About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Wood Apple Pudding - දිවුල් පුඩින්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස දිවුල් පුඩිමක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා…
Wood Apple Pudding - දිවුල් පුඩින්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස දිවුල් පුඩිමක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:
  • හොදින් ඉදුනු දිවුල් ගෙඩියක්
  • පොල්කිරි 700ml
  • සීනි අවශ්‍ය තරම්
  • ලුනු ස්වල්පයක්
  • ජෙලටින් පුරවලා මේස හැදි 1ක්
  • නටවපු උනු වතුර ස්වල්පයක් (ජෙලටින් දිය කර ගැනිමට)
  • හීනියට කපා ගත් රෝස්ට් කර ගත් කජු ස්වල්පයක්
 
සාදාගන්නා ආකාරය:
  • සාමාන්‍ය විදියට දිවුල්, පොල්කිරි, සීනි, ලුනු දමා දිවුල් කිරි හදා ගන්න.
  • ඉන්පසු එය පුඩින් හදන භාජනයට දමා එයට නටන වතුරේ දිය කරගත් ජෙලටින් මිශ්‍ර කර ගන්න.
  • පසුව එය ශීතකරණයේ තබා පුඩින් එක සෙට් වු පසු කජු උඩින් ඉස ගන්න. පසුව කෑමට ගන්න.
  • චුට්ටක් ඇඹුල් වගේ නම් Ice cream ටිකකුත් එකතු කර ගන්න. එතකොට තවත් රසයි!

 මේ තියෙන්නෙ ෆ්‍රිජ් එකේ තියලා එලියට ඇරන් කජු එහෙම දැම්මට පස්සෙ

හරිම රසයි මේක. ඔයාලත් හදලා බලන්නකෝ. දිවුලුයි ජෙලටිනුයි තමයි ටිකක් හොයා ගන්න ඕන දේකට තියෙන්නෙ.







ලිපිය ලිව්වේ: Nimantha N Nilupuli විසිණි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment