About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tomato curry - තක්කාලි හොද්ද

හදමුද තක්කාලි හොද්දක්? ඉදිආප්ප, පාන් එක්ක එහෙම කන්න කියාපු දේ. අවශ්‍ය දේවල්: හොඳින් ඉදුනු තක්කාලි සාම…
Tomato curry - තක්කාලි හොද්ද
හදමුද තක්කාලි හොද්දක්? ඉදිආප්ප, පාන් එක්ක එහෙම කන්න කියාපු දේ.

අවශ්‍ය දේවල්:
  • හොඳින් ඉදුනු තක්කාලි සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි 2-3
  • රට ලූණු ගෙඩි ½ පමණ
  • අමු මිරිස් කරල් 1
  • සුදු ළූනු බික් 4-5
  • ඉඟුරු කැබැල්ලක්
  • උකු පොල් කිරි කෝප්ප 1
  • පොල් තෙල් ස්වල්පයක්
  • අබ තේ හැදි ½
  • සූදුරු තේ හැදි ½
  • මාදුරු තේ හැදි ½
  • වියළි මිරිස් කරලක්
  • කරාබු නැටි 3
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • මිරිස් කුඩු තේ හැදි 1
  • තුන්පහ කුඩු තේ හැදි 1 ½
  • ගම්මිරිස් කුඩු තේ හැදි ½
  • කහ කුඩු තේ හැදි ½ කට ටිකක් අඩුවෙන්
  • ලුණු (රස අනුව)
  • සීනි තේ හැදි ¼ කට වඩා අඩු ප්‍රමාණයක්

සාදා ගන්නා ආකාරය:
  • තක්කාලි ගෙන කොටුවට කපා ගන්න.
  • ලූණු, අමු මිරිස් හා සුදුළූනු ලියා ගන්න.
  • ඉඟුරු කැබැල්ල තලා ගන්න.
  • භාජනයක් ලිප තබා එයට තෙල් දමා ගෙන තෙල් රත් වන විට අබ, සූදුරු හා මාදුරු දමා ගන්න.
  • විනාඩියක් පමණ ගිය පසු එයට වියළි මිරිස් කරලක් දෙකට කඩා ගෙන එක් කරන්න.
  • දැන් කරාබු නැටි සහ කුරුඳු පොතු කැබැල්ල එයටම එක් කර ගන්න.
  • එය විනාඩි 2-3ක් බැදුනු පසුව ඉඟුරු හා සුදුළූනු එක් කර කවලම් කරන්න.
  • තවත් විනාඩි 2-3 කින් එයට ලූණු සහ අමු මිරිස් එකතු කරන්න.
  • දැන් සියල්ල හොඳින් කවලම් කර රන්වන් පාට වන ඒට කපා ගත් තක්කාලි ටික එකතු කරන්න.
  • දැන් එයට මිරිස් කුඩු, තුන්පහ කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු සහ රස අනුව ලුණු දමා ගෙන සාමාන්‍ය ගින්දරේ තක්කාලි වල උනන වතුරින්ම තැම්බෙන්න ඉඩ හරින්න.
  • විනාඩි 15 ක් පමණ යන විට තක්කාලි හොඳින් තැම්බී වතුර ගතිය හිදී තිබෙන විට එහි ලුණු ඇඹුල් ගතිය රස බලා පරීක්ෂා කරන්න.
  • ඇඹුල් ගතිය වැඩියි නම් සීනි තේ හැදි කාලකටත් වඩා අඩු ප්‍රමාණයක් එක්කර කවලම් කර ගන්න, අවශ්‍ය නම් සීනි එක් නොකර සිටින්න.
  • ළුණු රස අඩු නම් තව ලුණු ස්වල්පයක් දමා ගන්න.
  • දැන් හැන්දෙන්ම තැම්බුනු තක්කාලි ටික මදක් පොඩි/චොප් කර ගන්න.
  • අවසානයේ දී පොල් කිරි එක් කර උතුරන විට ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • ඉදියාප්ප සහ පාන් සඳහා රසවත් හොද්දකි.
  • බත් සඳහ යොදා ගන්නවා නම් හොද්ද බස්සවා ගෙන හින්දවා ගන්න.







ලිපිය ලිව්වේ: Nilusha Dilrukshi විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment