About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

White chocolate Fudge with Oreo - වයිට් චොකලට් ෆජ් විත් ඔරිඕ

ඔන්න කියලා දෙන්න යන්නෙ පොඩි රස කෑමක් හදාගන්න විදිහ. Dessert එකක්. සුදු චොකලට්, ටින් කිරි එහෙම පාවිච…
White chocolate Fudge with Oreo - වයිට් චොකලට් ෆජ් විත් ඔරිඕ
ඔන්න කියලා දෙන්න යන්නෙ පොඩි රස කෑමක් හදාගන්න විදිහ. Dessert එකක්. සුදු චොකලට්, ටින් කිරි එහෙම පාවිච්චි කරලා හදන නිසා තමයි මේක සුදු පාට.

අවශ්‍ය දේවල්:
  • ටින් කිරි කෑන් (condensed milk can) 1 - 397ml
  • වයිට් චොකලට් (white chocolate) - 400g
  • ඔරිඕ කුකීස් (Oreo cookies) 6

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම වයිට් චොකලට් කුඩා කැබලි වලට කඩා ගන්න.
  • පසුව ඔරිඕ කුකීස් ටික ගෙන පොඩි කර පසෙකින් තබා ගන්න.
  • දැන් නොන්ස්ටික් පෑන් (nonstick pan) 1ක් ගෙන එයට කඩා ගත් වයිට් චොකලට් කැබලි දමා ගන්න.
  • එයටම ටින් කිරි එක් කර ලිප තබා ගන්න.
  • මද ගින්නේ හොඳින් හැදි ගාමින් චොකලට් සියල්ල හොඳින් දිය වන තුරු මිශ්‍ර කර ගන්න.
  • දැන් පොඩි කර පසෙකින් තබා ගත් ඔරිඕ කුකීස් ටික, චොකලට් සහ ටින් කිරි මිශ්‍රණයට දමා ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.
  • පසුව බේකින් පෙපර් (Baking Paper) 1ක් හෝ තෙල් කඩදාසියක් දමා ගත් බේකින් ට්‍රේ (Baking Tray) 1ක් හෝ සුදුසු භාජනයක් ගෙන එයට මිශ්‍රණය දා ගන්න.
  • පැය 3ක් පමණ ශීතකරණයේ තබා ගෙන කෑලි වලට කපා ගෙන රස විදින්න.

වැදගත්:
  • ටින් කිරි කෑන් (Condensed Milk can), වයිට් චොකලට් (White Chocolate) සහ ඔරිඕ කුකීස් (Oreo Cookies) යන සියල්ල  ෆුඩ් සිටි (Food City), ආර්පිකො (Arpico) ආදී සුපිරි වෙළද සැල් (Super Markets) මඟින් ලබා ගත හැකිය.

 මේ තියෙන්නෙ මම හදපු ටික






 ලිපිය ලිව්වේ: Kalpana Hewa Kandamby මහත්මිය.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment