About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Caramel Pudding Without Eggs - බිත්තර රහිත කැරමල් පුඩිං

ඔන්න ඉතින් නිර්මාංශ අයට නැත්තම් බිත්තර නොකන අයට කැරමල් පුඩිං එකක් හදා ගන්න විදිහ තමයි මේ. තව දෙයක්,…
Caramel Pudding Without Eggs - බිත්තර රහිත කැරමල් පුඩිං
ඔන්න ඉතින් නිර්මාංශ අයට නැත්තම් බිත්තර නොකන අයට කැරමල් පුඩිං එකක් හදා ගන්න විදිහ තමයි මේ. තව දෙයක්, මේක හදන්න අවන් එකක් ඕනෙත් නෑ. ඔන්න අපේ "ඉවුම් පිහුම්" ඇප් එක බලන ගෙදර අවන් එකක් නැති අපේ යාලුවන්ටත් මේක සුබ ආරන්චියක්. තවත් බල බල ඉන්නේ නැතුව පටන් ගමු එහෙනම්.

කැරමල් සඳහා අවශ්‍ය දේවල්:
  • සීනි අඬු කෝප්ප 1/4 පමණ
  • වතුර ටිකක්
  • සුදුසු භාජන 2ක් (එකක් කැරමල් සකස් කිරීමට භාජනයක් සහ අනික ස්ටීම් කළ හැකි පුඩිං එක තම්බා ගැනීමට යොදා ගන්නා භාජනයක්)
  • බටර් ස්වල්පයක් (ස්ටීම් කරන භාජනයේ තවරා ගැනීමට)

පුඩිං එක සඳහා අවශ්‍ය දේවල්:
  • කෝන් ෆ්ලවර් (Corn flour) මේස හැදි 2
  • වැනිලා (Vanilla) තේ හැදි 1
  • නැවුම් කිරි (Fresh milk) අඬු කෝප්ප 3/4
  • යෝගට් (Yogurt) කප් 3/4
  • ටින් කිරි (Condensed milk) පොඩි ටින් එකෙන් 3/4 (Milkmaid)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම සීනි කෝප්ප කාලෙන් සීනි ටිකක් භාජනයකට දමා ගෙන අඩු ගින්දරේ ලිප තබන්න.
  • එය දුඹුරු පැහැ වන විට ඉතිරි සිනි ටික හා වතුර ස්වල්පයක් ද එක් කරන්න.
  • සීනි සියල්ල හොඳින් දිය වී රන්වන් දුඹුරු (Golden brown) පැහැ වූ විට ලිපෙන් බා ගන්න.
  • දැන් ස්ටීම් (Steam) කළ හැකි කැරමල් පුඩිං එක සකස් කිරීමට යොදා ගන්නා සුදුසු භාජනක් ගෙන එහි බටර් ස්වල්පයක් ගා ගන්න.
  • පසුව එහි කැරමල් හොඳින් තවරා ගන්න.
  • දැන් පුඩිං වට්ටෝරුවේ සඳහන් ඉතිරි සියල්ල හොඳින් මිශ්‍ර කර ගෙන කැරමල් තවරා ගත් භාජනයට සකස් කර ගත් පුඩිං මිශ්‍රණය දමා ගන්න.
  • දැන් විනාඩි 25-30ක් පමණ වාෂ්පයෙන් තම්බා ගන්න/ ස්ටීම් (steam) කර ගන්න.
 හදලා ඉවර වුනහම තමයි මේ

කෑලි කපලා එහෙම ඊට පස්සෙ ඉතිං පිලිගන්වන්න තමයි තියෙන්නෙ. හදන්න ඕන කරන බඩු ටික හොයාගන්න තියෙනවනම් හදලා බලන්න ඔයාලත්. හරිම ලේසියිනෙ හදන්න.










ලිපිය ලිව්වේ: Lakshi Ganewatta මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment