About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Instant Bundi - ක්ෂණික බූන්දි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ යාලුවනේ මම බූන්දි හදමු විදිහ. මගේ මිතුරිය අනුෂාගේ රෙසිපි එකට මම හදපු පැ…
Instant Bundi - ක්ෂණික බූන්දි
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ යාලුවනේ මම බූන්දි හදමු විදිහ. මගේ මිතුරිය අනුෂාගේ රෙසිපි එකට මම හදපු පැණි බේරෙන බූන්දි. ඇයනම් මේක හදනකොට පිපෙන්නට තබා තිබුණා. මට හදලා රස බලන්න තිබ්බ හදිසියට මම පිපෙන්න තිබ්බෙ නෑ. නමුත් තෙලට දැම්මාම හොදට පිපිලා ආවා. ඒනිසාම මම ක්ෂණික බූන්දි කියලා නමකුත් දැම්මා. පැණි එකට දෙහි ඇඹුල් පොඩ්ඩක් දැම්මා. ඇය බූන්දි සාදනකොට පොල්කිරි දමා තිබුණා. මම පොල්කිරි දැම්මෙත් නැහැ. හදලා බලන්නකෝ ඔයලාත එහෙනම්. මේ මම හදපු විදිහ.

අවශ්‍ය දේවල්:
  • පාන් පිටි කෝප්පයක්
  • කඩල පිටි කෝප්ප භාගයක්
  • බේකින් පවුඩර් මේස හැන්දක්
  • කලරින් ටිකක්
  • වතුර
  • සීනි කෝප්පයක්
  • දෙහි යුෂ ටිකක්
  • තෙල්
සාදාගන්නා ආකාරය:
  • පාන් පිටි කෝප්පයක්, කඩල පිටි කෝප්ප භාගයක්, බේකින් පවුඩර් මේස හැන්දක් සහ කලරින් ටිකක් වැඩිපුර දාලා එකට කවලම් කර ඝනත් නොවන දියාරුත් නොවන මිශ්‍රණයක් ලෙස වතුර යොදා අනාගන්න.
  • සීනි කෝප්පයකට වතුර මේස හැදි දෙකක් දාලා අඩු ගින්දරෙ (ලා රස්නෙ) ලිපේ තියාගෙන බුබුළු දාන කොට දෙහි යුෂ ටිකක් දාගන්න. පැණි ගොඩාක් දියාරු උනාම හරි නෑ.
  • භාජනයකට පතුලෙ ඉදන් අගලක් පමණ වෙන්න තෙල් දාලා ලිපෙ තියාගන්න.
  • පයිපින් බෑග් එකකට සාදාගත් පිටි මිශ්‍රණය දාගන්න.
  • පයිපින් බෑග් එකේ යට ඉදලා සෙන්ටිමීටරයක් පමණ උඩින් කතුරෙන් කපලා ඉවත් කර සිදුරක් හදාගන්න.
  • දැන් රත් වූ තෙලට පයිපින් බෑග් එක ආධාරයෙන් අගලක් පමණ දිග කැබලි වශයෙන් මිශ්‍රණය දාන්න.(තෙල් අඩු ගින්දරෙ තිබිය යුතුයි.)
  • එක්කල කලරින් වල පැහැය වෙනස් වෙන්න නොදී තෙලෙන් ඉවත් කර පැණි එකට දාලා මිනිත්තු කිහිපයක් තබා ඉවත් කරගන්න.
 හදාගත්ත මිශ්‍රනය

පයිපින් බෑග් එකකට සාදාගත් පිටි මිශ්‍රණය දාගන්න ගමන්. ඊට පස්සෙ රත් කරපු තෙලට පයිපින් බෑග් එකෙන් අගලක් පමණ දිග කැබලි වශයෙන් මිශ්‍රණය දාගන්න තියෙන්නෙ. ඊට පස්සෙ පැණි වලට දාලා ගන්න තියෙන්නෙ.
මේ තියෙන්නෙ ඒ විදිහට හදාගත්ත බූන්දි







ලිපිය ලිව්වේ: Thilini Gayathri Muthunayaka මහත්මිය. ඇය මේක සාදා තිබුනෙ ඇගේ මිතුරිය Anusha Sandamaliගේ රෙසිපි එකට.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment