About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Prawns Masala Rice - ඉස්සො මසාලා රයිස්

රසම රස බත් එකක්. කාලෙකින් වෙනසකට දෙයක් හැදුවෙ නැති නිසා හැමදාමත් වගේ ගූගල් අයියට වද දීල වද දීල රෙසි…
Prawns Masala Rice - ඉස්සො මසාලා රයිස්
රසම රස බත් එකක්. කාලෙකින් වෙනසකට දෙයක් හැදුවෙ නැති නිසා හැමදාමත් වගේ ගූගල් අයියට වද දීල වද දීල රෙසිපියක් හොයාගත්තා. හොයාගෙන මට ඕන ඒවත් දාලා හදාගත්තා. හදමුද?

අවශ්‍ය දේවල්:
  • හාල් කප් 2කින් උයාගත් බාස්මතී බත්
  • නැට්ට හිටින්න පිට පලල සුද්ද කරගත් ඉස්සො 250 (ඉස්සාගේ වලිගය කොටස ඉතුරු වෙන්න අනිත් කොටසේ පොතු ගලවන්න. නැට්ට=වලිගය. ඉස්සාගේ ඔලුවේ සිට ඇගට යන බඩවැලක් වැනි කොටසක් තියෙනවා කළු පාටට, ඒක අයින් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඉස්සාගේ පිට පොඩ්ඩක් පැලීම.)
  • චොප් කරගත්තු ලූනු ගෙඩියක් (මධ්‍යම ප්‍රමාණයේ)
  • චොප් කරගත් අමුමිරිස් කරලක්
  • චොප් කරගත් තක්කාලි
  • තලාගත් ඉඟුරු සුදු ලූනු මේස හැන්දක්
  • යෝගට් පුරවල මේස හැන්දක්
  • හීනියට ලියාගත්ත කොත්තමල්ලි කොල මේස හැන්දක්
  • ගරම් මසාල තේ හැඳි 1
  • මිරිස් කුඩු සැර අනුව
  • කහ චුට්ටක්
  • සූදුරු ඇට තේ හැඳි 1/4
  • අබ ඇට තේ හැඳි 1/4
  • බේ ලීව්ස් එකක්
  • ලුණු
  • ගී මේස හැඳි 3ක් (ගී නැත්නම් බටර් ගන්න තෙල් තේ හැන්දකුත් එක්ක)

සාදාගන්නා ආකාරය:
  • ගී ටික රත්වෙන්න තියල ඒකට ලූනු සුදු ලූනු ටික දාල තෙම්පරාදු කරගන්න.
  • ලූනු ටික විනිවිද පේන ගාණට අවම ඒකට අබ, සූදුරු, ගරම් මසාල, මිරිස්, කහ සහ ලුණු දාල කලවම් කරන් ඉස්සො ටික එකතු කරගන්න.
  • ඉස්සො ටික පාට වෙනස් වෙනකම් කලවම් කර කර තෙම්පරාදු කරගන්න. මේ ටික ගින්දර සාමාන්‍ය ගාණට තියාගෙන කරන්න. වැඩි කරගන්න එපා ලූනු කර උනොත් රස අවුල්වෙයි හොඳේ.
  • ඒකටම බේ ලීෆ්, තක්කාලි, අමු මිරිස් එක්ක යෝගට් දාගෙන කලවම් කරන් වතුර මේස හැඳි 2ක් දාල අඩු ගින්දරේ ටික වෙලාවක් උතුරව ගන්න. දැන් ගින්දර පෝඩ්ඩක් වැඩි කරගත්තට කමක් නෑ.
  • උතුරන කොට කොත්තමල්ලි කොල ටික එකතු කරල උයාගත්ත බත් ටිකත් ඒකටම එකතු කරල හොඳට මික්ස් කරගන්න.
  • තෙත ගතිය යන්තම් තියෙද්දි ලිප නිවාගන්න. එච්චරයි.

වැදගත්:
  • මං මේකට රායිතා එකයි බිත්තරයි තමා හදාගත්තෙ. මින්චි සම්බෝලෙත් ගැලපෙනව. අන්නාසි පෙත්තකුත් තිබ්බ නම් සුපිරි මෙනූ එකක්. කජු තියෙනම් කජුත් දාගන්න. මට දාන්න කජු ගෙදර තිබ්බෙ නෑ. කැමති කෙනෙක්ට මේ දේවලුත් එක්ක හදල රෝස්ට් චිකන් එක්ක විශේෂ වෙලාවක උනත් හදාගන්න පුළුවන් කියන්න තරම් මේ බත් එක රසයි!
 ඔන්න හරි. පිලිගන්වද්දී පොඩ්ඩක් සරසා ගන්නත් අමතක කරන්න එපා.
 
රයිතා එක මෙහෙම ක්‍රම දෙකකට හදන්න පුලුවන්,
  1. මී කිරි වලට ලූනු, අමු මිරිස්, තක්කාලි, පොඩියට චොප් කරලා ඒකටම ලුනු ටිකක කලවම් කරලා හදන්න පුලුවන්.
  2. යෝගට් වලටත් ඔය ටිකම දාලා දෙහි ඇඹුල් ටිකක් කලවම් කරලා හදාගන්න පුලුවන්. මං හැදුවේ යෝගට් වලින්.






ලිපිය ලිව්වේ: Wishmi විසිණි.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment