About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Bread Pudding - චොකලට් පාන් පුඩිං

පොටෝ එකෙන් පේන්නෙ නම් මේ තියෙන්නෙ හොදට තෙල් බේරිච්ච පොලොස් කරියක් වගේ නේද? නිකන් පොල් කෑලිත් පේනවා …
Chocolate Bread Pudding - චොකලට් පාන් පුඩිං
පොටෝ එකෙන් පේන්නෙ නම් මේ තියෙන්නෙ හොදට තෙල් බේරිච්ච පොලොස් කරියක් වගේ නේද? නිකන් පොල් කෑලිත් පේනවා වගේද? අම්මෝ.. පොඩ්ඩක් වත් එහෙම හිතන්න එපා. මේ තියෙන්නෙ හොදට චොකලට් දාලා හදාගත්ත පාන් පුඩිමක්. චොකලට් පුඩින් වල රස ගැන නම් ඉතිං කියන්න දෙයක් නැනෙ. හරිම රසයි මේක. බලන්නකෝ එහෙනම් හදන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:
  • මිල්ක් චොකලට් (Milk Chocolate) හෝ මිල්ක් කුකින් චොකලට් (Milk Cooking chocolate) 225g
  • වාටි ඉවත් කර ගත් පාන් 150g
  • හෙවි ක්‍රීම් (Heavy Cream) කප් 3/4
  • නැවුම් කිරි (Fresh Milk) කප් 3/4
  • වැනිලා (Vanilla) තේ හැදි 1
  • බිත්තර කහමද 3
  • සීනි කප් 1/3

සාදා ගන්නා ආකාරය:
  • භාජනයක් ගෙන එයට නැවුම් කිරි, හෙවි ක්‍රීම් සහ වැනිලා එක් කර හොඳින් බීට්(beat) කර ගන්න / ගසා ගන්න.
  • පසුව භාජනයක් ලිප තබා එයට හොඳින් ගසා ගත් නැවුම් කිරි, හෙවි ක්‍රීම් සහ වැනිලා මිශ්‍රණය එක් කර උතුරන්න ළං වන තුරු හැදි ගාමින් රත් කරන්න.
  • ඉතිරිමට ආසන්න වූ විට ලිපෙන් බා ගෙන එයට එයට කුඩා කැබලි වලට කඩා ගත් චොකලට් එක් කර හොඳින් දිය වන තුරු මිශ්‍ර කර ගන්න.
  • දැන් වෙනම බදුනකට බිත්තර කහමද සහ සීනි ක්‍රීම් වන තුරු හොඳින් බීට් කර එය කලින් මිශ්‍රණයටම හොඳින් මිශ්‍ර කර ගන්න.
  • දැන් අවන් එකට දැමිය හැකි කේක් තැටියක් වැනි බදුනකට පාන් අතුරා ගන්න.
  • අතුරා ගත් පාන් උඩට සාදා ගත් මිශ්‍රණය වක් කර ගෙන පාන් වලට එය හොඳින් උරා ගන්නා තෙක් විනාඩි 30ක් පමණ පසෙකින් තබන්න.
  • දැන් කළින් 180°C (360°F)ට රත් කර ගත් අවන් එකක විනාඩි 15-20 ක් පමණ බේක් කර ගන්න.
  • නිවුනු පසු ශීතකරණයේ තබා ගෙන ආහාරයට ගන්න.

වැදගත්:
  • හෙවි ක්‍රීම්, නැවුම් කිරි, කුකින් චොකලට්/ මිල්ක් කුකින් චොකලට්, ෆුඩ් සිටි (Food City) ආර්පිකො (Arpico) ආදී සුපිරි වෙළද සැල් (Super markets) මඟින් ලබා ගත හැකිය.

 හදලා ඉවර වෙලා ෆ්‍රිජ් එකේ තියලා ගත්තහම මේ වගේ තියෙයි. ඔන්න අපිනම් චුට්ටක් කෑවා. ඔයාලත් හදලා බලන්නකෝ. හරිම රසයි.









ලිපිය ලියන්න කරුණු බලා ගත්තේ Hemadama Aadaren on RanOne FM ෆේස්බුක් පිටුවේ දමා තිබූ පොටෝ එකකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment