About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Paal Kolukattai - පාල් කොලුකට්ට

පාල් කොලුකට්ට කමුද? පාල් කොලුකට්ට කියන්නේ ඉන්දීයාවේ ගණදෙවියන්ගේ පූජාවට සාදන කෑම ජාතියක්! දැන් කියලා…
Paal Kolukattai - පාල් කොලුකට්ට
පාල් කොලුකට්ට කමුද? පාල් කොලුකට්ට කියන්නේ ඉන්දීයාවේ ගණදෙවියන්ගේ පූජාවට සාදන කෑම ජාතියක්! දැන් කියලා දෙන්න යන්නෙ මම පාල් කොලුකට්ට හදපු විදිහ.

මුලින්ම පිටි බෝල හදමු:
පිටි මිශ්‍රණය සාදාගැනීමට අවශ්‍ය දේවල්:
  • හාල්පිටි තේ කෝප්ප 2 ක් (මම ගත්තේ M.D.K. ඉදිආප්ප පිටි)
  • දියකිරි තේ කොප්ප 1 1/2 ක්
  • ලුණු තේ හැඳි 1/4 ක්
  • එළගි තෙල් තේ හැදි 4ක්
සාදාගන්නා ආකාරය:
  • අඩිය ඝන සාස්පානක් ගෙන එයට දියකිරි, ලුණු, දමා අඩු ගින්දරින් රත්වන විට එයට හාල්පිටි දමා කලවම් කරන්න. එයටම එළගි තෙල් තේහැදි 2ක්, එකතු කර කැටි නොගැසෙන අකාරයට කලම්කර ගන්න. (මිශ්‍රණය හරියට ඉදිආප්ප තැම්බීමට පිටි අනාගන්නා අකාරයට තිබිය යුතුයි)
  • ඉන්පසු එම මිශ්‍රණය වෙනම බදුනකට දමා ඉතුරු එළගි තෙල් දමා කලවම් කර චුටී චූටි බෝල සාදා ගන්න. (එළගී තෙල් දමා කලවම් කර චුටී බෝල සාදා ගන්නේ අතෙ පිටි මිශ්‍රණය ඇලීම වලකාලීමටයි)
  • එය දැන් එය පසෙකින් තබන්න.
දැන් කිරි මිශ්‍රනය සාදාගෙන හදාගත්ත පිටි බෝල ටික උයා ගමු:
කිරි මිශ්‍රණය සාදා ගැනීමට අවශ්‍ය දේවල්:
  • උකු පොල්කිරි තේ කෝප්ප 1 1/2 ක්
  • සීනි ග්‍රැම් 200 ක්
  • එනසාල් කුඩු තේහැදි 1/2
  • අවශ්‍ය නම් කහපාට කලරිං බිංදු 2ක් 3ක්
සාදාගන්නා ආකාරය:
  • සාස්පානක් ලිප තබා පොල්කිරි, සීනි, එනසාල්, කලරිං කලවම් කර උතුරන්න තබන්න.
  • උතුරන විට සාදා ගත් පිටි බෝල දමා අඩු ගින්දරින් කිරි හිදෙනකම් උයා ගන්න.
  • නිවුනු පසු ආහාරයට ගන්න.
 මේ තියෙන්නෙ ඒ විදිහට මම හදාගත්ත පාල් කොලුකට්ට
ලිපිය ලිව්වේ: Nazrina Hussain මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment