About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Diplomat Pudding - ඩිප්ලොමැට් පුඩිං

ඔන්න අපිට තවත් අලුත්ම අලුත් යාලුවෙක් ඇවිල්ලා. අපේ අලුත් මිතුරියගෙ නම තමයි දුලන්ජනී. දුලන්ජනී මිතුරි…
Diplomat Pudding - ඩිප්ලොමැට් පුඩිං
ඔන්න අපිට තවත් අලුත්ම අලුත් යාලුවෙක් ඇවිල්ලා. අපේ අලුත් මිතුරියගෙ නම තමයි දුලන්ජනී. දුලන්ජනී මිතුරිය ගල්ලෙලු. දුලන්ජනී මිතුරිය ඇප් එක බලලා කෑම හදන්න පුරුදු වෙලා දැන් අපේ මිතුරියට එයාගෙ මහත්තයා කියන්නෙ මිස් ඉවුම් පිහුම් කියලලු. ඔන්න දැන් අපේ මිතුරිය කියලා දෙන්න යන්නෙ "ඩිප්ලොමැට් පුඩිං" කියලා පුඩිමක් හදාගන්න විදිහ. ඔන්න බලන්නකෝ එහෙනම් එයාගෙ වචන වලින්ම මේක හදන විදිහ.

"මන් මේ කියන්න යන්නෙ අලුත් කෑමක් ගැන, මට මේක ලබුනෙ රෙසිපි පොතකින්. මේකේ නම ඩිප්ලොමැට් පුඩිම. වැඩ් දෙයක් ඕන වෙන්නෙත් නෑ, හැබැයි හරිම රසයි හදන්නත් අමාරු නෑ."

අවශ්‍ය දේවල්:
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (උකු කළ ටින් කිරි පොඩි ටින් 1 / මිල්ක්මේඩ් පොඩි 390g ටින් එකක්)
  • එම ටින් එකෙන්ම වතුර 1
  • බිත්තර 4
  • වැනිලා තේ හැදි 1
  • බටර් කේක් 250g
  • සීනි 50g
  • කජු 50g
  • රටඉඳි 50g
  • වියළි පළතුරු 50g

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ටින් කිරි, වතුර, සීනි ටික හොඳින් මිශ්‍ර කර ගන්න.
  • ඊට පස්සෙ වෙන භාජනයක් අරගෙන එකට බිත්තර 4 දාල ටිකක් ගසාගන්න.(ටිකක් ගසා ගත්තම ඇති.)
  • ඊට පස්සෙ ඒක කිරි මිශ්‍රණයට එකතු කරලා, වැනිල තේ හැදි 1 එකතු කරගන්න.
  • ඊට පස්සෙ ගන්න බටර් කේක් එක. ඒක පොඩි කොටු වලට කපා ගන්න. (ගොඩක්ම පොඩියට නෙවෙයි)
  • කජු, රටඉඳි පොඩියට කපා ගන්න. (රටඉඳි වල ඇට ඉවත් කරන්න අමතක කරනවා එහෙම නෙමෙයි.)
  • පස්සෙ බේකින් තැටිය (Baking tray) අරගෙන කේක්, කජු, රටඉඳි හැම තැනටම හොඳින් විසිරෙන සේ පිළියෙල කර අසුර ගන්න.
  • ඊට පස්සෙ අර කලින් හදාගත්තු කිරි, බිත්තර මිශ්‍රණය ඊට උඩින් දාගෙන ඉවර වෙලා 180c° (356°F) උෂ්ණත්වයේ මිනිත්තු 45-50ක් පමණ බේක් කරගන්න. එච්චරයි. හරිම ලේසි ඔයාලත් හදල බලන්නකෝ...
 මේ තියෙන්නෙ අපි හදපු රසම රස පුඩිම.
 
ඔන්න මගෙනුත් චූටි දෙයක්:
  • ඔයාලට පුළුවන් මේ පුඩිං එකට වියළි මිදි (මුද්දරස්පලම්), ආමන්ඩ් (Almonds), චෙරි (Cherry) වගේ දේවලුත් එකතු කර ගන්න.
 
 
 
 

ලිපිය ලිව්වේ අපේ අලුත් මිතුරිය චම්පා දුලන්ජනී විසින්. ඇය මේ රෙසිපි එක බලාගෙන තියෙන්නෙ රෙසිපි පොතකින්. ඉතිං අපි වෙනුවෙන් මහන්සිවෙලා ටයිප් කරලා මේක අපි හැමෝටම දැනගන්න එයා කියලා දුන්නට එයාට අපි හැමෝම ස්තුතිවන්ත විය යුතුයි නේද? එහෙනම් අපේ දුලන්ජනී මිතුරියට බොහොම ස්තූතියි! දුලන්ජනී මිතුරිය ආයෙත් රස කෑමක් අරන් එන්නම් කිව්වා. ඔන්න අපි හැමෝම බලාගෙන ඉන්නවා දුලන්ජනී මිතුරියගෙ මීලග රසම රස ආහාර වට්ටෝරුව ලැබෙනකන් නේද?
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment