About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jaggery Soufflé - හකුරු සූෆ්ලේ

ඔයාලා හකුරු දන්නවා නේ. සූෆ්ලේ කියන්නේ පිටරට කෑමක්. ප්‍රංශ කෑමක් කියලා තමයි සූෆ්ලේ හදුන්වන්නෙ. මේවා …
Jaggery Soufflé - හකුරු සූෆ්ලේ
ඔයාලා හකුරු දන්නවා නේ. සූෆ්ලේ කියන්නේ පිටරට කෑමක්. ප්‍රංශ කෑමක් කියලා තමයි සූෆ්ලේ හදුන්වන්නෙ. මේවා බිත්තර පුළුන් වෙන්න බීට් කරලා හදන්නේ. මේක අතුරුපසක් විදිහට තමයි කෑමට ගන්නෙ. බලන්නකෝ එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:
  • කුඩු කරගත් හකුරු 300
  • නැවුම් කිරි (Fresh milk) 550ml
  • බිත්තර 3 (කහ මද හා සුදු මද වෙන වෙනම වෙන් කර ගන්න.)
  • ජෙලටින් කුඩු (Gelatin powder) තේ හැදි 4
  • වැනිලා (Vanilla) තේ හැදි 2

සාදා ගන්නා ආකාරය:
  • හකුරු, නැවුම් කිරි සහ බිත්තර කහමද 3 හොඳින් මිශ්‍ර කර ගෙන මද ගින්නේ නොනවත්වා හැදි ගාමින් යන්තමින් බුබුළු දමන තෙක් රත් කර ගන්න.
  • මිශ‍්‍රණය මෙලෙක් කස්ටඩ් එකක් විදියට පදම සෑදුනු විට ලිපෙන් බා ගන්න.
  • දැන් ජෙලටින් කුඩු ගෙන උණු වතුර අඬු කෝප්ප බාගයක දිය කර ගන්න.
  • ජෙලටින් හා වැනිලා හකුරු මිශ්‍රණයට එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගෙන නිවෙන්න තබන්න.
  • දැන් වෙනම භාජනයක් ගෙන බිත්තර සුදුමද දමා ගෙන පුළුන් මෙන් පෙන නගින තෙක් බීට් කර ගෙන හකුරු මිශ්‍රණයට එක් කර ගන්න.
  • දැන් සුදුසු භාජනයකට දමා ගෙන සෙට් වනතුරු ශීතකරණයේ තබා ගන්න.

වැදගත්:
  • සම්පූර්ණයෙන්ම හකුරු මිශ්‍රණය නිවුනු පසුව බීට් කර ගත් බිත්තර සුදු මද එක් කරන්න. නැතහොත් බිත්තර සුදුමද එක් කිරීමේදී කැටි ගැසීමට හැකිය.
  • පැය කිහිපයක් ශීතකරණයේ සෙට් වන තුරු තබා ගත යුතුය.
 මේ තියෙන්නෙ මම ගත්ත දේවල්






ලිපිය ලිව්වේ: Sugandhi Kanchana මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment