු සහ මුල් ඉවත් කර හොඳින් සුද්ද කර ගෙන සෝදා පිරිසිදු කර වතුර බේරීමට තබා ගන්න.
  • දැන් තාච්චියක් හෝ සුදුසු භාජනයක් ගෙන එයට තෙල් දමා ටිකක් වැඩි ගින්දරේ ලිප තබන්න.
  • තෙල් රත් වූ පසුව එයට අඹරා ගත් සුදුලූණු එකතු කර ගෙන යන්තමින් බැද ගන්න.
  • පසුව එයට ලියා ගත් රට ලූණු, අමු මිරිස් සහ උම්බලකඩ ටික එකතු කර ටිකක් බැදෙන්න හරින්න.
  • ඉන් පසුව එයට තක්කාලි ටික හා රස අනුව ලුණු එකතු කර විනාඩි 2 - 3ක් පමණ පිස ගන්න.
  • දැන් එයටම කංකුන් ටික එකතු කර විනාඩියක් පමණ පිස ගන්න.
  • ඊළඟට ගින්දර ටිකක් අඩු කර එයටම කෑලි මිරිස් එකතු කර තවත් විනාඩියක් පමණ පිස ගන්න.
  • අවසානයට සෝයා සෝස් ටික ද මෙයට මිශ්‍ර කර තවත් තත්පර 30ක් පමණ පිස ගෙන ලිපෙන් බා ගන්න.
  • මෙය ලිපෙන් බා ගත් ගමන් රස විදින්න.
 
 මේ හදනගමන්. මේක හදන්න ගොඩක් වෙලා ගන්න එපා. ගොඩක් වෙලා ගත්තොත් පැහැය එහෙම වෙනස් වෙන්න පුලුවන්.
 
 මේ තියෙන්නෙ හදලා ඉවර වුනහම
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment