About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Watermelon Cookies - වොටර් මෙලන් කුකීස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පැණිකොමඩු කෑලි වගේ තියෙන වොටර් මෙලන් කුකීස් හදාගන්න විදිහ. මේක හදන්න ක්…
Watermelon Cookies - වොටර් මෙලන් කුකීස්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පැණිකොමඩු කෑලි වගේ තියෙන වොටර් මෙලන් කුකීස් හදාගන්න විදිහ. මේක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. දැන් කියලා දෙන්න යන්නෙ මම වොටර් මෙලන් කුකීස් හදාගත්ත ලේසිම ක්‍රමේ. ලොකු දෙයක් නෑ. ලේසියි පහසුයි!

අවශ්‍ය දේවල්:
  • පිටි 200 ග්රෑම්
  • බටර් 100 ග්රෑම් (බටර් කාමර උෂ්ණත්වයේ තියෙන ඒවා විය යුතුයි )
  • අයිසින් ෂුගර් 50 ග්රෑම් (වොටර් මෙලන් කුකීස් හදදී නම් අයිසින් ෂුගර් නැතුව මම සීනී බ්ලෙන්ඩ් කරලා ගත්තේ හොදට.රසයේ වෙනසක් නෑ)
  • වැනිලා තේ හැදි 2යි

සාදාගන්නා ආකාරය:
  • ඉහත දේවල් ඔක්කොම එක් කරලා හොදට අනලා අතේ ඇලෙන්නේ නැති ගාන බෝලයක් හදා ගන්න.
  • හදාගත්ත පිටි බොලේ 2/3ක් හා 1/3ක් වෙන්න බෙදා ගෙන වැඩි පංගුවට රතු පාට දාන්න. ඊටපස්සෙ ඒ හදාගත්ත බෝලෙ තෙල් කොලයක් උඩ සිලින්ඩර හැඩයක් එන්න තුනී කරලා හදාගෙන ටොෆි එකක් ආකාරයට තදට ගැට ගහලා ඩීප් ෆ්රීසර් එකේ දාන්න. (ෆ්‍රිජ් එකේ උඩ කොටසෙ, අර අපි අයිස්ක්‍රීම් එහෙම දාන්නෙ. අන්න එතනට දාන්න කියලා කියන්නෙ)
  • ඊලගට අනිත් කොටසට කොල පාට දාලා රතු කොටස කවර් කරන්න ඇති ගානට තුනී කර ගන්න. දැන් ඩීප් ෆ්රීසර් එකේ දැම්ම රතු කොටස ගමු. විනාඩි 5ක් තිබුනා නම් ඇති.
  • දැන් කොල පාට කොටස මැදට රතු කොටස තියලා හොදට ඔතා ගන්න. ආයෙම තෙල් කඩදාසියෙන් තදට ගැට ගහගන්න.(කොළ හා රතු මැදින් තව සුදු ලේයර් එකක් එන්න ඕන. ඒක ගොඩක් තුනියට ගන්න ඕන. රෝල් කරද්දි තැනින් තැන කැඩිලා නීට් එකට එන්නේ නෑ. ඒ නිසා මම ඒ ලේයර් එක දැම්මේ නෑ. ඔයලා කැමති නම් ඒ ලේයර් එකත් දාගන්න. එතකොට තමයි මේක ගොඩක්ම ලස්සන)
  • ඉන්පසු ඒක හොදට හයි වෙන්න ඕන නිස රැයක් ෆ්රිජ් එකේ තියා ගන්න.
  • උදෑසන ෆ්‍රිජ් එකෙන් ඒක එලියට ඇරගෙන ගොඩක් මහතට නැතුව තීරු කපාගෙන ඒවා දෙකට කපන්න.
  • ඊට පස්සේ ටූත් පික් එකකින් චොකලට් සිරප් ඩොට් තියාගන්න. (ගොඩක් ලොකු බෝල තියාගන්න එපා. බේක් වෙද්දි ඒවා ස්පෑන් වෙනවා)
  • බටර් තවරපු තෙල් කඩදාසියක තියලා 180 උෂ්ණත්වයට විනාඩි 10ක් විතර බේක් කරගන්න. වෙලාව නම් අවන් එක අනුව වෙනස් වෙයි. හරියට බේක් වෙන වෙලාව අදුර ගන්න පුලුවන් ගේ පුරාම බිස්කට් සුවද පැතිරෙනකොට. දැන් ඉතින් උණු උණුවේම කන්න පුලුවන්.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 රතු පාට පිටි ගුලිය මේ වගේ හැඩේට හදාගෙන ෆ්‍රිජ් එකෙන් ගත්තට පස්සෙ තමයි මේ
 
 කොල පාට පිටි ගුලිය රතු කොටස කවර් කරන්න ඇති ගානට තුනී කර ගන්න මේ වගේ.
 
 දැන් කොල පාට කොටස මැදට රතු කොටස තියලා හොදට ඔතා ගන්න මේ වගේ.
 
 මේ තියෙන්නෙ ඒක ෆ්‍රිජ් එකේ තියන්න කලින්. ඊට ෆ්‍රිජ් එකේ තියලා එලියට ඇරන් කෑලි කපාගෙන චොකලට් සිරප් ඩොට් තියාගන්න තමයි තියෙන්නෙ. අන්තිමට බේක් කරගන්න.
 
 
 
 
 
 
 
ලිපිය ලිව්වේ: Oshadini Ruwanthika විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment