About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Watalappan - සීනි වලින් වටලප්පන්

පිටරටවල ඉන්න අයට කිතුල් හකුරු හොයා ගන්න නෑනේ. ඉතින් දුඹුරු පාට සීනි වලින් වටලප්පන් හදලා බලමු. මුලින…
Watalappan - සීනි වලින් වටලප්පන්
පිටරටවල ඉන්න අයට කිතුල් හකුරු හොයා ගන්න නෑනේ. ඉතින් දුඹුරු පාට සීනි වලින් වටලප්පන් හදලා බලමු. මුලින්ම කියන්න ඕන සීනි වලින් හැදුවාම ලස්සන දුඹුරු පාටක් එනවා අඩුයි. ඉතින් කවුරුත් එහෙම කන්න ආස නෑනේ. දුඹුරු පාට වර්ණක දැම්මාට හරි යන්නත් නෑ. ඒ නිසා පොඩි හොර ක්‍රම (හොර ක්‍රම කිව්වට tricks ට්‍රික්ස්) ටිකක් දාලා ලස්සන රස වටලප්පන් එකක් හදන්න කියලා දෙන්නම්. මේ විදියට හැදුවාම වටලප්පන් එක හදපු බාජනයේ සංග්‍රහ කරන්නේ නැතිව වෙන දීසියකට අනිත් පැත්ත හරවා දමා ගන්න ඕන. වැදගත්ම දේ තමයි මේක අමුත්තන්ට සංග්‍රහ කරන්න හදන්න කලින් වෙන වෙලාවක හදලා බලන්න. එතකොට අඩුපාඩු වැරදි නිවැරදි කරගන්න පුලුවන්. එහෙනම් හදන්න පටන් ගමු. 


අවශ්‍ය දේවල්:
  • කලු සීනි (Dark Brown Sugar) 225g (මම ගත්තු සීනි වර්ගය Photo එකක් දාලා තියෙනවා. ඒක නැතිනම් වෙනත් දුඹුරු පාට සීනි වර්ගයක් ගන්න.)
  • Black treacle තේ හැඳි 1 (මේකෙන් හකුරු රස ලැබෙනවා. පාටක් ටිකක් වැඩි වෙනවා. ඒත් නොදැම්මට කමක් නෑ)
  • උකු පොල් කිරි 160ml (ප්‍රෙෂ් මිල්ක් වුණත් කමක් නෑ. විපින් ක්‍රීම් සහ ප්‍රෙෂ් මිල්ක් මිශ්‍රණයක් දැම්මමත් ගොඩක් රසයි)
  • බිත්තර 4
  • ලාවට රෝස්ට් කල කජු ටිකක්
  • සුවඳ කුඩු ටිකක් (එනසාල්, කරදමුංගු, වසාවාසි ටිකක් කුඩු කර ගන්න)
  • තව්ව කැරමල් එකට ඕනෑම පාටක සීනී මේස හැඳි 4 සහ වතුර තේ හැඳි 1ක් ඕන. (මේක කැරමල් එකට විතරයි. වටලප්පන් හදන්න ගන් නෑ.)

සාදාගන්නා ආකාරය:
මුලින්ම කැරමල් එක හදමු: (නොදන්න අය කැරමල් කියන්නෙ සීනි උණු කරලා හදාගන්න පැණි වලට කියලා හිතා ගන්නකෝ)
  • ඕනෑම පාටක සීනී මේස හැඳි 4 සහ වතුර තේ හැඳි 1 බාජනයක දමා හැඳි ගාන්නේ නැතිව දුඹුරු පාට වන තුරු මඳ ගින්දරේ තබන්න.
  • සීනි දුඹුරු පාට විගෙන එන විට යාන්තමින් හැඳි ගාමින් අවශ්‍ය දුඹුරු පාට වන තුරු තබා ලිපෙන් බා ගන්න.
  • කැරමල් සාදා වටලප්පම දමන බාජනයේ පතුලේ සහ වටේ පතුරුවා ගන්න. මේකෙන් වටලප්පම ලස්සන පැණි දුඹුරු පාටක් වෙනවා. 

හරි ඔන්න දැන් හදමු එහෙනම් වටලප්පන්:
  • භාජනයක කිරි සහ සීනි දිය කරන්න. එය පෙරා ගන්න. සමහර සීනි වර්ග වල රොඩු, වැලි කැට තියෙනවා.
  • බිත්තර ටිකත් බීට් කර සීනි කිරි මිශ්‍රණයට එකතු කරගන්න.
  • කජුත් සුවඳ කුඩුත් එයට එකතු කර අවන් එකේ තියන්න පුලුවන් බාජනයක දමා ඇලුමිනියම් ෆොයිල් එකකින් (හෝ බේකින් ෂීට් එකකින් වසා නූලකින් ගැට ගසන්න) වසන්න.
  • මේ බඳුන එයට වඩා ලොකු තැටියක් ඇතුලේ තබා ලොකු තැටියට නටන වතුර අඟල් 1ක් පමණ උසට දමා 200°C විනාඩි 40-45 පමණ බේක් කරන්න. උඩින් ලා පාටට තිබුණට බය වෙන්න එපා.
  • වටලප්පම නිවුණු පසු පැය 2 පමණ ශීතතරණයේ තබන්න.
  • වටලප්පම වටෙන් පිහියකින් බුරුල් කර සංග්‍රහ කරන දීසියට අනිත් පැත්ත හරවා දමන්න. දැන් ලස්සන දුඹුරු පාටට තියෙනවා.
  • මෙය කෑලි කපා සංග්‍රහ කරන්න පුලුවන්. මේ ප්‍රමාණය 6-8 දෙනෙකුට පමණ ප්‍රමාණවත්.

 ඔන්න අපිනම් හදලා ඉවරයි. හරිම රසයි! සංග්‍රහ කරන්න කලින් මේ වගේ කජු වලින් සරසා ගන්නත් අමතක කරන්න එපා.
 ඔන්න කෑල්ලකුත් කැපුවා.. මේ කෑල්ලනම් මට තනියෙන් කන්න මදි වගේද මන්දා :(

මේ තියෙන්නෙ කලු සීනි (Dark Brown Sugar). මේවම ඕන නෑ. නැතිනම් වෙන දුඹුරු පාට සීනි වර්ගයක් ගන්න.

මේ තියෙන්නෙ Black treacle. මේව නොදැම්මට කමක් නෑ.






ලිපිය ලිව්වේ: Indunee Welivita මහත්මිය. මං තව චුට්ටක් එහෙන් මෙහෙන් කෑලි ටිකක් එකතු කරා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment