About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chow Chow Curry - චව් චව් ව්‍යාංජනය

අද ඔයාලට ගේන්නේ රසම රස, ඒ වගේම හදා ගන්නත් ලේසි ව්‍යංජනයක්. හැබැයි මේ හදන දේ මොනවද කියල කවදාවත් දැකල…
Chow Chow Curry - චව් චව් ව්‍යාංජනය
අද ඔයාලට ගේන්නේ රසම රස, ඒ වගේම හදා ගන්නත් ලේසි ව්‍යංජනයක්. හැබැයි මේ හදන දේ මොනවද කියල කවදාවත් දැකලවත් අහලවත් නැති අයත් ඇති, ඒ වගේම මේවා දැකලා තිබුනට මොනවද කොහොම උයනවද කියලා නොදන්න අයත් ඇති. මේ ඉතින් වෙන මොනවත් නෙමෙයි චව් චව්, ටිකක් විකාර නමක් වගේ නේද? හැබැයි දැන් මේ චව් චව් ගොඩාක් තැන් වල විකුණන්න තියෙනවා මම දැකලා තියෙනවා. මේ වට්ටෝරුව ඇප් එකට දාන්න ප්‍රධාන හේතුවත් හැමතැනම ගන්න තිබුනට අපේ අය තාම මේ ගැන හරියට දන්නෙ නැති එක. මට එහෙම හිතුනේ ලඟදි දවසක එළවළු කඩේට ගිය වෙලාවේ එතන හිටපු කිහිප දෙනෙක්ම මේ චව් චව් අතට අරන් මොනවද දන්නේ නැහැ නේ කියලා ආපහු තියනවා දැකලා. ගොඩක් දුරට චව් චව් කැකිරි වගේ තමයි හදන්නේ, ඒ වගේම රසත්, එත් කැකිරි තරමටම දිය ගතියක් නැහැ චව් චව් වල. එහෙනම් ඉතින් ඔන්න දන්න නොදන්න ඔක්කොමලා අද ඉදන් චව් චව් හදලා බලන්නකෝ...


අවශ්‍ය දේවල්:
චව් චව් ව්‍යාංජනය සඳහා අවශ්‍ය දේවල් :
  • චව් චව් 500g
  • මිරිස් කුඩු තේ හැදි 1-2ක් පමණ
  • කහ කුඩු තේ හැදි ½ ක් පමණ
  • ගම්මිරිස් කුඩු තේ හැදි ¼ ක් පමණ
  • තුනපහ කුඩු තේ හැදි 1ක් පමණ
  • කරපිංචා
  • රම්පේ
  • කුඩාවට කපා ගත් සාමන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි ½ ක් පමණ
  • ලියා ගත් රතු ලූණු ගෙඩි 5-6ක් පමණ
  • කපා ගත් අමු මිරිස් කරල් 2ක් පමණ
  • කබලේ බැද ගත් උළුහාල් ඇට ස්වල්පයක්
  • කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
  • දිය කිරි අඬු කෝප්ප 2ක් පමණ
  • මිටි කිරි අඬු කොප්ප 1ක් පමණ
  • ලුණු (රස අනුව)

තෙම්පරාදුව සඳහා අවශ්‍ය දේවල්:
  • අබ ඇට ස්වල්පයක්
  • තෙල් ටිකක්
  • කෑලි වලට කඩා ගත් වියළි මිරිස් කරලක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම චව් චව් හොඳින් සෝදා ගෙන පොතු හැර ටිකක් කුඩා කැබලි කපා ගෙන භාජනයකට දමන්න.
  • එයටම කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා තුනපහ කුඩු දමා හොඳින් අත ගා ගන්න.
  • පසුව එයට රතු ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, උළුහාල් ඇට, කුරුඳු පොතු කැබැල්ල, තක්කාලි සහ දිය කිරි දමා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිප තියන්න.
  • හොද්ද නටා ගෙන එන විට එයට රස අනුව ලුණු එකතු කර ගෙන චව් චව් තැම්බෙන තුරු විටින් විට හැදි ගාමින් පිස ගන්න.
  • චව් චව් හොඳින් තැම්බුනු පසුව එයට මිටි කිරි ටික ද එකතු කර කිරි නටන තෙක් හොඳින් හැදි ගාමින් පිස ගෙන ලිපෙන් බා ගන්න.
  • දැන් වෙනත් සුදුසු භාජනයක් හෝ තාච්චියක් ලිප තබා ගෙන එයට තෙල් ටිකක් දා ගෙන රත් වීමට ලිප තබන්න.
  • තෙල් රත් වී ගෙන එන විට එයට අබ ඇට ටික හා කෑලි වලට කඩා ගත් වියළි මිරිස් එකතු කර පියනකින් වසා ගෙන අබ පුපුරන තෙක් බැදෙන්න හරින්න.
  • අබ පිපිරුන පසුව එය චව් චව් ව්‍යාංජනය උඩින් වක් කර කලවම් කර ගන්න.

වැදගත්:
  • තෙල් දමා තෙම්පරාදු කිරීම සෞඛයට අහිත කරයි වගේ හිතෙනවා නම් තෙම්පරාදු නොකර, චව් චව් ව්‍යාංජනය ලිපෙන් බා ගත්ත ගමන් කුඩු අබ කුඩු ස්වල්පයක් ව්‍යාංජනයට ඉස ගන්න පුළුවන්.

 මේ තියෙන්නේ චව් චව් තමයි..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment